සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑ
බොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ
මාරුතේ හැමුවොතින්
හන්තාන මල් වී දුකින්
පෙති ගිලිහිලා යන සැනින්
හිත් පරවෙලා යයි හෙමින්
හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආයෙත් තවත් නොඑනා
සෙව්ව රූප රෑ සඳගනාව කෝ පෑ
අන්ත ස්වරය ඈ කී කතාව තව නෑ
ආලාප වාද නොඇසී ඉන්න දෙන්න කාලයක්
පසුගාමි නොකර ආලෙ නැද්ද හීනෙකට ඉඩක්
හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආයෙත් තවත් නොඑනා
written by Mahiru Senarathne
Leave a Reply