සැමරුම් සේනා | Samarum Sena by Harshadewa ft. Vidula Ravishara

රහසින් හඬනා මතකේ මිහිදන් වූ දෑසේ
හිඳිමී නැවතී තනිවී හද රන්දා සෙනෙහේ
දැවෙනා ළතැවුල් සනහා ඈ ඒ නම් ආයේ
පණ සේ රකිමී සැමදා ඒ ආදරේ…

සැමරුම් සේනා
රිදවුම් ගේනා
හදසන්තානේ
කතරක් සේමා…

දරා විඳවමී නොකියමී
හදේ සෝ තැවුල් අහුරමී
අතීතේ පෙමින් අවුළුවා
දැවී මියයමී යළි යළී…

සැමරුම් සේනා
රිදවුම් ගේනා
හදසන්තානේ
කතරක් සේමා…

written by Saumya Sandaruwan Liyanage

කවිය | Kawiya by Vidula Ravishara [2019]

බොහෝ පෙම් කවි ලියු පසුවද 

සියුම් කැපුමක් මෙන් රැදි

නොලි කවියක් තිබිය නොහැකිද 

හදේ යමි රිදුමක් දිදි

තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් 

සෙමෙන් පාරන මුත් ඇනි

සිදිනු  හැකිවෙද කෙලෙස කිකලෙක 

එවන් හද පාරන බැමි…..

ඉතින් එබැවින් නවතිමි….

හදින් පිටමන් නොකරමි…..

නිතින් ගිනිගත් හදින් දැවෙමින් 

දරා ඉමිහිරි වේදනාවන්…

පෙමින් සගවා දරා ගන්නේමි 

නොලි ඒ ගීතිකාවන්….

සදකාලික තැවුල් පොදියක 

රැදි හද පෙලුවත් නිති…

ලියා අවසන් කවක් කෙලවර 

මැකි වියැකි යා නොදි….

written by Saumya Sandaruwan Liyanage

හේතුව | Hethuwa by Vidula Ravishara [2019]

අහසක් වගේ හැඟුමක් හිතේ පිරී
සුසුමක් පවා කවියක් වගේ…
අහසක් වගේ පහසක් ඔබේ ආදරේ
මා නැවතීලා ඒ ආදරේ…

සන්තානයේ සීමා බීඳී
රැව් දී රැඳී ගීයක් වගේ
මා හා එදා… ළංවී බැඳී…
උන් ආදරේ… ඒ ආදරේ

තරුවක් වගේ එළියක් හිතේ පිරී
කතරක් පවා උයනක් කළේ…
සංසාරයේ ළංවී රැඳී මා කෙරේ
රිදුමන් දැවූ ඒ ආදරේ…

සන්තානයේ සීමා බීඳී
රැව් දී රැඳී ගීයක් වගේ
මා හා එදා… ළංවී බැඳී…
උන් ආදරේ… ඒ ආදරේ

තරූ ඇස් ඉඟි පෑවා
මුදු හසරැල් නාවා
මායිම් නැති හීනේ
මා සිරකළා…

පෙම් සැමරුම් සේනා
ළංළං වී ආයේ
රහසක් සේ කීවා
ඒ ආදරේ……

සන්තානයේ සීමා බීඳී
මා නැවතීලා ඒ ආදරේ….

written by Saumya Sadaruwan Liyanage