අවසානය | Awasanaya by Master Skain [2021]

Sinhala song lyrics with music notes illustration

ඉස්සර වගෙ තමයි කොහොමත් යන්නෑ මම පස්සට
ගස්සල ගිය කෙල්ලෙ උබ යන්න තිබ්බෙ
පස්සර
රට්ටු හිනා ගස්සන මමත් හැම තිස්සෙම
හිතුවෙ උබ තමයි කරෙ මගෙ ලෝකෙ ලස්සන

වටින ජීවිතෙ මගෙ උබ කරෙ කරුමක්කාර
හිතක් නැති උබෙ හිත නම් නරුමක්කාර
හිටියෙ ලග වගෙ මගෙ මිනිසුත් මාර
යන්න තිබ්බෙ මීට කලින් තොපි අවතාර

උබට කලින් ඉස්සර වෙන්න තිබ්බ වාර අනන්තයි
කිව්වට ගිම්හානෙට පස්සෙ එන්නෙ සෘතු වසන්තයි
දිව්‍යලෝකෙ නෙමෙ කාට කාටත් ලග කනත්තයි
ගොනා තමයි දන්නෙ දුක අදින බර කරත්තයි

කර වැරැද්දක් උබ නෙරපන ගෙයින්
තරමට ඉන්නෙ මම කරගත්ත දෙයින්
පන දෙන්න වගෙ හිටිය උන් මට දෙන ලයින්
හැම දේම දැනගත්තා මම master skain💫

පන නම් පන මමනම් දෙන්නැ බොක්ක කටින්
තියාගන්නෑ නාවල නරි කොහොමත් ලගින්
ඉන්නෙ නිමල ගතින් දකින බොලට හචිං
ගහන්නෑ ගේම වටින් කරන දෙයක් කෙලින්

තිබ්බ හිත දැන් ගිනිගොඩක් වගේ පිච්චෙන්නෙ
මානසිකව වැටිල විකාරයි ඔලුව රත් වෙන්නෙ
වැටුනත් අමාරුවෙන් වැටි වැටි හරි නැගිටින්නේ
විදපු දුක මතකයි තාමත් හීනෙන් තමයි ඇහැරෙන්නෙ

සැප නෙමෙ දුක කොහොමත් මට උරුමය
හිටියනම් උබ ලග අද මන් ඔය තුරුලෙය
උබ නැති කරගත්තා සිහින සහ හැම දෙය
වෙන්නැ කවදාවත් උබෙ ආදරෙ මට මතකය

ගින්දර වගෙ වදන් දෙන්නෙ මම තුන්වෙනි පන්තියෙ
දුන්නා හයිය මට කවුරු කවුරුත් ඉන්න ගැන්සියෙ
හිටියෙ නැ ඇලිලා මගෙ උන් නම් වාසියෙ
මනුස්සකම එක වටින කමක් නෑ කාසියේ

පිරුවට ඇඳගෙන බොරු අවතාර
ඇතිවෙල දැන් නම් පෑගිලා තාර
වැටුනත් නැගිටින එක මට ආර
ගන්නෑ ආයෙනම් හදවත පාර

එනකන් ඉන්නේ අපිටත් වාර
කපගෙන පලයන් වලක් හාර
කොහොමත් අපිටත් නෑනෙ චාර
දෙවියන්ට තමයි දෙන්නේ බාර

ඉවසල ඉමු මේකෙත් අපි තව ටික කාලයක්
තිත්තයටත් එනව බලාගෙන ඉද්දි වාරයක්
වෙන්නෑ කාටවත් වාතයක්
එන්නේ වගෙ සුනාමියක්
දුක නෙමෙ ඩෝ මේක මගෙ හොද අවසානයක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply