ඔබ තරමට මා නැලවු | Oba Tharamata Maa Nalawuu by Milton Perera

ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු

කළුවර කුටියක තිනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙලන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියො ළගම සලිත වන්නේ

ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු

අතවනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්නට හැකි දෝ
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ

ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු

ඔබ වේවා වේවා | Oba Wewa Wewa by Milton Perera

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලේ රශ්මි විහිදා

ආලේ ගඟුලේ තරංගනී
මාගේ දෙතොලේ සුපෙම් පැති
සීතල සුළඟක් වාගේ ඇවිදින්
ආදරේ රඟ කිය කියා

සාගර රැල්ලේ එතී එනු
නාදලු අතරේ වැසී යනු
රෑ සෙවනැල්ලක් වාගේ ඇවිදින්
පාන්දරින් ඈ ගියා ගියා

ඔබ කවුද ප්‍රියේ | Oba Kawda Priye by Milton Perera

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ
මගෙ ගීත නිධනය ඔබම තමා
පෙරලා දෙනු මැන මුව ගලන අමා

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම සුව සහනය රැඟෙන එමි
ඔබ අමතනවිට මම සිනාහ සෙමී
ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

නෙළන්න බැරි මල් | Nelanna Bari Mal by Milton Perera

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

ආලෝකය දිදී දිළෙයි
පහන් ටැඹ කසුන්
මා ගඟ මැද ඉවුරු දෙපස
පෙනෙයි සුව දසුන්

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

කුමුදාකරයේ නෙත් යුග
යුවලක් දකිමි
සතපා පිබිදුන සිතුවිලි
ගොළුවත රකිමි

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

සුසුම් රැලි රැලි පැටලී
හමන මාරුතේ
නොනිම් ගිම් දෙවයි
කළු දුම් රැලකි ජීවිතේ

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

නිදහස් කාහල නාදය | Nidahas Kaahala Nadaya by Milton Perera

නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා
සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවේ
මිණි මුතු කිරුල දරා
නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා

සුවඳ අතීතය සමරවු
සමගි පියුම් පෙති පුබුදවු
පිබිදෙව් පිබිදෙව් දිදුලන
තරු ලෙස පිබිදෙව්
නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා

කුල ගොත කඳවුරු මත භේදේ
පා කොට රළ මත මහ මුහුදේ
ඉබි ගැට දුරලා බැඳී බැමි මුදලා
උදා කරව් සෞභාගේ

නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා
සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවේ
මිණි මුතු කිරුල දරා
නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා

කීර්ති රාවේ නැගු දස දේශේ
රාජ තේජ බල ඉතිහාසේ
නව පණ නංවා මල් පණ ගන්වා
උදා කරව් සෞභාගේ

නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා
සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවේ
මිණි මුතු කිරුල දරා
නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා

නීල ජලේ | Neela Jale by Milton Perera

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ
පියසලා පියඹලා කැදැල්ලටයි ආවේ ප්‍රියාදරී කොහෙද මගේ ඇයි ඔබ නාවේ
නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

මළහිරු බැස යනවා ගනදුර රජ යනවා
නෙත කඳුලැලි බොනවා මා මෙහි වැලපෙනවා සොයාලා

සුරංගනා ලොවක් පෙනේ ඔබේ සුනිල් දෑසේ
ලැගුම් ලබා සුවෙන් ඉමී මම අද රහසේ

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

පැතුම් ලොවේ ගිමන් සැදූ ප්‍රියාවියේ මගේ
ඉතින් යලී සිනාසෙමු උදේ මලක් වගේ

ලුහුබැඳ ආමි සොයා සංසාරේ
ලුහුබැඳ ආමි සොයා සංසාරේ
පියමැන හැම වාරේ ඔබ යන අඩි පාරේ
රුවන්ගිරේ සුපුන් සඳේ පෙනේ පෙනේ ජාලා
පාර කියයි නුවන් ගැබේ රන් තරු පායා

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ
ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

මුතු මැණික් එපා | Muthu Manik Epa by Milton Perera

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ

හිරු හා නෙළුම් ඇත බැඳී – පිණි හා අරුණ සුව විඳී
මතු දා දිළිඳු පැළකදී – නැවතී ඉන්න සෙවණ දී
සිත හා සිතන සිතුවිලි – සරසා සදන සැණකෙළි
දෙනෙතේ නැගෙන කඳුළැලි – පිසදා මවනු සැණකෙළි

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ

ඔබ මා ළඟම ගැවසිලා – මවනා සතුට උතුරලා
ගංගා විලස ගල ගලා – යන්නා සයුර වෙත බලා
සයුරේ වෙරළ අසලදී – බැඳිලා මුවට මුහුණ දී
මුසු වී ඉන්න හිත දිදී – එනවා ළඟම දිනකදී

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ

මුලු ලොව ලැබුනත් | Mulu Lowama Labunath by Milton Perera

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

වරදක් වී දඩුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ
වරදක් වී දඩුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

නෑති බෑරි අය හට පිහිට වෙනු
හෑකි තෑන ඈති දෙය පිණට දෙනු
ඒක එහෙමයි
සෑප මෙන් දුක ඉවසා ඉන්න
හිනෑහි හිත සනසා ගන්න
හා හා හොදයි

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

වරදට ආයුශ අඩුයි ලොවේ
හොද පවතියි හෑමදාම දුවේ
හැබැයි හැබැයි
වරදට ආයුශ අඩුයි ලොවේ
හොද පවතියි හෑමදාම දුවේ
හෑබෑයි හැබැයි

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

මේ පිපාසිත ලෝ තළේ | Me Pipasitha Lo Thale by Milton Perera

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තළේ

බැලුවාම පේන වැලි තලාවකි
පතුලේහි දිය ගලා ගියේ
හද තාප ගින්න සීතළේ
හැමුවාම සුළඟ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ…
මේ පිපාසිත ලෝ තළේ

ලාසා රසින්නෙ බිඳහෙලන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ළලන සුව දෙන දිවියේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තළේ

සොභා අලංකාරේ මුහුණේ | Sobha Alankare Muhune by Milton Perera

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

සුසීත ගංගා තලේ
නීල දිය රැල්ල වෙරළේ එළේ
ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

පැසීල ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්න නැති දිවට නොදැනේ රසේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි