කැමා ඇඳගෙන උඹත් අඬනවා ඇති අයියෙ මේහන්දියේ
දෙපිල බෙදුනට එකම අම්මගෙ දරුවො අපිඅයියන්ඩියේ
අම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතුඇටේ
එකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ බන්කරේ
කාසිකොළ නෑ අපේ පැටවුන් අඬනවා බඩ ගින්දරේ
උන්ගෙ මහ බර කරේ අරගෙන පෑගුවේ පුට්සයිකලේ
මහ පාරෙ හිටගත්තෙ අපෙ උන් බැරිම තැනකයි හාමතේ
මදිද තව උඹ කඳුළු දුන්නා ගිලෙන අන්තිම තප්පරේ
හිතම කකියනවා මචන් මන් පෑන අරගෙන හන්දියේ
ලිව්වේ අපි ටත් ඕනැ ලස්සන රටක් අපි එක පන්තියේ
හිතට බර දෙන යකඩ සළුපිළි තුවක්කුව තියලා ඔහේ
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනාවෙලේ
Leave a Reply