මුතු ඇටයක් අමුතු නැතේ
වැලි කැටයක් වටින බිමේ
මුතු ඇටයක් අමුතු නැතේ
වැලි කැටයක් වටින බිමේ
ඉවසන අපි විදින දුක් දරා
නොදකින අත් වදින හිස තියා
ඉවසන අපි විදින දුක් දරා
නොදකින අත් වදින හිස තියා
තිස්තුන් කෝටියක් දෙවියනේ
ඇස්කන් වික්කාද ණය බරේ
නැත්නම් වැඩියාද වෙන කොහේ
ඉන්නයි ආස අපි අපෙ රටේ
හේතු නැති
ශෝක ගිනි
හංගන් ඉදලාම පපුතුරේ
මාරුවෙවී ජාති බෙදී
සෙල්ලං කෙරුවාට සනුහරේ
සාප දිදී බීත වෙවී
සල්ලං වෙනවාද සුමිතුරේ
දෑත බැදී පේලි ගැසී
දංවැල් බිද දාමු පරපුරේ
නැත්තං හැමදාම කලුවරේ