ලඟ ඉද හිත මුමුණා වේ
සංකර දිස්නෙක තොල් මානේ
නතුනැති යටි තොල් ආයේ
අල්ලන විහඟුන් උන්නාවේ
ලිස්සන ලැම මුව ගාවේ
කම්මුල් ගින්දර වෙයි ආයේ
හැංගෙන කොවුලන් පාරේ
ලං කර ගන්නම් මන් ආයේ
වින්දා මා වින්දා
තෙත් වෙන්නා වෙන්නා තොල් ආයේ
හින්දා රෑ හින්දා
රත් වෙන්නම් වෙන්නම් මන් ආයේ
හංගා මා හංගා
සිප ගන්නම් ගන්නම් නුඹ ආයේ
හින්දා රෑ හින්දා
තනි වෙන්නම් වෙන්නම් හන්තානේ
නැව තුන කියවිලි ඈගේ
සින්නක්කර ලය බින්දා වේ
අන්සතු සුරතින් මාගේ
ඈ සනසන්නම් මං ආයේ
සිප ගන්නට මුව රහසේ
යන්තම්වත් රතු වූ ප්‍රේමේ
රැවටෙන්නටවත් ආයේ
ලං වෙනවද පැයකට රෑ මේ
වින්දා මා වින්දා
තෙත් වෙන්නා වෙන්නා තොල් ආයේ
හින්දා රෑ හින්දා
රත් වෙන්නම් වෙන්නම් මන් ආයේ
හංගා මා හංගා
සිප ගන්නම් ගන්නම් නුඹ ආයේ
හින්දා රෑ හින්දා
තනි වෙන්නම් වෙන්නම් හන්තානේ
written by Buddhi Sandeepa
Leave a Reply