දෑසෙ ආදරේ | Dase Adare by Ruwan Hettiarachchi

දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

සවන් පිරේ කියන් සදේ
මමයි ඔයාගේ
නුඹෙයි මගෙයි කතන්දරේ
හෙටින් උදාවේ

පවන් රොදේ වෙලෙන් ඇඟේ
දෙතොල් විමානේ
සැරින් සැරේ හැගුම් පිරේ
යහන් තලාවේ

හරි ආදරෙන් ගෙනා සෙනෙහසේ කාරනා
පිලිගන්නවාද මමයි ඔයාගේ

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

written by Sajith Akmeemana

සිත් ආරණ්‍යයේ | Sith Aaranyaye by Bachi Susan [2022]

දෝතින් දරා මල් පුජාසනයේ
දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ
පායා ඇවිදින් සිහින ඍතුවේ
මා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි
මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි
රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම උරුයි
පෙම් කරනා විට මහද සෙනෙහස ගොළුයි

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ
ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ
පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි
මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරෙ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

written by Sanath Gamage

අම්බපාලි | Ambhapali by Muditha Subasinghe [2022]

ප්‍රාණ සම කෝලම්භි දෑස අල්ලා
ළා දෙතොල් ඉස්මත්තෙ සතපවන්නා
රාග සිත කැළතෙන විලස ගස්සා
ඈගෙ ඉඟ නැළවෙන්නෙ රාග ඉල්ලා

අම්බපාලී මවනා රුවක කැන්දා
දුන්නු රතියේ සිහින මා ද වින්දා

අම්බපාලී මවනා රුවක කැන්දා
දුන්නු රතියේ සිහින මා ද වින්දා

වැහි බේරී දිය යාවී ගලලා
ළැම තෙත් වී රුව දිස් වේ ඇඳිලා
මයුරාවී රූ නාරී උපමා
ඇගෙ හුස්මේ පපු ගැස්මේ මැව්නා

රෝස පෙති සේ දිස් වූ කොපුල වින්දා
සේද වන් දිලිසෙන්න හන්ස බන්දා
නාරි රුව හැඩ කැන්දු මාද වින්දා
හීනයක සැතපී ම සුවය කැන්දා

ඈත සමයේ සිට ම හීන මැව්වා
නාරි රූපේ මතක තනිව වින්දා
ක්ශීර ගඟුලේ දියට මුවග තෙමුනා
මාගේ නොවනා නුඹව මාද වින්දා

written by Madushanka N Garusinge

මතකද හැන්දෑවේ | Mathakada Handawe by Raini Charuka

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

රන් කෙණ්ඩියකින් | Ran Kendiyakin by Punsiri Soysa

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

කාටත් වරදින එකම වෙලාවක
නැති බැරිකම ආදරයට පැරදී
මටත් වැරදුණා මමත් පැරදුණා
තේරුම් ගන්නට බැරි හදවතකට

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

කීවත් මොන දේ හිතට දැනේවීද
සෙනෙහස නැති නම් කුමටද ලතැ වී
ඔබෙන් වියෝ වුණු සිතෙන් කියනුයේ
සියතින් ගෙල සිඳ මිය යනු බැරිකම

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

සැන්දෑ අහස වගේ | Sanda Ahasa Wage by Malani Bulathsinhala

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

හිස ගවසන්න සිතා – සමන් පිච්ච පොකුරු ගෙනා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා තරුයි කියා ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

කණ පලදින්න ගෙනා – තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා අඩ සඳ යැයි ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

written by H.M Jayawardhane / Lucian Bulathsinhala

නාරා | Naara by Dulan ARX [2022]

මං මලෙන් උපන් කුමාරයා වේදනා සින්ද
විස කටු ඇනී හිත දනී දුක මං වින්ද
වාසනාවක් නෙමේ මේක කැප කලා මං නින්ද
දන්නෝ දනී නොදන්නෝ බුරති මට කිම්ද

අදින්න අදින්න කකුලෙන් මම ගෑවා කොල්ලෝ greese
හදවත් රසික එකිනෙක කරනවා seize
හූල්ලන්නේ මොකද හැදිලාද wheez
ගැලපෙන්නැත්නම් මාව අන්න දොර යන්න please

නාරා වලෙන් මං ගොඩ ආවේ පීනා
එන්නෙපා ගිය උන් නම් දාලා
ගත්තා මං නරි ටික නාවා
එපා බුහුමන් මට

හාවා වෙන්නෙපා කොල්ලෝ කැරට් කෑවත්
බොක්ක නම් දේවි පොර කාලා
ටොක්ක මුන් දෙන්නේ අත ගාලා
තේරෙද්දි පෙරහැර gone..!

රැල්ලට විසි වුනේ කවුද bro ? අපි හැදුවේ රැල්ල
මේ පෑන මගේ හෙණ්ඩුව සද්ධන්තයෝත් දැන් මෙල්ල
මං වාචාලයෙක් නෙමේ ඕන තැනදි විතරයි කට
පිටවෙයි වචන පපුව මැදට හෙල්ල

කවදාවත් දුන්නෑ පාවා
කාවත් දීලා නෑ මං බිල්ලට
“සංගීතේ අඬන” ගත්තේ අකුලා අල්ලට
යද්දි මුදුනට බලන් එක එල්ලෙට
ඇදන් යන්න පුලුවන් එකා හලන්නේ නෑ හිතේ නෑ මගේ

තණ්හා තණ්හා තණ්හා ///
නෑ..නෑ..!!
තණ්හා තණ්හා තණ්හා ///
නෑ..නෑ..!!

මගේ වචන වෙද්දි බං රා
සින්දුව නාලාගිරි
වැඩේදි වැඩේ කරා
මගේ නෑ බාලගිරි
මූණු දෙක තුනේ පොරවල් එක්ක උරෙන් උර ගැටි ගැටි තරණය කරන්නේ මං වංකගිරි

එදා හිටි එකාමයි මං තාමත්
නවත්තන්න බෑ පොර බැද්දත් ආයේ හමුදාවක්
මං පණ දුන්නු සින්දු උඹලාට කට පාඩම් වෙද්දි මට මාව මග ඇරුනා බං හැමදාමත්

නාරා වලෙන් මං ගොඩ ආවේ පීනා
එන්නෙපා ගිය උන් නම් දාලා
ගත්තා මං නරි ටික නාවා
එපා බුහුමන් මට

හාවා වෙන්නෙපා කොල්ලෝ කැරට් කෑවත්
බොක්ක නම් දේවි පොර කාලා
ටොක්ක මුන් දෙන්නේ අත ගාලා
තේරෙද්දි පෙරහැර gone..!

විද්දේ පඳුරට නෙමේ හාවට හරිම මිම්ම
මං මාන බලන්නේ දැන් පනින්න දුරම පිම්ම
Haters! Thank you මට දුන්නට ගැම්ම
ඒකයි ආවේ උඩ කඩාන බැම්ම

දේශපාලනේ සංගීතේ උනොත් මම වෙන්නෙ “රනිල්”
මං ඔප දාපු මැණිකක් ලාබෙට දෙන්නෑ “විනිල්”
RIP uncle “සුනිල්”
දෙන්නේ බල්ටි No whistle
මං නැවතුනත් උඩටම රැප් අරගනිල්ලා නෑ

තණ්හා තණ්හා තණ්හා ///
නෑ..නෑ..!!
තණ්හා තණ්හා තණ්හා ///
නෑ..නෑ..!!

උන්මාද චිත්‍රා | Unmada Chithra by Sahan C ft. Kavindya A

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

සමුදුර තොටුල රැළි නැගුනේ
සුවදට මදනලයි විසිකලේ
සැගවෙන්න දේවී පඩු එයි මතු දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

නාදලු පැටලේ
මීවිත සැපයට නැලවේ
ඔබ ගෙල දo ගෙඩිය රසවන්ත වේ
මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ
ආලේ වේ

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

written by Milinda Madawa Perera

මගේම ලොවක මං | Magema Lowaka Mang by OOSeven

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

නිහඬ බව හොදම පිලිතුර
දැවෙන හිත නැතිකරා මෙහෙ ඝනදුර
සාමකාමීබව නැතිකලා විසෙන් විස නැසීම අවසාන වටය දැන් පේන දුර

මම දන්නැ කවදද සුභ නැකත
ලැබුනා දෙවනි වතාව මට නැවත
හැම හවසම හීන ගැන කතිකාවත
මම යන ගමන පැහැදිලි දැන් මාවත

මැරෙන එක ලේසී මිනිස්සුන්ව තේරුම් ගන්නයි අමාරු
මම සංවේදී වගකිව යුතුයි සමහරු
වටිනාකම නැති තැනක රැදිලා කරපු දේවල් ගැන ගැහුවේ නෑ කයිවාරු

ආදර ගීත ගෙනාවේ නින්ද
බලිකුරුටු ලස්සනයි මම හිතේ ඇන්ද
හීන ගොඩක් ඇති යටි හිතේ සිතුවම් වෙලා ඒවා බලන්න ගන්න ඕනී සුව නින්ද

වෙනදාට වඩා වෙහෙස දවසක් අදනම්
කලු වලාව අරන් එන්නේ වැස්ස තෙමෙන්නේ මං
හුරුපුරුදුයි කැස්ස මටනං
මගේ නිදහසේ මං
බාධා කිරිම තහනම්

සදාකාලික නැ තාවකාලික මේ ලොකේ හදන්නේ මාලිග
අහස උසට යන්නම ගෙවන්නේ ණය වාරික
සරල චරිත සැහැල්ලු කරයි ලොකේ සාදේක
මදාවික නැවක මම නාවික

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

ඇතුලේම ගිනි නොපෙනේවී පිටට
දැවෙන ගිනි නියගය වගේ හිතට කැපුවා ඉනී
දෙන උපදෙස් ගගට සමනයි
කම්මැලිකම වැටෙයි මං මහ මගට

මං පුරුදු වුනා දේවල් කනපිට දකින්න
නිහතමානී චරිත වලට ගරු කරන්න
සමජේ ඇසුර ගැබුර දැක්ක දේවල් මදී
ජීවිත ගමනේ හදිසි තීරණ නොගන්න

දැන් මාව ජීවත් කරවන්නේ සද්දේ විනෝදේ
වෙනම ලොවක සතුට සංගීතේ
හුදකලාවට ප්‍රිය කලා බොහෝ සේ
හිත කැමති නම් දෙකක් Valentina,Rossy

Rap විතරයි ලංකාවේ අන්තිම කැමැත්ත
අපි ආවා ආයේ ඇයි කැමති නැද්ද
අහන්නේ ආසාවේ දන්නෝ දනිති මං ගැන
මං ගත්තේ හැමෝගේම හදවතේ මැද්ද

written by OOSeven

ගානට හැදිලා | Ganata Hadila by RapZilla [2022]

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

දැක්ක ඒ කාලේ
උබ සුන්දර කොටේ වගේ
කලු කෙල්ලෙක් ගිය පාරේ
හැරිලා බැලුවේ නෑ නේ ආයේ
ඉස්කෝලේ කාලේ
අපි ගියේ එක පාරේ
මන නිච්චි නෑ නේ නුඹේ
මන බන්දන නුබේ රූපේ

බම්බුව වගේ
ඉහේ ඉදන් අඩියට මැගේ
ඉස්සර මෙච්චර අගයට ඇගේ
තිබේ නෑ නේ පශ්චාත් බාගේ
යන විට පාරේ බද නලවන තාලේ
රෑට නින්දෙනුත් දැන් මට මතකෙට එනවා නේ

සුදූ ඔයා ඕක
කොහෙද හංගන් හිටියේ
දාන්න පුලුවන් නේද ඕනෙ බරක්
ඔය ඩිකියේ
හිර වැඩී නේද ඔය දාගෙන ඉන්න පටියේ
පටිය නැත්නම් පැලෙයි
උඹ නැවෙන්න එපා හන්දියේ
ඒ නංගියේ
එන්න අද නගින්න මගේ වන්ඩියේ
ඕනේ බරක් ඔට්ටුයි
යකඩ කෑවේ ජිම් එකේ හන්දියේ

සෙල්ෆී ගහලා වීඩියෝ කරලා
දාන්නේ නැද්ද බුකියේ
ගල විදපු තැනින් නැගලා
යමුද උඩට පැන්චියේ

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

නංගි දන්නවාද
මම තාම සිංගල්
දෑතේ හයියෙන් ජීවත් වෙන්නේ
පැද පැද ට්‍රඇක්ටර්
ඕනෙ වෙලාවක රෙඩි වෙන්න මම
මින්ගල්
දිග දාලා ගේම ගහමු
මමත් හොද ඇක්ටර්

විට හපලද රතු පාට තොලේ
වැකුම් එකෙන් ඇදලා වගේ පිම්බිලානේ බොලේ
වැටිලා තැන තැන පෙති වෙරලු මලේ
වැකුම් කරේ නැත්නම් නංගී බහී ඔය අගේ

ගම්බෝලේ පැද්දේ
හිර වෙන්නම් මං මැද්දේ
ලෙලි ගහලා වික්කේ
රස බලමු පස්සේ
තවම ගැස්සේ තොපි බලයි ඉස්සී
ඔය පැගිරි විසිරී යයි
කොන්ඩේ අස්සේ

නුඹ වරෙන් දැන් ආයේ
මේ උකුලට මගේ
රැප කියන් තාලේට
මම වයන්නම් ආයේ
උඹ මෙට්ටය වගේ නෑ කොට්ටට ඕනේ
නිකන් රගපන් තාලෙට
මේ අඩවිය මගේ

written by Dinesh Saranga