හදවතට කතා කළ සංගීතෙන්
දුක තුනී වෙන්නෙ තව මත් වීමෙන්
දෙසවන පිනවීමෙන්,
දුක අමතක වීමෙන්,
හීනෙක තනි විමෙන්,
ගැළවෙන්න වේදනාවෙන්,
ඇවිලෙන හිත පැත්තක තියල නවත්තපු තැනින් ආයෙත් පටන්ගන්න ඇයි බලන් ඉන්නෙ තව දුක් වීමෙන්
අපි දුන්නා සින්දු මත්වෙන්න කන්වලට
තාම ඇහෙන්නෙ ඒ සද්දෙ හිත්වලම
රැඳිල නොමැකෙන ලෙසම තවම මැරෙන දවසක ඇති සතුට හිත්තුලම
සරල ජීවිතේ…
හීනවලට ණයගැතියි මම ජීවත් කරවනවට මාව
ලස්සන දවසක් එයි ළගදිම
පෙර පින් පල දීම…
හිඩැසකි මනසට වදය දැනිලා රැවටුණා කලෙකදි රස මිදි වැලක පැටලී මම තනි ගමනක වැටී වෙනස වැටහී නැවතුණා එක තැනකදි… ආහ්..
දුර ගමනක අපි තාම…
මහන්සි නෑ තාම…
දුවනවා හැම දාම…
කතාවෙ අවසානේ දැනේවිද සැනසීම Boy?
දෑස පියාගෙන, තදින් මවාගෙන, හිතින් අඬාගෙන, ගැන ගැන යන්නෙ දඩාවතේ
මතින් කපාගෙන කලුවර පොළොව මත වැටෙන හඳ එළියකින්..!!
දරාගෙන හිතින් භයානක දවස් ගෙවුණෙ හරි හිමින්
බලාගෙන් ඉන්නෙ ඇඟිලි ගනිමින් අපිටත් දවසක ඉර පායයි ඉතින්…
හීන මවාගෙන ජීවිතේ හොයනවා ආසම දේ…
උඹෙ පාවෙන ජීවිත තේරුමක් නෑ අවතාර වගේ…
අපි තාම කෙළින් පෙර වාසනාව කැරකෙන්නෙ වටේ…
අපි පටන්ගත්තෙවත් නෑ තව සෙල්ලම හැසිරෙන්නෙ උඹල දින්නා වගේ…
අපි කියන කතාවේ, මුල මැද අග තනිකරම සමාජේ…
කැරකෙන්නෙ කරාමේ තොල කට තෙමෙනවා දන්නේ පානේ…
රැප යද්දි අයාලේ, කරගන්නෙ කසාදේ…
අපෙ කටහඬවල් හානිදායකයි, වැඩිම ගාණ සංඛ්‍යාත පරාසේ…
පුරුදු පොළොව මත මිනිස්සු දකින හීන කඩදාසි කොළේටම සීමා
දඟලන්නෙ වෙනස දකින්න කුතුහලෙ නිසා එකවගේ මිනිස්සු මැද තනිව පීරා
ගිනිගන්නෙ ජීවිතේ, වයන්නෙ මම වීණා
අතරමැදක තනිවී මා
අඳුරෙදි කෙරුවා ගනුදෙනුව, මගෙම අනුදැනුම වරම මත වහල් වී මා
බලන්නෙ මම නිහඬතාවෙන් අවධානෙන්,
හොයන්නෙ මගෙ සතුට තාම දින ගාණෙන්
දුවන්නෙ මට පුලුවන් කාලෙ හැම පාරෙන්
කරන්නෙ මම නොකඩවාම අනිවාර්යයෙන්
කළහකාරී මගෙ තාලෙ
සෙල්ලම අද තරඟකාරී, වනසාවි
ගුණමකුවො කන පතේම පහරාවි
තියන්න බැහැ පොළොව තාම අපි ගාවින්
අද අපි හේරු වගේ, බලාගනින් නටවන්නෙ සෙල්ලම අල්ල වටේ
මම හෙල්ල වගේ, කවදාවත් නෑ මම ඉනි හිටවන්නෙ මඩේ
දෙව්දත්ත වගේ, කෙළවන්නෙ ළඟම චරිත දැනගත්තා පුතේ
මොන රැප්ද උබේ, දඟලන්නෙ උබ හනුමා වරම ගත්තා වගේ
මේක චාරිකාව ජීවිතේට වාරු,
තාරකාව මාලිමාව යාලු,
වාසනාව හීන ගේනවාලු,
මාස ගානෙ බාධක එනවාලු,
දේවමානෙ බාර හාර නෑ තියාන දන්න කාලෙ මාරයාගේ දෑතින් මාව බාරගන්න ඒවි,මාව දාලා දාසි ප්‍රාණෙ ගන්නවාලු
හීන මවාගෙන ජීවිතේ හොයනවා ආසම දේ…
උඹෙ පාවෙන ජීවිත තේරුමක් නෑ අවතාර වගේ…
අද සමහර මූණු දකිද්දි අපිට ඔක්කාරෙ වගේ…
මේ ළඟදි සෙල්ලමට බැස්ස උන්ගෙ වැඩ තිබ්බනම් හොඳයි කයිය වගේ…
අපි කියන කතාවේ, මුල මැද අග තනිකරම සමාජේ…
කැරකෙන්නෙ කරාමේ තොල කට තෙමන වදන් මේ පානේ…
රැප යද්දි අයාලේ, කරගන්නෙ කසාදේ…
අපෙ කටහඬවල් හානිදායකයි, වැඩිම ගාණ සංඛ්‍යාත පරාසේ..