in Kasun Kalhara

මල් මිටක් තියන්න | Mal Mitak Thiyanna by Kasun Kalhara

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොඳුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ ගිලී හමා ඇදී නළරැළී
ඔබයි මගේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

තුරුලතා පවා දුකෙන් වගේ
අත වනා හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
මගේ හදේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

banner

Leave a Reply