ජේසුනී ඔබට ආදරේ | Jesuni Obata Adare by Rookantha Gunathilaka

ජේසුනී ඔබට ආදරේ
පව්කාරයා මං
මා සිතේ මටම වද දෙනා
පව්කාරයා මං

ඔබෙ දෙසුම් අසන්නට ආසයි
ඒ පණත් රකින්නට ආසයි
ඔබ වාගෙ ඉන්නටත් ආසයි
ඒ වුණාට බාධක බෝමයි
ඒ වුණාට බාධක බෝමයි…

ජේසුනී ඔබට ආදරේ
පව්කාරයා මං

මං සීල සමාදන් වෙනවා
පාපෙට යළි යළි වැටෙනවා
සතුරන්ට සමාවත් දෙනවා
යළි ඔවුනට බැණ වදිනවා
ඉඳහිටලා දන් දෙනවා
දීලා අඬ බෙර ගහනවා
දුක දහදිය හොරකම් කරනවා
ඉන් පස්සෙ මම රජ වෙනවා

ජේසුනී
මා සිතේ මටම වද දෙනා
පව් කාරයා මං

ජේසුනී
ඔබෙ දයාව අයදිනා
පව් කාරයා මං

වසන්ත වැස්සට | Wasantha Wassata by Rookantha Gunathilaka

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

මනබර ගීත ගුමු දෙන යහන
බඹරු වඩිති අරගෙන හීන
නිවා දමමි රෑ සඳ පාන
මමයි ඔබේ ලොව බඹරාණ

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

හැඟුම් පිරුණු මල්බර පියසේ
හැඬුම් ඇසේවිද හොර රහසේ
සුසුම් කඳුළු පිසදා නොලසේ
පැතුම් හොවමි නිල්වන් දෑසේ

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

හද සැනසෙනවා | Hada Sanasenawa by Rookantha Gunathilaka

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

සීතේ තුරුල් වෙමූ
මීදුම පවන් සැලූ
කාලය හෙමින් ඇදෙයි ගෙවිලා
නැහැවෙයි සුපෙම් හැඟුම්
යාවේ සුසුම් පවන්
ඔබෙයි මගෙයි සැමදා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා

ආයේ හඬන්නෙ නෑ
සෝ ගී වයන්නෙ නෑ
ලඟින් ඉමී සැමදා
පෙම් ගී ගයන්නෙමී
නොසැලී හිදින්නෙමී
ආදරේ හින්දා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

හැමදාම හිතගාව | Hamadama Hithagaawa by Rookantha Gunathilaka

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

සාගරේ ජලෙන් පිරී එතේ
අහස් කුසේ රහස් බොහෝ ඇතේ
අපේ සිතේ ඔබයි මමයි ඇතේ
සිතුම් අපේ පෙමින් පිරි ඇතේ…

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

සෝ සුසුම් ඔබෙන් සොරා ගමි
සිතේ ඔබේ සිනා පළඳමි
දිවි පුරා ලඟින් ඔබේ ඉමි
උණුහුමයි සිහිලසයි දෙමි…

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

හද සාගරේ | Hada Sagare by Rookantha Gunathilaka

හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මත ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ

සිටිනා විලාසේ ඈ අඳුරේ
දකිනා විලාසේ මද්දහනේ
කඳුලැල් පිරීලා නෙතුකැන් ගිලී
ඈ ආවේ

හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ

ජීවිත කාලය දුක් සමුදා පිරිලා ඉතිරී
ආදර ලෝකය කැබලි කැඩී විසිරී
ඈ අතගත් දින ඈ තනි වූ දින තව මතකයි

හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මත ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ
හද සාගරේ

හිරු සඳු අතරේ | Hiru Sandu Athare by Rookantha Gunathilaka

හිරු නැඟෙන්නේ කඳු අතරින්
ඔබේ රැස් අරගෙන
වැසි වැටෙන්නේ වළාකුලින් සීතල අරගෙන
පොළෝ තලේ පුද ලබන්න සුවඳ පඬුරු බැද
පහදා ගන්නට සිත අපේ ඔබේ පිහිට යැද

හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා
හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා

දුක සැප දෙක එක වාගේ තබා ගන්න සිත
දැනුම නුවණ අපේ හදට ලැබෙනවද
අතීතයෙන් අනාගතය වෙත යන ගමනට
ආලෝකය වී ජීවේ අත්වැල වනු මැන

හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා
හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා

හැමදාමත් ලඟින් | Hamadamath Lagin by Rookantha Gunathilaka

හැමදාමත් ලඟින් ඉන්න
කිසිදා මා හැර නොයන්න
කිසිදා මා හැර නොයන්න
හැමදාමත් ලඟින් ඉන්න

කුරුළු වෙසින් ඉගිල යන්න
තිසැල් අහස සිසාරන්න
ඔබ රිසි නම් කුරුල්ලන්ට
ගී කියන්න කවි ලියන්න
ඒත් මගේ රත්තරනේ
කිසිදා මා හැර නොයන්න

සෙනෙහෙ සලන මලක් වෙන්න
මුළු ලොවටම සිනා දෙන්න
ඔබ රිසි නම් සමනලුන්ට
හාදු දෙන්න ඉඩ හරින්න
ඒත් මගේ රත්තරනේ
කිසිදා මා හැර නොයන්න

හැමදාමත් ලඟින් ඉන්න
කිසිදා මා හැර නොයන්න
කිසිදා මා හැර නොයන්න
හැමදාමත් ලඟින් ඉන්න

තරුමල් වගේ | Tharumal Wage by Rookantha Gunathilaka

තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම්
ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා ඉන්නම්
සැනසිමේදී වැලපීමේදී ඔබ හා බැඳී
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්…

ඔබ හිනැහෙන විට මිහිරේ
මා හා කිපුණත් කැමතී
ඔබ නොදක හිටිය දින කීපය දැනුනේ
අවුරුද්දක් වගේ…
සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්…

දිවි ගමන ඉතා කෙටි දුරයි
එනිසාම දුකද පැණි රසයි
පිට ලොවක යලිත් දෙදෙනා හමුවනතුරු
විඳගමු පෙම සුවඳයි
සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්…

උලත් එකයි | Ulath Ekai by Rookantha Gunathilaka

උලත් එකයි පිළත් එකයි
මළත් එකයි නැතත් එකයි
අපි හැමදා සොමියේ ඉන්නවා
දෙයියෝ දනී අපි නොදනී
මැරෙන දවස කව්රු කියනවා
ඇතත් එකයි නැතත් එකයි
ළඟත් එකයි දුරත් එකයි
මඩ කාලයි මෙතෙන්ට ආවේ
නගේ මලේ ඇලේ දොළේ
අපේ කටහඬ තාම ඇහෙනවා

කිව්වට කිව්වට ගී වැල් ගොතලා
කියනවා කියනවා සීපද හදලා
ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු
සල්ලි නැතත් රජ වෙනවාලු

පව්රු බැඳලා අකුල් හෙලලා ආදරයක් එපා කපන්න
අඩිය අඩිය තියල නගින මිනිහා දිහා එපා රවන්න
අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි මල්ලී
අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි මල්ලී

උලත් එකයි පිළත් එකයි
මළත් එකයි නැතත් එකයි
අපි හැමදා සොමියේ ඉන්නවා
දෙයියෝ දනී අපි නොදනී
මැරෙන දවස කව්රු කියනවා
ඇතත් එකයි නැතත් එකයි
ළඟත් එකයි දුරත් එකයි
මඩ කාලයි මෙතෙන්ට ආවේ
නගේ මලේ ඇලේ දොළේ
අපේ කටහඬ තාම ඇහෙනවා

අනාගතය කොහොම වෙයිද
හිතලා හිතලා ඇයිද තැවෙන්නේ
බැංකු පොතේ සතේ නැතේ කියා ඇයිද
හිතින් හඬන්නේ
අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි මල්ලී
අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි මල්ලී

මනලෝලී මනමාලියේ | Manaloli Manamaliye by Rookantha Gunathilaka

මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ…
කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ…..

මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ….

මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ…..

ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිදවූවේ දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවේවී මාගේ ලොවේ….

මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ…
කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ…..