කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්
දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්
නිකැළැල් මාගේ ආලය විඳිමින්
හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්
වෙනදා තරම් මුව දෙන්නෑ අදත්
මට නුඹ මිසක් කවුරුත් නෑ තවත්
සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ
නිදි නේන කාරණා හිත ගාව ඈඳිලා
නුඹ කීව ගීතිකා සිහි වී ගියා
පෙර වාගෙ පෑ සිනා යළි ඒ ද පීදිලා
ඒ කාලේ ගෙන එන්න ආයෙත් සදා
නුඹෙ පහස නොලැබිලා දෙදිනක් ම ගත වුණා
යලි ඉන්නෙ නැති වේද පෙර මෙන් ඔයා
විරසකව තනිවෙලා ඉනු බැරිය හිනැහිලා
මා එක්ක සැනසෙන්න බෑ රළු වෙලා
සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ
Written by Lakshitha Mihiran
Leave a Reply