මහ මුහුදු විමානේ | Maha Muhudu Wimane by Sathish Perera

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

ඈත දියේ පාවී මහ සයුරේ රෑ වී..
ඔ.. ඔ.. ඔ.. ඔ.. ඔ.. ඔ
ඈත දියේ පාවී මහ සයුරේ රෑ වී
අඳුර මැදින් අපි යනවා
ඔරුව නුඹේ රුවල උඩින්
වෙරල කොහේදැයි බලපන්නේ
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා… හේ…
පහනට තෙල් නෑ…නිවසේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

දරු පැටවුන් මාගේ රෑ බත ඉල්ලාවී..
ඔ.. ඔ.. ඔ.. ඔ.. ඔ.. ඔ
දරු පැටවුන් මාගේ රෑ බත ඉල්ලාවී
සොඳුර මගේ වෙරළේ ඉඳි
ඔරුව නුඹේ රුවල උඩින්
මගේ පවුලේ කඳුලු බලාපන්
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා… හේ…
පිරුනත් මඩිය ඉරේවී..

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් | Sundarai Oba Nihanda Balmen by Sathish Perera

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලOවි ලගින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැගුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදම

ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ලගයි
සොය එන්නට මට සිතෙයි
සුලග ඔබ ගැන ගතු කියයි
සුලග ඔබ ගැන ගතු කියයි
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලOවි ලගින් ඉන්නම් ඉතින් හැමදාම

ඔබව මට හරි දුර තමයි
කදුලු නෙතු අග ඉකි ගසයි
සිතෙ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි
ඔබට මම හරි ආදරෙයි
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලOවි ලගින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැගුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදම
සසරෙ හැමදම
සසරෙ හැමදම

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මිහිරැති වසන්ත කාලේ | Mihirathi Wasantha Kaale by Sathish Perera

මිහිරැති වසන්ත කාලේ
කීම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන්වී තනිවී වේදනාවේ
මිහිරැති වසන්ත කාලේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ලතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෙද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙලීලා
කඳුලැලි නෙතින් ගලාලා – කඳුලැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා ඒ
සොයමින් ගෙවූ අතීතේ
සෙනහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමාවූ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

DUST by Dilo ft. Suhara Perera [2020]

ලැදි කමයි දැන් මුලදී වැරදුන තැන
හිතින් ඈතින් ඉද්දිත් පැටලී උදව් කලේ පැන පැන
දැවටී දැවටී මම හිටියත් නැත කපටි කමක් මේ
රැවටී හිටියා මිතුරන් පදිරී නැත මමනම් තවත්
පෙනුනා දුර තියා ඈත කෙලවෙන බව කොනකින් නොතියා
මම මැද තියගත්තා මිතුරාන් අත ගගා කවි පදනම කිය කියා
වැරදි මිනිසුන් ඇදුනා ජීවිතේ හීන රැසක් මගේ හිසේ තියා මම
පැටලි නඩු කෑවා රැසක් දූශිත මගක පිවිසීමක් මත
ඇවිදන් යද්දි පාරේ මට සික් වෙලා ඈතින් රූප පෙනේ රූප පෙනේ රූප පෙනේ
ගෙවුනු කාලේ පුරා ඩ්ස්ට් ඇදලා මගේ දැන් මස් පැලේ
මස් පැලේ මස් පැලේ

මිතුදම නේ වැරදි පවකට මුල ඒ ඒ එන්නේ පව ගැට ගහන්
කෙප්ප තමයි නිරන්තරේ රජ කලේ අපි අතරේ හේ කන්නේ හිස් මොල කඩා
ඇතිකම නැතිකම රැදෙයි සල්ලි මත තව ඒ ඒ වින්දේ සැප මාල කඩා
ඇති මට හති මට ජීවිතේම එපා වෙලා ඒ ඒ තාමත් ආදරේම සොයයි

ඇති දැන් මේක
වාසියක් ගේද
මගේ හිත කියයි නවත්තපන් දැන් ඒක මේක
කඩපු මාල
හුරුයි දැන් පාර
පවකි මාර බැදිලා තාර කඩපන් කාල වාර ඒ
දුමට ලොල් පපු දැන් ගිනිබත් වේ
සැපම සොයා මන් ඒයි කවදත් සදේ මං නේ
නැත මව්පියන් කුඩාකල සිට මේහි
රගන්න කවුරුත් නෑ මෙහේ කාටවත් නැවෙන්නෑ මේ
කරබාගෙන වෙඩිකාගෙන පොලිසිය පස්සෙන් අදත් මාල කඩාගෙන
මිනිමැරුමාක් ලේ අතේ ගාගෙන දාගෙන ඇන්නේ මන් මහ දවල් පාරේම
මන්ද මානසිකව දත්මිටි කාගෙන කන්ද පහලටම පැන්නා මන් පාරින්ම
සැමදේ අමතක කර ඒ බේරුනේ අත්තක එල්ලිලා මා

මිතුදම නේ වැරදි පවකට මුල ඒ ඒ එන්නේ පව ගැට ගහන්
කෙප්ප තමයි නිරන්තරේ රජ කලේ අපි අතරේ හේ කන්නේ හිස් මොල කඩා
ඇතිකම නැතිකම රැදෙයි සල්ලි මත තව ඒ ඒ වින්දේ සැප මාල කඩා
ඇති මට හති මට ජීවිතේම එපා වෙලා ඒ ඒ තාමත් ආදරේම සොයයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අහසක් තරම් | Ahasak Tharam by Tharindu Damsara [2018]

අහසක් තරම් මං ආදරෙයි
ප්‍රේමයේ නාමෙන්
කදුලු වලට ආසයි
ප්‍රේමකදුලු සුවඳයි

පුංචි ඇස්වල කදුලක්
උනන්න ඉඩ නොදෙමි
දෑතින් දෑතට පටලා ඈතට
ඉඟිලී යනවා සත්තයි

තහනම් ප්‍රේම ඉසව්වේ
මලානිකව හිදිමී
දෑතින් දෑතට පටලා ඈතට
ඉගිලී යනවා සත්තයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හරියටම එක හිනාවක් | Hariyatama Eka Hinawak by Aruna Gunawardana [2019]

හරියටම එක හිනාවක්
බෙදාගෙන එක වතාවක්
සිය දහස් වර හිතට කීවා
නුඹ නොකී එක කතාවක්…..

ගිලී දෙනෙතේ වෙලාවක්
දුටිමි නොදුටුව රටාවක්
අතර මං වී දෑස වැලපේ
සොයා නුඹ රුව වතාවක්…..

දැනී නොදැනෙන විඩාවක්
සිතම අද හුදෙකලාවක්
අතැර යන්නට කොහෙද සිත ඉඩ
නුඹේ සුසුමත් ඉනාවක්…..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

පින්තාරු දෙව්ලිය | Pintharu Dewliya by Gayan Udawatta [2020]

හිතවත්මින් ලන්වෙලා – මේ ඇස් දෙකේ හැන්ගිලා
ඔච්චම් කලේ ඇයි ඔයා හිතපුරා
උන්මාද හැගුමන් පීදුනා

පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා

පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා

දෙකොපුල් දිගේ ආදරේ තවරලා
ප්රේමාදරෙන් මැවුරටා හිත පිබිදුවා
දෙකොපුල් දිගේ ආදරේ තවරලා
ප්රේමාදරෙන් මැවුරටා හිත පිබිදුවා
ශෘන්ගාර හැගුමින් සදවතී පායලා
ඇයි උන්නෙ පපුතුරේ හැන්ගිලා
දගකාරකම් වැඩිය ඕනෙ නෑ හිතෙනවා
මේ ආදරේ ඔබටයි සදා

මා සිතේ හැගුමන් ආදරෙන් මුමුණලා
තුරුලේම ඉන්නම් හදවතේ සිත්තම් වෙලා
මා සිතේ හැගුමන් ආදරෙන් මුමුණලා
තුරුලේම ඉන්නම් හදවතේ සිත්තම් වෙලා
ඔය හදේ රාවයෙන් දුක් සුසුම් නිමවුනා
දුන් සෙනෙහසින් මාව ජීවත් කලා
සෙවනැල්ල වීලා ඉන්නවාදෝ මගෙ වෙලා
දෙව්ලිය ඔයයි මට සදා

හිතවත්මින් ලන්වෙලා – මේ ඇස් දෙකේ හැන්ගිලා
ඔච්චම් කලේ ඇයි ඔයා හිතපුරා
උන්මාද හැගුමන් පීදුනා

පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා
පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අත්සන | Athsana by Nadeera HelaSri ft. Tharindu Damsara [2018]

ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්

මඟුල්බෙර තාලයක කෙලවර
නික්ම යෑමය නැවත් ඒමය
මුදු සිනාවක අර්ථ විවරණ
සදා නොමැකෙන සෙනෙහෙ පෑමය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය

අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය
හදවතින් ශුභපතන ගිවිසුමේ අබියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

කුමාරි රාජ නන්දනී | Kumari Raaja Nandani by Dulshara de Alwis ft. Ridma Weerawardane [2020]

කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

මධුරා හි යමුනා ගං තීරේ
සාගල රාජ කුමාරි

කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

ඒ ප්‍රභාවතී රූප සාගරී
පානා ප්‍රභා මනහාරි

ඒ ප්‍රභාවතී රූප සාගරී
පානා ප්‍රභා මනහාරි

නොතකා ප්‍රේමේ කුස රජු ගේ මන
නොතකා ප්‍රේමේ කුස රජු ගේ මන

බින්ද සදෙහි කුමරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

සතර රජුන් මැද
අභිත නාදකර
ප්‍රේමේ දිනා සුමිහීරි

සතුරු රජුන් මැද
අභිත නාදකර
ප්‍රේමේ දිනා සුමිහීරි

ලෝ වැඩ සෑදූ ප්‍රභා දේවී
ලෝ වැඩ සෑදූ ප්‍රභා දේවී
හා ඒ පෑව අසිරි

කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

මධුරා හි යමුනා ගං තීරේ
සාගල රාජ කුමාරී
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ඇරඹුමම කඳුලක් වෙලා | Arambumama Kandulak Wela by Kasun Kalhara

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා

අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා…

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා

අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා…

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා.
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා.

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here