දෑස නිලුපුල් තෙමා
කඳුලු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ
දෑස නිලුපුල් තෙමා
කඳුලු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ
නිහඬ හදවත් පොතේ ලියැවුනු
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ
දෑස නිලුපුල් තෙමා
කඳුලු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ
පබළු මිණිමුතු නැතේ මා සතු
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ
තුසර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ
Leave a Reply