ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
සෙවනැල්ල වගේ ළගින් උන්න ඔබේ හිතට
පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක
තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක
හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
මෙ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවද
මහා සැනසුසක් ගෙන එයි කදුුල පිරැන නෙතට
වරදක්වත් නොවි මගෙන් රිදවන්නට මෙහෙම
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය