මුතු මුතු පැති මත සියුමැලි
මට බර මදි දරාගන්න
සියොළඟ රිසි ලෙස නෙතු යදි
මගේ හිත අදට හදාගන්න
ඉඳ හිට තනියෙන් හඬා යන්න
මගේ මේ මනස හදා ගන්න
ඉඳ හිට තනියෙන් අඬා යන්න
මගේ මේ මනස හදා ගන්න
අලුයම
නොනිදන නගරේ නිදි මරපු ඇස් දෙක
කරගැට පිරුණු දූවිලි තැවරූ අත් දෙක
කලු වෙච්ච තොල් රලු වෙච්ච උර තල
උණු වෙච්ච හිත දවසම ඇඬුවා සතුටට
මගේ මැරුනු ගතට උඹ දුන්න ප්‍රාණය
තුරුලු කරන් ඉද්දි දැනුනු ඒ සහනය
පහදලා දෙන්න වචන මදි හෝඩියෙත්
උඹ හින්දා මම අද සක්විති රජෙක්
වෙන නෑ තුටු පඬුරු පීන සත් සයුරු
හැඟුනා ජීවත් වන අයුරු පිහිදා කඳුලු
පසු කලා රැයවල් අඳුරු කම්කටොලුවන්
දැම්මා සතුටු පරය වැට කඩුලු
පොෂ් මලක් ඕනෙම නෑ අහසේ ගෑවෙන
ක්ෂිතිජය නුඹයි අහසට මුහුද හාවෙන
තනි තරුවකි රැයේ පණ කියා දෙන
පිච්චෙන මධ්‍යාහ්නේ වළාකුලක් පාවෙන
අලුයම ඉර දැක්ක ඔය ඇස් දෙකෙන්
අමතක උනා දුක වඩද්දී මේ අත් දෙකෙන්
මම මගේ හිත හීනත් එක්ක තරඟයක්
ළඟ නැති උඹ රැයක් උඹ ආලෝක වර්ෂයක්
උඹේ ගැහෙන හද මගේ හද රිද්මෙටලු
උඹේ නහරවල දුවන ලේ මගේ උණුහුමලු
උඹ මගේ දුව වුනේ දෙවියන්ගේ නියමෙටලු
මේ දැනෙන්නේ ආදරයද නෑ ඔබ ජීවයලු
මුතු මුතු පැති මත සියුමැලි
මට බර මදි දරාගන්න
සියොළඟ රිසි ලෙස නෙතු යදි
මගේ හිත අදට හදාගන්න
ඉඳ හිට තනියෙන් හඬා යන්න
මගේ මේ මනස හදා ගන්න
ඉඳ හිට තනියෙන් අඬා යන්න
මගේ මේ මනස හදා ගන්න
අලුයම
Leave a Reply