නාඹර ගොයමට | Nabara Goyamata by Gunadasa Kapuge

නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා

මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුභ දසුනයි
කම්මල මැද වෙහෙසෙන විට ගතසිත
ඔබගැන මතකය මද පවනයි

බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපන දා
හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයි

සිකුරුලියා | Sikuruliya by Milton Perera

කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා……

සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා….

ගත සීතල පහස ලබා

ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා සිකුරුලියා

මාව දමා යන්න ගියා සිකුරුලියා…

කොමළ ලියා බොළඳ ලියා

මාව දමා යන්න ගියා……
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා….

නෙත ඇඳි රුව ඔබය සුදූ

අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබව හැදූ සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා…

කොමළ ලියා බොළඳ ලියා

මාව දමා යන්න ගියා……
සියුමැලියා සිකුරුලියා

සියුමැලියා සිකුරුලියා….

ආදරයෙන් ඔබ හින්දා

මා මනසින් දුක් වින්දා
පාළුව ලග මා රන්දා සිකුරැලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා …

කොමළ ලියා බොළඳ ලියා

මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා….
සියුමැලියා සිකුරුලියා….
සියුමැලියා සිකුරුලියා….

සියුමැලියා සිකුරුලියා….

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මලක්ද ඔයා | Malak Da Oya by Dimi3 [2019]

උන් හිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේ
පාඩම් කරන්න බෑ හිත යයි ඈ ඔස්සේ
ඇගෙ හැඩ හොඳට දනී සාරිය තෙමි වැස්සේ
ඈ කාගෙදෝ කියා ලොවට කියා මට නොකියාලා

මට නෙරිය පෙන්නලා
දෙන මධුර ජවනිකා
ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා
මට නෙරිය පෙන්නලා
දෙන මධුර ජවනිකා
ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා

Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )

Ola Mama Sita
මලක් ද ඔයා මෙ මම සිතා
එන්න එන්න ගනන් වැඩි නිසා මම දුන්නෙ නැනෙ Pickup lines කතා
පණ නැති උන නිසා අතක්
ඒත් හිතන්නෙපා මම සතා
ආස නිසා කඩන්නට හිතුනට මලක්
කන්න බෑනෙ මට මඩක් !

රහසෙන් සුපෙම් පා
කෝලෙන් කැලුම් පා
පහසේ සුවේ සොයාලා
ගායෙන් මිදෙන්ටා
ආලෙන් පිරෙන්ටා
සුහුඹුල් පෙමක් පතාලා ..

වෙස් බැඳන් දපනෙ දාන්
දොස් බසින් දමන්නෙ වාන්..
ඇස් වනන් නට නටාන් ..
කෙස් පද්දන් යාවි වනන් ..
පොඩ්ඩක් හිටියනාම් ..
මං දිහා බැලුවනාම් ..
ඉන්නකො කියනකාන්..
මලක් වගේ ඔයා නම් ..

රහසෙන් සුපෙම් පා
කෝලෙන් කැලුම් පා
පහසේ සුවේ සොයාලා
ගායෙන් මිදෙන්ටා
ආලෙන් පිරෙන්ටා
සුහුඹුල් පෙමක් පතාලා ..

මට නෙරිය පෙන්නලා
දෙන මධුර ජවනිකා
ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා
මට නෙරිය පෙන්නලා
දෙන මධුර ජවනිකා
ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා

Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හරිත වන රේඛාවෙ | Haritha Wana Rekawe by Kasun Kalhara | The Romantic Opera [2009]

හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here