Nim Therak Nodutu / නිම් තෙරක් නොදුටු – Sunil Edirisinghe

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ…
රුදු සපුන් නිබඳ සරනා බිමේ…
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ…
රුදු සපුන් නිබඳ සරනා බිමේ…
ඔබේ.. සිනා වත මගේ.. නවාතැන
අරුණු විහිදුවාවී… ජීවිතයේ…

රැල් නගා ගලන ගංගා දියේ…
මං වසා දමනු හැකිදෝ කෙසේ…
රැල් නගා ගලන ගංගා දියේ…
මං වසා දමනු හැකිදෝ කෙසේ…
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ…

සිල් බිඳී මුවන් කැලඹූ වනේ…
බිම නොලා නෙලූ ඵල මාවතේ…
සිල් බිඳී මුවන් කැලඹූ වනේ…
බිම නොලා නෙලූ ඵල මාවතේ…
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී… මාරුතයේ…

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ…
රුදු සපුන් නිබඳ සරනා බිමේ…
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ…
රුදු සපුන් නිබඳ සරනා බිමේ…
ඔබේ.. සිනා වත මගේ.. නවාතැන
අරුණු විහිදුවාවී… ජීවිතයේ…

Palanchiye Lee Iruwe / පලංචියේ ලී ඉරුවේ – Edward Jayakodi, Sunil Edirisinghe

පලංචියේ… ලී ඉරුවේ… අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ…කල් ඇරියෙත් හිත හොදට…
ඇයි මස්සිනේ… පෙම් කලේ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද…
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද…
පෙම්දම් නිසා… මිතුදම් සිඳ දමන්නද…
හොදහිත නු‍ඹෙ තරම් ලොවකින්… ලබන්නද..

පලංචියේ… ලී ඉරුවේ… අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ…කල් ඇරියෙත් හිත හොදට…
ඇයි මස්සිනේ… පෙම් කලේ අපි එක මලට

දොඩමලු කතා නැහැ… අද වාඩිය හෙවනේ…
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි… ඇසුනේ..
හොර රහසින්ම… එක සුවඳක්… පැතු පමිනේ…
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ…

පලංචියේ… ලී ඉරුවේ… අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ…කල් ඇරියෙත් හිත හොදට…
ඇයි මස්සිනේ… පෙම් කලේ අපි එක මලට

Maha Wessak Bimata Hala / මහ වැස්සක් බිමට හලා – Sunil Edirisinghe

මහ වැස්සක් බිමට හලා… නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා… හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා… කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විරසක සුසුම් මහගෙයි පුරා… ඇසෙන්නේ…
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ…

මහ වැස්සක් බිමට හලා…. නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා… හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා…කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ…

මහ වැස්සක් බිමට හලා… නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා… හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා… කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

Ma Ithin Ynna Yanawa / මා ඉතින් යන්න යනවා – Sunil Edirisinghe

මා ඉතින් යන්න යනවා…
මට යන්න අවසරයි…
මට අරන් යන්න ඇත්තේ…
මේ මතකය විතරයි…

මා ඉතින් යන්න යනවා…
මට යන්න අවසරයි…
මට අරන් යන්න ඇත්තේ…
මේ මතකය විතරයි…

නුඹ සදක් වෙලා පායා…
මට එළිය වූ වගයි…
නුඹ සදක් සේම බැසයයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි…

මා ඉතින් යන්න යනවා…
මට යන්න අවසරයි…
මට අරන් යන්න ඇත්තේ…
මේ මතකය විතරයි…

සද එළිය අයිති ලොවටයි…
සද අ‍යිති අහසටයි…
පිණි කදුළු බිංදු විතරක්…
මේ බිමට වැටෙනු ඇයි…
මට උරුම එපමණයි…

මා ඉතින් යන්න යනවා…
මට යන්න අවසරයි…
මට අරන් යන්න ඇත්තේ…
මේ මතකය විතරයි…

Dewani Budun Lesa / දෙවැනි බුදුන් ලෙස – Sunil Edirisinghe

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……

දෙසවන් සනහා
මා නැලවූ ඔබ
මියුරු මියැසියේ
අරුත් කියාදුනි
ඒ මියැසියෙ… අද
මා ගයනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……

ඇසට අඩන්නට
කදුලැලි දුන් ඔබ
ළතැවුල් දරනා
දිරිය ලබා දුනි
ඒ දිරියෙන්…
ලොව ජය ලබනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……

Thiraya Arenawa / තිරය ඇරෙනවා – Sunil Edirisinghe

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති
නල වතුරෙන් සැනැහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙලවත්
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ…

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ලමයි…
හේනට කුඹුරට ගතසව් දියකර
කරලිය අබියස බලා හිදියි…

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

Hidivi Kothanaka Ho / හිදීවි කොතැනක හෝ – Sunil Edirisinghe

හිදීවි කොතැනක හෝ…
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්…

හිදීවි කොතැනක හෝ…
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්…

ගඟකට සයුරක් මුණ ගැසේවී…
රළකට වෙරළක් මඟ හිදීවී…
නියඟට වැස්සක් ඇද හැලේවී…
නුඹටත් කෙනෙක් හිදීවී – දවසක සොයාන ඒවී…

හිදීවි කොතැනක හෝ…
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්…

අකුලක පිපෙන නැවුම් මලක් සේ…
නදියක නැගෙන තරංඟයක් සේ…
අකුලක පිපෙන නැවුම් මලක් සේ…
නදියක නැගෙන තරංඟයක් සේ…
නලලට සිහිල් පවන් රොදක් සේ
නොසිතුව විටක ලගාවේ – නුඹ විදි අදුර නිමාවේ..

හිදීවි කොතැනක හෝ…
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්…

Mage Amal Biso / මගෙ අමල්බිසෝ – Sunil Edirisinghe

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්…
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්…

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්…
මම දීපංකරේ
ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්…

යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්…
මුදු බැලුම් හෙලයි
ලංවෙන්න බලයි…
උඹ නොදැක්කා සේ ඉඳපන්…

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්…
මම දීපංකරේ
ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්…

ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන්
ගෙට එබී බලයි හොරැහින්…
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
උඹ හෝදිසියෙන් ඉඳපන්…

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්…
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්…

Ra Ra Ra Bombiiye / රා රා රා බොම්බියේ – Sunil Edirisinghe

රා රා රා බොම්බියේ…
මුවා වෙයන් නංගියේ…
රා රා රා බොම්බියේ…
මුවා වෙයන් මල්ලියේ…
ජපං මැන්ඩලින් නද කර

ජපං මැන්ඩලින් නද කර
අවුරුදු එයි හන්දියේ…

උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ…

සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ…
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ

අවුරුදු එයි හන්දියේ
මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ
මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ…
මුවා වෙයන් නංගියේ…
රා රා රා බොම්බියේ…
මුවා වෙයන් මල්ලියේ…
ජපං මැන්ඩලින් නද කර

ජපං මැන්ඩලින් නද කර
අවුරුදු එයි හන්දියේ…

ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ

කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා

අවුරුදු එයි හන්දියේ
මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ
මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ…
මුවා වෙයන් නංගියේ…
රා රා රා බොම්බියේ…
මුවා වෙයන් මල්ලියේ…
ජපං මැන්ඩලින් නද කර

ජපං මැන්ඩලින් නද කර
අවුරුදු එයි හන්දියේ…

 

Malliye Naraka Mithuran / මල්ලියෙ නරක මිතුරන් – Sunil Edirisinghe

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා…
නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා…
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා…
හතුරෙකුටවත් මට වන් දුකවෙන්ට එපා…

දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා…
කල පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා…
සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා…
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා…

ලැබුවේ අවවාද නොහොබින ආලකය…
දුදනන් නිසා විය හෙනහුරු මාරකය…
මං පෙර ගියේ වරදින් පිරි පාරකය…
ඒ ගිය මගේ… අවසානය පෝරකය…

Official Video