ආදරේ දෝරේ
කෑදරේ බේරේ
බොල් කලේ නාදේ
කන් බෙරේ පෑරේ
මී කලේ වෑහේ
මකරන්ද ඉහිරේ
සනුහරේ නාමේ
කබල්ගා පාරේ
පත්තරේ තීරේ
ලිව් අකුරු කීවේ
අහවරයි දීගේ
ඇබෑර්තු වෑහේ
සුරඟනක් වාගේ හදවතේ තාලේ නවතලා හිනැහුනා
කියඹුවක් ගානේ දවටලා ආලේ මතුරලා පැටලුවා
අසුරු සැන කල්පයක් කරවනා වේදනා
තරුකඩා ඉහිරලා ඈ ඉගිලුනා
කඩු තුඩක් රඳවලා දිය හොවා නෙත් පුරා වෙලා
මතක වැල් අස්කරන් ගියා
හිම ගිරේ රැඳුන ආදරේ නුඹට පවරලා සැනසුනා
සුව වෙලා තිබුන හදවතේ පලුව නුඹනිසා ඉතිරුනා
වසන්තය පෙනි පෙනී බොඳ කලා ඔය සිනා
සුසුමෙනුත් ඇවිලුනා ඒ පෙම්කතා
ලොව මගේ කියා කුසලාන ගත් නිසා එදා
දිනුම මට ගස්සලා ගියා
Leave a Reply