අඬන්නෙ ඇයි සුදු මැණිකේ | Adanne Ai Sudu Manike by H.R.Jothipala

අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුනේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගෙයි
ප්‍රියාවි රැක ගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ

අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

ආදර මධුර අතීතේ | Adara Madhura Atheethe by H.R.Jothipala

ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ මේ
රසවන්තී මිහිරී…. රසවන්තී මිහිරී

පැතුම් විලේ කුසුම් පිපේ
සුසුම් මැදින් ආදරයේ
ශෘංගාර මධුලෝල ජීවනයේ

ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ මේ
රසවන්තී මිහිරී…. රසවන්තී මිහිරී

සැලෙන බඳේ එතෙමී ළඳේ
මිහිර පාතා ආදරයේ
චල ලෝචනී ප්‍රේම ආකරයේ

ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ මේ
රසවන්තී මිහිරී…. රසවන්තී මිහිරී

jothipala song,jothipala songs,hr jothipala songs,jothipala best song,jothipala best songs,jothipala song nonstop,jothi songs,hr jothipala best songs,jothipala original song,hr jothipala,jothipala dj,hr jothipala cover songs,jothipala song collection,jothipala mp3,h r jothipala,hr jothipala songs karaoke,hr jothipala popular songs,jothipala dj nonstop,hr jothipala nonstop,jothipala old hit,hr jothipala original songs,jothipala

ආදර මල් පවනේ | Adara Mal Pawane by H.R.Jothipala

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා

වේදනා කන්දේ ඉඳලා
ආදරය දැක අත වනලා
සුළගේ පාවී සුසුම් හෙලාවී
දුලීකා …. දුලීකා …. දුලීකා …. දුලීකා
දුලීකා …. දුලීකා …. දුලීකා …. දුලීකා

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කවුදෝ දන්නේ කොහෙදෝ යන්නේ
දුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා

චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
නැලැවී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ කඳුළැලි මුහුදටදෝ

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා

ආදරයෙන් වෙන් වීලා | Adarayen Wen Weela by H.R.Jothipala

ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
ආදරයෙන් මත් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ

නෙත් පේනවා නම් හිත් පේනවා නම්
රසේ දන්නවා නම් නිසි කාලේ මේ නම්
ඒ සුබ මොහොතින් ඇයි ඵල නොලබන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ

නෙත් පෙනෙනවාමයි හිත් තියෙනවාමයි
රසේ දන්නවාමයි නිසි කාලේ මේකයි
මා ගිනි දැල්ලකි මැද්දේ ඇවිලෙන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ

ඒ ගින්න නිවලා මද සීත ගෙවලා
මා ඉන්න ඇදිලා පිළිගන්න බැඳිලා
එකම රැයක මුළු ජිවිතයට ඇත්තේ

ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ

ආදරේ හිතෙනවා | Adare Hithenawa by H.R.Jothipala

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි

ඔබ සොයා ඉගිල එයි
මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි

හැංගුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි

ආදරේ සිහිනයකි | Adare Sihinayaki by H.R.Jothipala

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේ
ඔබෙ හෘද්දේ හි…
ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ
මම ඔබෙ සෙවන පතා ආ….ඕ…..
මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

මල පූජිත පින පාදවන කුමාරි රාණි
මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි
සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි
පොවලා ප්‍රේමෙ අමා…ආ
පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ඔබේ පෙම් වදන් නෑ | Obe Pem Wadan Na by H.R.Jothipala

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ

හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්

චන්දන ඇල්ලෙන් | Chandana Allen by H. R. Jothipala

චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

මලට මුවා වී ඉන්නේ – මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ – ලෝකය නෑ එය දන්නේ

චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

දහසක් නෙත් යොමු වන්නේ – එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ – සිහින ලොවේ හමු වන්නේ

චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

එක කුසුමකි පිබිදෙන්නේ – එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා එන්නේ – වෙනසක් නෑ සිදුවන්නේ

චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

පණ වාගේ හිටියාට | Pana Wage Hitiyata by H. R. Jothipala

පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය ඒ නම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා

පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය ඒ නම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා

ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්
හදවත පලලා උණු ලේ දහරින්
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා

ස්‌ථීර ආලයට මැරුණත් සැපක්‌ නම්
මා ජීවේ සැපතක්‌ ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවී වළකන්න බැහැනේ
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා

වසන්තයේ මේ | Wasanthaye Me by H. R. Jothipala

හෝ
වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
අර ගුවනේ නැඟේ නැඟේ චායා
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ
වසන්තයේ මේ
ආදරයේ දේදුනු පායා

බලන්නකෝ මේ මීදුම් සේලේ

සීතල යාමේ පාවේ
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ……

එකමුතු කමේ මේ…. මේ….
පිය වදන් ඒ…..ඒ….
රස වදන් ඒ…..ඒ….දේ හැගුම් විනෝදේ
හදවතේ වතේ සේ…සේ…
ගී හඩින් ඒ….ඒ…..
කඳු මතින් මේ… මේ…..දේ හැගුම් විනෝදේ
අනාගතේ ඡායා හදවතේ මැවීලා
හෝ…… අනාගතේ මැවිලා හදවතේ ඇදීලා
හෝ…..හයි….හයි…..
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ……
සීතල යාමේ පාවේ……
සීතල යාමේ පාවේ……
හෝ……… වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා…
අර ගුවනේ නැඟේ නැඟේ චායා…
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ
වසන්තයේ මේ
ආදරයේ දේදුනු පායා..

බලන්නකෝ මේ මීදුම් සේලේ

සීතල යාමේ පාවේ……
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ……

ලස්සන ලොවේ….ඒ….ඒ….
කුමරියන් සේ….සේ…..
මට පෙනේ මේ….මේ….
දැන් එයා සිනා සේ……
පියකරැ ලෙසේ සේ…..සේ…..
කදුකරේ මේ…..මේ…..
හදවතින් මේ….මේ….දැන් නැගේ සිනාවේ
අනාගතේ ඡායා මං මැවූ විලාසේ
හෝ……හදේ අපේ රේඛාවක් මැවී සිනාසේ
හෝ…..හයි….හයි…..
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ……
සීතල යාමේ පාවේ……
සීතල යාමේ පාවේ……
හෝ……… වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා…
අර ගුවනේ නැඟේ නැඟේ චායා…
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ……
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ…….
වසන්තයේ මේ……
වසන්තයේ මේ……