එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන
ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ
සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම
කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස
එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා… තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා… තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා
ඇස් දෙකේ ලියා තිබුණු පෙම් හිතේ සොඳුරු ලකුණු
ළං වෙලා බලන් හිඳපු කාලයයි හොඳම ගෙවපූ
ජීවිතේ සුන්දරයි ඔයා ළඟ
හිතින් යන්නෙ නෑ ඒ මතකේ නම්
සඳත් එක්ක නෑ අහසේ තරහක් ඔබත් ඒ වගේ හැමදාමත්
එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා… තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා… තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා
Leave a Reply