සුපුන් සඳක් නැගීලා | Supun Sandak Nageela by Milton Perera

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

නලවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
දිවි රස තාලයටයි
පෙම් රළ රඟන්නේ

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

සිරිසාර බුලත් විට | Sirisara Bulath Wita by Milton Perera

සිරිසාර බුලත් විට කාලා බලන්
සිරිසාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන්
කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි
සිරිසාර බුලත් විට කාලා බලන්

පන්සලේ පල්ලියේ කෝවිලේ හංදිය
බස් නැවතුම්පල පෝලිමේ හැමතැන
කාගෙත් හොඳහිත සමඟ බෙදාගෙන
කාලා බලන්

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරුපියලි කොත්තමල්ලී චුන්නබූග නාගවල්ලි
මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරිසාර බුලත් විට කාලා බලන්

සිරිසාර බුලත් විට කාලා බලන්
සිරිසාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන්
කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි
සිරිසාර බුලත් විට කාලා බලන්

ඇති නෑදෑකම් නැති කරගන්නට
නැති නෑදෑකම් ඇති කරගන්නට
සැපතට විපතට ගමනට බිමනට
කාලා බලන්

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි

මගේ උපන් දින | Mage Upan Dina by Milton Perera

මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා

මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා…

ලොවේ වෙසෙන තුරු නොමියෙන නොහැරෙන
කුසුමක් පිබිදී ඇතත් සිතේ
උදේ පුබුදු වී සවසට මැලවෙන
මල් නැතිවට මට කමක් නැතේ

දෑසින් ගිලිහෙන කඳුළු බින්දු ගෙන
හද තුල පිපි මල තෙමන්නෙමි
සිහිනෙන්වත් කිසි වෙනසක් නොව මා‍
මෙලෙසින් නිරතුරු වසන්නෙමි

මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා…

මධු සඳෙන් තවත් | Madu Sanden Thawath by Milton Perera

මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ

පෙම් අමා සුවේ සොයා, සත් මහල් විමන් තනාලා
තව අලුත් ලොවක් සොයලා, අපි යමු පියා සලා
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..

හදවතේ උපන් සිනාවේ ,උල්පතයි ඔය දයාවී
පෙම් මලක් වෙලා ලතාවේ තව අලුත් වෙමී ප්‍රියාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..

මා පදවා පෙම් | Maa Padawa Pem by Milton Perera

හෝ…..හෝ……හෝ……
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ…
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
ආදරයේ ගී කියූ සිව්මැල්ලේ
ජීවනයේ සුවඳින් සැනසිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ

චන්ද්‍රා යන්නා සේ රෑ පායා…
සැංගී වෙන්වීලා මා මායා
තනිකම රන්දා ඔබ ගිය හින්දා
මලවි රජින්දා දුන්නද බින්දා

මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ

උල්පත අද මාගේ වියලෙද්දෙන්…
තොල්පෙති පැටලීලා ගොළු වෙද්දෙන්
කඳුගැට අතරේ විල මැද වතුරේ
පෙණ පිඩු විසිරේ නැහැවෙනු සොඳුරේ

මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ

ලුසී ලුසී නෝනේ | Lucy Lucy None by Milton Perera

ලුසී ලුසී නෝනේ මගේ ලිසී නෝනේ
මොනවද ඕනේ කියා දියල්ලා
ලයි ලයි නෝනේ පොඩී සොමී නෝනේ
මංගල කාලේ ඉබේ ඇව්ල්ලා

ලස්සන ලමිස්සියන් ඒ වගේම ගැටිස්සියන්
දැක්කම මහන්සි යාදෝ
ඇස් දෙක පහන්තිරේ – ආදරේට කාන්ති වේ
හදවත කාන්දමක් දෝ

පපුවට පවන් සළයි – මුළු ගමේම මගුල් ගෙයයි
නෑ කිසි දුකත් දැනෙන්නේ
දෙපළට අමුර්තයයි – ජීවිතේම ස්වර්ගයයි
දැන් අපි විනෝද වන්නේ

ලක්ෂ ගණන් වස්තු ලැබී | Laksha Ganan Wasthu Labi by Milton Perera

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා

රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා
සාරයි සාරයියා
සාරයි සාරයියා

මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ
හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ
කාලේ හොඳ හොඳ දා නරක දසා පහවෙලා
රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා

අනේ අනිච්චං

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා

හීනෙන් මං දුටුවා මඟුල් ගෙයක් ළං වෙලා
හීනෙන් අපි හිටියා මඟුල් ගෙදර වටවෙලා
දෑතයි කණයි කරයි රන් රිදියෙන් ඔපවෙලා
මූණේ සිනා සුදෙන් කිරියි පැණියි උතුරලා

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා

ගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවා
මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා
දුරුවී අගහිඟකම් පිරුණා ගුණ ආදරේ
බෙදිලා එයි කාටත් එකසේ ඒ ආදරේ

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා

රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා

කියන්න කවුද ඔබ | Kiyanna Kwd Oba by Milton Perera

කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා

නෙළුම් මලක් ද නිල් විලේ
නැවුම් සුළං ද ලෝ තලේ
මුවැත්තියක්ද මහ කැලේ
කැළුම් ද චන්ද්‍ර මණ්ඩලේ

කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා

රුවක් ද ගල් කුලේ නෙළූ
ගඟක් ද සීගලේ ගැලූ
වැලක් ද සල් ගසේ වෙළූ
සුගන්දයක්ද සිත්කළු

කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා

කවදාක කොහොම | Kawada Kohoma by Milton Perera

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඩෙව්වාද
ඔබ එදා ඉදන් කී දවසක් මා නැළෙව්වාද
දිනකදි ළංවීලා දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දවසක සැංගෙනවා

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිමවන්නේ කොහෙන් කොහොමද
ජීවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්
ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම්

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කඳුළු සලා නංගී | Kandulu Sala Nangi by Milton Perera

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ
මංගල කිංකිණි හඬවා
කඳුළු සලා නංගී ඇයි
දුකින් තැවෙන්නේ…

නිවසේ මිනි පහනක් ලෙස බැබලී
මෙපමණ කල් ඔබ සිටියා
දියකට ලෝකේ හිමිවන වරයක්
මේ මොහොතේදී අද ලැබුවා
මේ අපගේ ගේ දොර අප හැරදා යනවා
නව දිවියකටයි පා ඔසවන්නේ
මනමාලිය වන හින්දා නංගී
ගස් වල කුසුම් පිපෙන්නේ…

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ
මංගල කිංකිණි හඬවා
කඳුළු සලා නංගී ඇයි
දුකින් තැවෙන්නේ…

ආදර සැමියෙකු හට අත දෙන්නයි
මේ ඔබ සැරසී ඉන්නේ සැප සාදා
නව නිවස් ලියකගේ පතිවතදම් සුරකින්න
ආරේ සිහල හොඳ ගුණදම් රැකලා
ලෝකේ හොඳ නම වඩවා ගන්න
ඔය කඳුලැලි කැට පිසදාගෙන
දැන් නංගී සතුටින් යන්න…

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ
මංගල කිංකිණි හඬවා
කඳුළු සලා නංගී ඇයි
දුකින් තැවෙන්නේ…