තන්හාවෙන් මත් වෙන්නේ
මායාවේ පැටලී පැටලී
මනුදම් ගුණ නොතකන්නේ
සිත විඳවන්නේ
පෙර ආ කර්මේ
ලද පමණින් සැනසෙන්නේ
ආශාවේ රැහැණින් මිදිලා
ලෝ දම් නිති සුරකින්නේ
අප ගෙන යන්නේ
කරනා හොඳ වේ
මේ ලොව එළිය දකින හැම බිළිදම
මවු සෙනෙහස පතනව දිවි පුරාම
වැටහෙනකොට ටික ටික නැතිවෙන බව
මායාවක හිත පැටලෙයි දැන දැන
බැඳුණත් කෙතරම් මවු උණුහුමකට
ලෞකික ලොව තුල අස්ථීරයි එය
නිලතල ධනය, බලය, හට කිසි දින
වළකනු නොහැකී ලෝක ස්වභාවය
මොහොතක් නැවතී සිතන්න ඉදිරිය
අප වටකර ඇති ආශා සියල්ල
ක්ෂණයක් ඇතිනම් විනාශේ දකින්න
තණ්හා සිතමයි මුලා වන්නෙ හෙට
සිනහව කෙතරම් අරුමයක්ද ලොව
ඒයටත් මෙතරම් මැලිකම් කුමටද
සිංහල, ද්‍රවිඩ, කිතුනු, මුස්ලිම් හට
වෙනසක් නැත අස්ථීරයි ලෝකය.
සුන්දර ලෝකයේ ලස්සන විදින්න
කාටද පුලුවන් සත්‍යම දකින්න
කෙනෙකුගෙ ජය හට සුබපතන්න
පුලුවන් හදකුයි උතුම්ම මිහිපිට
ආගමකට වත් හීලෑ නැතිනම්
සිතන්න බැරි හණමිටියො වගේනම්
මාස දවස් සති අවුරැදු ගෙවුනත්
කර්මය පලදෙන බවනම් සත්‍යක්
ජාතිය ආගම පැත්තක තියපන්
අපිටම අපිගැන හිතන්න බැරිනම්
කෙනෙක් මරා කුසගින්න නිවෙනම්
මරනින් පසු හරි විපාක දෙයි බන්
වටහා ගතයුතු සත්‍ය මෙයයි බන්
කවදා කොතැනක සැගවී සිටියත්
විපාක දියයුතු කාලය හරිනම්
කර්මය නිසැකව දෙනවලු පඩිසන්
written by Malini Liyanage & Chathura Dewmina
Leave a Reply