රන් සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල් පාරේ
පාසල් ගිය කාලෙ හිතේ නැදෑද ඔයාගේ
අද ඇයිදො මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දො ඉන්නෙ…
මූන කැතයි කියලා ඔයාගේ
බොරුවට මම කියපු චෙලාවේ
තරහා වෙලා යන්න ගියා
දැන් සතියක් ගෙවිලා ගියා
අදවත් ඇයි හිනා නොවෙන්නේ
හෙටින් පස්සේ නිවාඩු කාලේ…
වෙනදට උදයම මැයි ගහ අද්‌දර
මග බල බල ඔබ ඉන්නවා එනතුරු මා
දැන් ඔයා කිපීලා පාරේ යනු බලාලා
වේදනාව හිතේ පිරෙන්නේ
ආයෙත් නෑ විහිළු කරන්නෙ…
රන් සමනල ජෝඩුව..
සෙල්ලම ලෙල්ලම වෙනබව නොදැනයි
මේ වගෙ ළමයො මම නම් විහිළු කලේ
ඇයි අශොකමාලා ඔය වාගේ කොපවීලා
ඉක්මනටම වයසට යයිනේ
නැත්ද ඔයා මේ බව දන්නෙ…
රන් සමනල ජෝඩුව…
Leave a Reply