හිරු අවරට යන යාමේ මේ දිහා
මං මාවත් පුරා
සයිකල් සීනු හැඬවුනා
නෑ සෝ තැවුල් අප සිත් වල සිනහා ඉතිරුණා
මුදු වෙරලේ පා නගා
සෙල්ලම් කරමින් කල් ගෙවා
සියොතුන් විසිරී ආකාසේ දුර ඈත සිතිජයට පියඹුවා..
එක රෑනේ යලි පියඹන්නේ කවදාදෝ මා සිත විමසුවා..
මේ මාවතේ අප බාලේ මතකේ ලියවුණා
මිතුරන් ලෙසින් එක්වී සොයුරන් සේ අපි වෙන්වුණා..
සිනාවන් ගෙනා ඒ මතකේ සැමදා රැව්දෙනා..
අතීතෙන් හමා එන සුළඟේ පාවී යාවී මා..
අත් වැල් පැටලී මා ඈ හා
ආලේ මට හමුවුණා
ගත වූ මොහොතක් පාසා මා ජීවේ සුව වින්දා
දෑසේ කඳුලැල් නෑ නේ මා
මතකේ මිහිරියි එදා
හමනා සුළඟේ ඈ සුවඳත් ඒ හමා
ඒ මතකේ මා හද රන්දා ඈ සුරලොව ඉමවෙත පියඹුවා
ඈ නිදනා නුග ගස් හෙවණේ කැමෙලියා මල් සුවඳ නැහැවුණා
Leave a Reply