කවි සීපද | Kawi Seepada by Chandana Liyanarachchi

කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

පහන් සිළෙන් නොදුටුව රුව
ඇල දොළ ලඟ සිරියාවට
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ

කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

පායන සදේ | Payana Sande by Damith Asanka

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මාගේ
හර්දේ නුඹටයි පූජා කළේ

රංගන ගෙනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හර්දේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්දේ ඒ හින්දා

හංස වෙසින් නුඹ රඟනා විලාසේ
ඉවසිලි නෑ මගෙ සිත මැණිකේ
කන්ට අඳින්නට දෙන්නං සදා මං
නවතාපන් නුඹෙ නැටුම් නගේ

ලස්සන නුඹෙ ඔය රූපෙ සොබාවේ
මට විතරක් නම් මගෙ මැණිකේ
රංග සබාවට යන්ට එපා නුඹ
මට විතරයි ඔය නැටුම් අගේ

මණිමේකලා | Manimekala by Vindula Attygala [2021]

සලාලා දෑස මා හා විකසිත වී සිනා
බලාලා පෑව ආශා සුලලිත රූ මවා
මණිමේකලා වත පැහැ දරා
මා දෑස අභියස පා නගා
මන කළඹනා ඈ රූප නාරි මා
මන කළඹනා ඈ රූප නාරි මා

නීල නෙතු ඇගෙ පැහැසරී
හීන සරසන රූබරී
හීන සේයා රෑම ගේනා
සේද නලඟන මා හැගී

නීල නෙතු ඇගෙ පැහැසරී
හීන සරසන රූබරී
හීන සේයා රෑම ගේනා
සේද නලඟන මා හැගී

හීන පාසා දෑස පේනා සෑම භවයෙම මා රැඳී
ශෝභනා ඈ රූප නාරි මා
මන කළඹනා ඈ රූප නාරි මා

මාගේ මන බැඳී ආදරී
දෑස පිනවන රූ සිරී
රූප සේයා රෑද පායා
නීල සඳවත සේ මැවී

මාගේ මන බැඳී ආදරී
දෑස පිනවන රූ සිරී
රූප සේයා රෑද පායා
නීල සඳවත සේ මැවී

හීන පාසා දෑස පේනා සෑම භවයෙම මා රැඳී
ශෝභනා ඈ රූප නාරි මා
මන කළඹනා ඈ රූප නාරි මා

මණිමේකලා | Manimekala by Pamith Mandiv [2021]

සේයා රූ මානේ ආදර පෑ – හද මන්දිරේ තනුව ඈ
මා හීන මායවේ සද පෑ – ඇයි බොද වුණේ රූපේ ඈ
පෑ හීන මානේ යළි රැගෙන ආයේ
ඔබ ඒන්නේ නැතිදෝ මේකලා……
ඇයි හැර ගියේ මණිමේකලා ……..
මණිමේකලා……
මණිමේකලා…….
ඇයි හැර ගියේ මණිමේකලා….

ප්‍රේමයෙන් ස්වේත හීන කැන්දාන – ආලයෙන් මත්ව කෝළකම් පෑව
ඔබ කොහිද මාගේ මේකලා…….
හැර සුසුම් කදුලු නෙතග දවටාන – බැදි පියල් මතක හදෙහි රන්දාන
මා තනිව හිදිමී මේකලා…….
ඇයි හැර ගියේ මණිමේකලා …….
මණිමේකලා…..
මණිමේකලා…….
ඇයි හැර ගියේ මණිමේකලා….

දෙවිලියක් සසර ස්නේහ බන්දාන – මීන නෙත් නේක ආලකම් පෑව
ඔබ කොහිද මාගේ මේකලා…….
හසගනක් ආල තුහින වස්සාන – නෙතු පියන් පැහැර ප්‍රේමයෙන් වෙලුන
ඔබ එන්නේ නැතිදෝ මේකලා……..
ඇයි හැර ගියේ මණිමේකලා ………
මණිමේකලා……
මණිමේකලා…….
ඇයි හැර ගියේ මණිමේකලා….

සම්බුද්ධ රාජ ශ්‍රී | Sambudda Raja Sri Gauthama by Sunil Edirisinghe

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්

මේ මහාභද්‍ර කල්පයෙහි බුදු වූ ගරුතර
කකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවර
කකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවර

ඒ පූජනීය ශාරීරික ධාතු නිධන් කර
නිමකෙරූ වෙහෙර වඳිමූ වත්තක මල් පුද කර

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්.

අප බුදුන් තෙවැනි වරලක වැඩි උතුම් උදානය
සමරා කලෝ බුදුහු මෙබිම පුපෝ උපහාරය

අපි යුගත සිරස බැඳ බැඳ වැඳ මෙවන් විහාරය
නිර්වාණ සුඛ විඳිමු තරණය කර සංසාරය

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්

අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්

සංසාර ආලේ | Sansara Aley by Harshadewa Ariyasinghe ft. YAKA [2021]

සංසාර ආලේ නිම්නේන රාවේ
පෑ ආදරේ ඒ මන බැන්ද ස්නේහේ
සන්තාන ස්නේහේ ශෘංගාර තාලේ
ඒ ආදරේ ඈ පෑ මන්දහාසේ

නොනිමෙන ආලෝකේ මගේ
ඇගෙ තුරුලේ වෙලෙනා
ඒ ආදරේ ඈ පෑ මන්දහාසේ

නෙත් අගන රූපේ උනමාද ස්නේහේ
මේ ආකහේ පෑ නිම් නේන ආලේ
මා මැව්ව හීනේ සීමා මකා ඒ
ආලේ කලේ මා හද රැන්දු ස්නේහේ

වේදිකාවේ | Wedikawe by Dhanith Sri [2021]

වේදිකාවේ
මේ රාත්‍රියාමේ
ඔබගැන මතකේ අවදිකලා

පාලු යාමෙ
මදුමූ පෙරෙන්නේ
මම නැති ලෝකේ
තනිවුන මා

ජීවිතේට නුඹ ආවා
දිනයේම ලංවෙන්න සිතුනාට

මෙ මා එක්ක
සිපගත්ත
සිපගන්න ගුලිවෙන්න
සිතුනත් මට

වේදනාවේ
මා හා ගෙවෙන්නේ
දෙනෙතින් තෙමී
කදුලැල් සලා

මං මුලාවේ
තනිවී තැවෙන්නේ
නුඹ නැති හීනේ උරුම නිසා

ජීවිතේට නුඹ ආවා
දිනයේම ලංවෙන්න සිතුනාට

මෙ මා එක්ක
සිපගත්ත
සිපගන්න ගුලිවෙන්න
සිතුනත් මට

මහද විලේ රැලිති | Mahada Wile Ralithi by Chandana Liyanarachchi

මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

පහනක් වී දැවටී නිබඳේ
කාගේවත් සිත් නොරිදෙන සේ
විරහී ගිම් නොදී ප්‍රේමයේ ඉන්න මා ළඟින්
කඳුලක් සේ දෑසින් ගිලිහී මහද නොතලමින්

මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

කළුවර රෑ නිදිගත් අහසේ
සඳවත වී සෙනෙහස ගලනා
පිරිමැද මුදු වෙනතක් මහදේ ඉන්න මා ළඟින්
ගීයක් වී ගැයෙමින් දෙතොලේ මිහිරි මේ සරින්

මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

සෙව්වන්දි පායා | Sewwandi Paya by Bathiya & Santhush [2021]

සෙව්වන්දි පායා හසකැල්ම පානා
හුස්මක් පවා පාට වීලා
හිත අල්ම ගේනා සඳ බැල්ම ඕනා
හැඟුමන් මවා සිහින පීරා

සිතුවිලි සේනා ශෝභාව ගේනා
සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා
මගහැර සීමා අවාම මා හා
තේරෙයි ද මා ආශා පවා රෑ දිවා

කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහරා
දෑත මට ඕනා
කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහරා
දෑත මට ඕනා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා

තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා

ඇය යන්න ගියා | Aya Yanna Giya by Amarasiri Peiris

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා