හඳ පානක් | Sanda Panak Se Awidin by Samitha ft. Athula Adhikari

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
හඳ පානක් සේ ඇවිදින්
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට…..

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ – මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ – ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ – මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ – මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට

ලා සඳ ආයේ පායාලා | La Sanda Aye Payala by Samitha Mudunkotuwa [2013]

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා

මවා ගත් රසෝගේ – හදේ තත් ගැටී
සුසුම් යාවුනා – පවන් හා ගැටී
යොවුන් හීන පීදිලා – සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේයා

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ප්‍රේමී අරවින්දයත් වෙලා | Premi Aravindyak Wela by Ravihans ft. The OneStepAhead & Samitha Mudunkotuwa [2009]

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා

[Rap Perfomed By RaviHans And OneStepAhead]

Who The Hec Kiss a more direct dude
To back To you get to run in the move chika
i am the best from the east to west
wanna taste is put a hannama chest

[Rap By OneStepAhead]

Say watch you wanna say
catch you got i am a say
then a got a best
for you right here now
you my CJ
Back is a nice
he finna
Say The More So
Would happen bunch

come with me
she says what is Fiyo
come with me
You Know The bummy in CJ
ram with he
take it the we are the say Who Ya!
[Repeat][RaviHans Team Performe – Intro]

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා

[Samitha Performe – Verse 01]

දැන් එන්න පෙම්වන්තකම් පෙන්නලා යන්න
උන්මාදයෙන් ඉන්න පෙම්බැන්ද මං එක්ක
පිරිමැද්ද කන් පෙත්ත රත් වෙච්ච හින්දාම
මං තාම මත් වෙච්ච පෙම්වන්ති ඔබ නේද

[RaviHans Team Performe – Verse 02]

සිහිනේ එලි වෙන්න නම් එපා
අදුර දී දුක් දෙන්න නම් එපා
යහනේ තනි වෙන්න දෙන්න එපා
උකුලට
වෙන උන් ගන්න නම් එපා..//

[Repeat][RaviHans Team Performe – Intro]

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හැම දෙයක් පෙනේ | Hama Deyak Pene by Samitha Mudunkotuwa & Bachi Susan from Gharasarapa Movie [2018]

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ…

මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු මිලින කළු කුහර වුව..
දිවි නමයි මිතුදම්…

බව කතර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරෙන් පැමිණියද..
ඔබම වේ මට සැනසුම්..
මට සැනසුම්..

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ…

මතක මන්දිර | Mathaka Mandira by Samitha ft. Malith Perera

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ මගේ හිත තමයි

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

මගේ මතක මාලිගාවේ රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා
මගේ මතක මාලිගාවේ රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

Mama Sil Bida Gaththe /  මම සිල් බිදග්ත්තේ – Ranjan Saliya ft. Samitha Mudunkotuwa

මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා..
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා..//

තහනම් ප්‍රේමෙන් දුක්වින්දේ මා..නම්
බහදුන් නාමෙන් තනි වෙන්නෙ මා.. නම්
පෑහෙනා මට පෙමක් නැති කමින්…
වෑහුනා.. උණු කදුළැල් නෙතගින්…

මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා…
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා…
කහ ඉර පැන ගත්ත බට්ටිත්තෙකුට මා පෙම් කලා…
කළකම් පල දුන්නෙ ඒ තටු මත්තේ මං සැතපුනා…

ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
දෙතොළගින් උණුසුමින්..//
හිත පතුලේ මට පැලවෙන්න නම්..
ඔය වාගේ චපලකම් තව එපා…

මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා…
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා……..