රවන්නට | Rawannata by Dilanka Fernando ft. Kaizer Kaiz [2021]

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

මේ ඇත්ත භුමි තෙල් උඹ ගැරඬිද
උඹ විතරක් හරි මම වැරදිද
කනපිටමයි දැක්කෙ ඔයා හරි පිට
ඒත් අඩියක් තිබ්බෙ නෑ උඹේ හිතෙන් පිට

අනාගතේට බාධාවක් අනාගත්ත අතීතෙ
එක බොරුවට මම කරා දාහක් හරි දේ
ගලක් බැඳන් පැන්නා මං උඹේ හිත් සයුරේ
එදා ඉඳන් ගිලෙනවා අවිශ්වාසේ ගැඹුරේ

බලන් රවනවා ආදරෙන් හිනා උනත්
කරපු කිසි දේක ඇයි දැක්කෙ නැත්තේ ගුණක්
ඒත් උඹ දාලා යන්න තාම නෑ අරමුණක්
මගේ පණ උඹ නැත්නම් මම මලකුණක් (kaiz)

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

සීරුවේ දැවෙනා
හද මා නුඹෙන් සඟවා
රහසේ හිතින් තැවුනා
සැමදා..

මා හිතත් බිඳලා
අපගේ ලොවින් මිදිලා
නුඹ ඈත යයි පියඹා
හැරදා..

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

රවන්නට මා දිහා බලලා
වැරැද්දක් නෑ කලේ කිසිදා
ඔබෙන් තොර ආලයක් සොයලා
ගියේ නම් නෑ ඉතින් කිසිදා..

බලන් රවනවා ආදරෙන් හිනා උනත්
කරපු කිසි දේක ඇයි දැක්කෙ නැත්තේ ගුණක්
ඒත් උඹ දාලා යන්න තාම නෑ අරමුණක්
මගේ පණ උඹ නැත්නම් මම මලකුණක්

බලන් රවනවා ආදරෙන් හිනා උනත්
කරපු කිසි දේක ඇයි දැක්කෙ නැත්තේ ගුණක්
ඒත් උඹ දාලා යන්න තාම නෑ අරමුණක්
මගේ පණ උඹ නැත්නම් මම මලකුණක්

යකඩ හීන | Yakada Heena by Kaizer Kaiz ft. Lil Neo [2020]

අත්තටු නැතත් ඉගිලිලා
අහසම උඹ කළු කරා
ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා
මරුවට උඹ ලන් වුනා

මාරයත් එක්ක
නිදියන්න ගත්තම
පේන හීන යකඩයි
උබත් දැක්කද

උබේ වේගෙ මුල
මගේ ආවේගෙට
උබේ යාලුවෙක් උනේ
මන් කරුමෙට

First එකේ යන ජීවිතේ දන්නවා
Second වෙන්න බෑ race එකේ

3rd time උබ හැප්පිලත්
අඩුවක් නෑ නේ
ඇයි තාම වේගයේ

උබ අව්වට පොඩ්ඩක්
යනකොටත් අම්මලා
ගේත් පෙරලගෙන
හොයනවා කුඩ
උබ හයියෙන් යනකොට
අම්මගෙ කකුල
ගෙදර ඉදගෙනත්
Break එක උඩ

යකඩ රත් වෙද්දී
පිච්චුනේ අම්මාගේ හිත්
තොපි මැරුනම
ඇවිලුනාට ගිනි
අවුරුදු ගානක් යනකන්
හිස් වෙයි
ඒ නිවසේ ඇති නිවිච්ච ලිප්

මව්පියන්ගේ හිත් දුවන්නේ
තෙල් වලින් නෙවෙයි
දූ දරුවන්ගේ පෙමින්
මේ ජීවිතේ දුර්ලබ ගමනක්
දෙයියන්ගේ නාමෙට
දැන්වත් යමන් හෙමින්

අත්තටු නැතත් ඉගිලිලා
අහසම උඹ කළු කරා
ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා
මරුවට උඹ ලන් වුනා

මාරයත් එක්ක
නිදියන්න ගත්තම
පේන හීන යකඩයි
උබත් දැක්කද

උබේ වේගෙ මුල
මගේ ආවේගෙට
උබේ යාලුවෙක් උනේ
මන් කරුමෙට

උබ දුකින් ඉන්නවට
බයවෙලා
ආයෙත් හදලා දෙයි තාත්තා
ලෝකෙට ණය වෙලා

ලක්ෂ ගනන්
බෙහෙත් වලින් හොද කලත්
ආයෙත් එයි තොගෙ පිස්සුව
තද වෙලා

Ducatti කරගෙන ස්කූටරේ
නවත්තපන් දැන්වත්
ඔය සෝබනේ
මාරයාවත් දාගෙන වාහනේ
යකඩ හීනෙන් වෙලා තොපි
මෝහනේ

හෙල්මට් නෑ බං
මෝඩකමට
හැප්පුනොත් කුඩු
යන ගමන වලට
බයික් එක ගත් නිසා
තාත්තගේ නමට
එයා මනසෙන්
පෝරකේ එල්ලෙයි දුකට

සිවිලිමක් වත් නැති වහලෙන්
දුක බේරෙයි පුතාගේ මරණෙන්
අම්මලා අයේ නියයි ඒ පාරෙන්
පොඩි පුතාව මැරුවට
ඇති වයිරෙන්

ඒක නෙවෙයි බන්
හොදම හරිය
උබ මැරුණත්
ගෙවන්න වෙනවා පොලිය
අපි ගිලෙයි දුක් ගගේ
ප්‍රශ්න සුලිය
ඔබ ආතල් එකේ වලේ
දීලා පුඩිය

පාගපන් තව තවත්
ලෑල්ලට
ඒ ලෑල්ල ගමු පස්සේ
පෙට්ටියේ පියනට
අපිත් ඇවිත් කරගහන්නම් ඉතින්
බොගේ යලුවෙක් වුන ඒ කරුමෙට

අත්තටු නැතත් ඉගිලිලා
අහසම උඹ කළු කරා
ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා
මරුවට උඹ ලන් වුනා

මාරයත් එක්ක
නිදියන්න ගත්තම
පේන හීන යකඩයි
උබත් දැක්කද

උබේ වේගෙ මුල
මගේ ආවේගෙට
උබේ යාලුවෙක් උනේ
මන් කරුමෙට

උබේ හීන
ජීවිතේ කරවයි වින
උබට වගේම
දෙමව්පියන්ගෙත්
හිත් වල ඇති බං හීන

තොල් සායම් | Thol Sayam by Izzy Iznu ft. Kaizer Kaiz & DKM [2017]

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

දෙදෙනා අඳුරේ අද රෑ මගේ කිරුළේ හිමිකාරි
හෙට නෑ නුඹේ නෙතුවල දුටු කාමේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹේ ගත පිනවූ මගේ ලෝකේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹ සිරකාරියේ

තොල් සායම් ඳීය වී අඳුරේ මත් වී
සැඟවූ මල් පෙති නිදි නැති රැයේ ඔබටයි පැවසුවේ

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

වටලන්න මගේ තොල් නුඹේ හාදූ සේනාවෙන්
දවටන්න ඇඳ ඇතිරිලි නුඹේ සුවඳෙන්
කිමිදෙන්න ආසයි නුඹේ කෙස් රැළි අතරින්
පරදන්න හඳ කව්ද ලස්සනම තරඟෙන්
ආදරේ මැන්න ඇය දිව කරන් අඩි රූල
මැණික් කෝටිය තිබ්බත් තෝරගන්නේ නුඹේ මූණ
නුඹ ඇල්ලුවත් මැවෙනවා සුරලෝකේ රූප

ඒකයි රටම හැදුවේ අපි ගැන ඕප දූප
කලකට පෙර ඔයා මට තිත්ත මිදි
ඒත් උත්සහවන්තයා ජය ගනි
මගේ ලඟින් ඔයා නිදි හිත කොතනද මම හිටියේ ඒ ගාව
සතුට මොකක්ද ඇහුවොත් පෙන්නනම් ඔයාව

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

කදුළු | Kandulu by DKM ft. Kaizer Kaiz [2020]

සිරවී සිටිනේ ජීවිතයේ
නුබ රුව මැවී මැවී ඇවිලෙන්නේ
දුක නැති මග සොයනා කාලෙක
අප දෙදෙනා වෙන් උනේ
මග හැරුනූ ඒ දවසට යන්නයි
මා පැතුවේ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇගේ රුව මා දකිනා දවස
පලවෙනි ලියුම කියූ දවස
පලවෙනියට සිපගත් දවස
මතකෙට ආවේ අදද

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇත්තක් වහන්න බෑ
දැම්මත් දාහක් මුඛවාඩම්

ලස්සනම දේවල්
ඉගැන්නුවේ කැත පාඩම්

අපේ අතීතෙට මට
එකපාරක් යන්නට හැකිනම්
උඹේ හිනහව ගෙනත් දෙනවා
කෙල්ලේ ආයේ නාඩන්

මගේ හිත දිනුවට
දුකද මම දුන්න සහතිකේ
සමාවෙයන් කෙරුවට
සෙනෙහස ගාතනේ

රට්ටුන්ට තොරණක් වෙලා
අපේ මේ ජාතකේ
උන් ඒ එලියෙන් සතුටක් ලබද්දී
අපි තාමත් කලුවරේ

නුඹ ගැන
මම ලියූ හැම වදනක්ම
මතක් වෙන නිසා කෙල්ලේ
උඹේ හැම අගලක්ම

හදාගන්නම් මම
මගේ අතින් උන වරදක්ම
නුඹේ සතුට විතරයි
මට ආයේ වැදගත්ම

ආදරේ නම් හිත
සනසපු වචනේ

උඹ අකුරක් ලිව්වත්
මම උනා නේද මකනේ
ආයේ සමාවෙලා
තුරුලු වෙලා මේ සීතලේ
මූන බලන් කියපන්
නුඹේ අවසන් තීරනේ

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

සඳවදනී | Sandawadani by Romano Fernando ft. Kaizer Kaiz [2020]

සඳවදනී ආදරේ කියන්න
රූ රැයේ මා දැනේ දෑස ගාව
ඉකිබින්ද සිහිනයේ පාට ගෑව
පහුරුගානා චේතනා තේරුනාද

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත…

රෙදි යාරයක් දෙකක් ඒක මාරම කිටක්
අම්මප දැකල නෑ මේ වගෙ පිටක්
පළවෙනි පාරට ඉම්බම ටිකක්
මගෙ තොල් රතු වුණා බං කාල වගෙ විටක්

අත ගන්න බලාන කෝටියක් පෝළිමේ
මගෙ කරගත්තෙත් පුරවල පෝරමේ
බාර් එකෙ හිටපු මං උඹ එක්ක කාර් එකේ
ටයර් ගෙවෙනකන් චාරිකා රට වටේ

කාටත් දෙවෙනි නෑ මේ නංගියා
පොඩ්ඩක් ඇත්තන් පැටලෙයි හරි චන්ඩියා
එයා එක පාරක් බැලුවම හොරෙන් මං දිහා
දුක සාංකාව එහෙනම් කොල්ලො මං ගියා

ඈ ලං වුණානේ රෑ පේන හීනේ
ඒ ගෙවුණු කාලේ
සිහින අස්සේ තාම ගැස්සේ
මේ සේද වැස්සේ හිමිවේද කවුද දන්නේ
මා පැතුව ආලේ
පපුව අස්සේ පපුව අස්සේ

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත..

නිල් දෙනෙති | Nil Denethi by Iraj ft. Kaizer Kaiz , Clewz , Romaine Willis & Tony T [2020]

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

මට පෙන්න ගත්ත දෙවේලී
හදවත පතුරු ගැහිලා ගිහින් ලෙලි
වතුර බිව්වා වගේ කෑ ගමන් නෙල්ලී
හරිම ස්වීට් කවුද අනේ මේ කෙලී

උඹ මිරිගුවක් ද මට ඇත්ත කියපන්
නිමක් නෑ මේක ටෙම්පල් රන්
නුඹ දැලේ දාගන්න පස්සේන් පන්නං
ලගින්ම එන කළු යකාද මං

ඕනෙ නෑ කෙල්ලේ සක්කර වට්ටම
නිකන් දුන්නා වගේ අවුරුදු වට්ටම
ඇවිත් ඩිංගක් උඹ තුරුල් කරගත්තම
පද්ද පද්දපං උඹට දෙයියෝ දුන්න වත්කම

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
all I need

මගේ ඇස් කොනේ පැටලිලා

දෙන්නද දෑත හදවතටම
හැමදාම අල්ලගන්නම් ඔය දෑත මම
ආස නැද්ද මාත් එක්ක යන්න
අහස ලග
එකතු කරගන්න මගේ වාසගම

නුඹ ගාවම කැරකෙන්නේ
වගේ මම බබර
පොරොන්දුවක් වෙමුද අපි අතර
අපි අතර

නුඹේ බර දාපන් මගේ කරට
මගේ ලෝකේ එළිය උනේ නුඹ මගේ හින්දද
චූටී හුරුබුහුටී අහින්සක
සීතල දවසක නුබයි මගේ ගින්දර
අපේ ආදරේ චිත්‍රයක්
ඔයයි මගේ පින්සල

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
let me love you
Girl you all I need

නපුරුයි කතා
සොදුරුයි සිනා
මාගේ හිත පාරනා

සායම් එපා
මායම් එපා
පියඹන්නේ තනියෙන් තමා

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
Girl you all I need

මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා

ආඩම්බරියේ | Adambariye by Izzy Iznu ft. Kaizer Kaiz [2020]

නාදුනන සේ රෑ යාමේ
ඔබ ඉවත බැලුවා නේ
සිප වැළඳගත් ඒ කාලේ
මතෙකවත් නෑ වාගේ
නෙතු හන්ගන් ආවේ
ඇයි නෙතු යා කෙරුවේ මා

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

හදවත ගැඹුරේ ඔබමයි ඉන්නේ
සැනසුම මාගේ කවුරුන්දෝ
විඳගත්තේ පහසින් පහසින්
උණුසුම් වූයේ දෙකපුල් සිහිවීලා
හදවත තාමත් ඔබවම මැව්වේ
නුඹ දුර යාවී යාවී පාවී

තනි රෝස මලක් එලිකලා මගේ වත්තම
සතයක් නැති මට නුඹයි වත්කම
කෙල්ලෝ වටවුනත් ගොඩාරියක්
කසිම සතේ නැතුව
මොටද ලැබිලා මට කෝටියක්
මාත් එක්ක මෙහේ
ඔහුත් එක්ක පිටරට
හිත මට එපා ඔහු ළඟ නම් වත
ලස්සන වුනත් ඉඩමේ ඔප්පු නැති නම්
වටිනවා අඩුයි කෙල්ලේ
රත්තරන් වැවුනත්

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ