වළාකුලක් වී | Walakulak Wee by Kasun Kalhara

වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙරලේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

තරු ගලා වැටී දියවී-තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ නදී දියේ සිහිවේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

වැහිලිහිණියේ | Wahilihiniye by Kasun Kalhara

වැහිලිහිණියේ නුබ නාවේ ඇයි
දුර ඈත ඉගිලුනිදෝ
ආයේ දවසක සැදෑ වරුවක
දකිනු බැරි වෙයිදෝ…

වස්සානයේ මල් හිනා පොකුරින්
දෝත ගෙන ඔබ ඒවි යැයි මා
වස්සානේ අවසානේ වන තුරු
බලාගෙන හිටියා…

වැහිලිහිණියේ නුබ ආවේ නෑ
මං බලාගෙන හිටියා
වැහිලිහිණියේ නුබ ආවේ නෑ
මං බලාගෙන හිටියා

එළබෙන ඊලග වසන්තයට
නෑවිදින් ඉන්නට එපා නුබ
ආයේ සැරයක් එක වතාවක්
දකින්නට ආසයි…

වැහිලිහිණියේ නුබ ආයෙමත්
දකින්නට ආසයි
වැහි ලිහිණියේ නුබ ආයෙමත්
දකින්නට ආසයි

විකසිත ආදර | Wikasitha Adara by Kasun Kalhara

සිහින දූවක ආදරේ පිරැණු උණුහුම් දෑසම හමුවන තුරා
ජීවිතේ පියගැට පෙල ලඟ…
විකසිත ආදර ප්‍රාර්ථනා…
රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා,
සදාදරණිය සුවඳමයි,
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා…

උදා තරැවක් ඇහැරවන
අරැණු ගීයක පවා ගැයෙනා
සදාතනික මිහිරියාවයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා…

සිහින දූවක ආදරේ පිරැණු උණුහුම් දෑසම හමුවන තුරා
ජීවිතේ පියගැට පෙල ලඟ…
විකසිත ආදර ප්‍රාර්ථනා…
රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා,
සදාදරණිය සුවඳමයි,
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා…

නිලට නිලේ | Nilata Nile by Kasun Kalhara

නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට
සීත සදන උල්පත ඔබය…
ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට
තාල නඟන රළ පෙල ඔබය..
නොසිදෙන පෙම් උල්පත ඔබය…
බිඳෙනා පෙම් රළ පෙල ඔබය..

රතට රතේ පිපී වැනෙන නෙළාගන්න කියා කියන
පුදුම හිතෙන හිත් මල ඔබය…
ඒ හිත්මල සිඹ සනසන නටුමත කටු ඇති බව දැන
සුවඳ විදින බඹරිදු ඔබය…
පුදුම හිතෙන සිත්මල ඔබය..
සුවඳ විදින බඹරිදු ඔබය..

ගිරා නිලට පැසී දිලෙන නෙලා ගන්න කියා කියන
නුරා ගොයම් යායම ඔබය..
ඒ නව ගොයමේ කිමිදෙන ළය නියරේ නිති ඇවිදින
සරා සුවඳ මදනල ඔබය…
නුරා ගොයම් යායම ඔබය…
සරා සුවඳ මදනල ඔබය…

නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට
සීත සදන උල්පත ඔබය…
ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට
තාල නඟන රළ පෙල ඔබය..
නොසිදෙන පෙම් උල්පත ඔබය…
බිඳෙනා පෙම් රළ පෙල ඔබය..

නෙතු කඳුලැලි ඉනුවා | Nethu Kandulali Inuwa by Kasun Kalhara

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

දෑළ මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු ක‍ටු අතුරා
දූවිලි දුම්මැද මා මග තනිකර
ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුණා…

ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා
සීතලහී නෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුණා…

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

ඔබෙ සිත මා සිත | Obe Sitha Ma Sitha by Kasun Kalhara

ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිලි සංගිලි පාලම
ඒ මේ අත වැනෙනා
චකිතය සිත තනනා

ඇඟ සමබර කර එන්නෙ කොහොමද
හමනා විට ආදරේ කුණාටුව
ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ
ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
මා මියදුනත් කමක් නෑ

කීරි ගැහෙන කන් අයා සිටින්නද
බිදෙනා විට පාළමේ රැහැන්පට
දෑස පියාගෙන මං පියවර මැන්නා
ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා
අප සිත් වෙන් කළ පාලම බිඳුණා

පා වෙලා යන්න | Pa Wela Yanna by Kasun Kalhara

පා වෙලා යන්න… මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න…
ජීවිතේ පුරා පැතූ… සිහින බොඳ වෙන්න…
පෙර ඔබ එන්න…
පෙර ඔබ එන්න….

හේ… හේ… හේ… හේ…

ආදරේ ගලා හැලෙනා දිය වැල්ල ඔබ වෙන්න
මා දවා ඒ ආදරෙන් උණුහුම සොයා යන්න
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ….

පා වෙලා යන්න… මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න…
ජීවිතේ පුරා පැතූ… සිහින බොඳ වෙන්න…
පෙර ඔබ එන්න…
පෙර ඔබ එන්න….

ඔබ පිපුණා | Oba Pipuna by Kasun Kalhara

ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේ
ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ
ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ

ආදරේ මං මේ දකින සිහිනෙට
හතරවට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට
මටම මා රැවටෙනා සිහිනෙට..

ඇසෙන්නේ ඔබ මුමුණනා වදනුයි
දැණෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔ‍බෙ මුදු දෑතයි
සැලෙන්නේ සිත අවදි වේ යැයි බියටයි..

නැවතී මෙතකින් | Nawathi Methakin by Kasun Kalhara

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුබේ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ ඒ රුව බොඳකර
කඳුලක් නෙත තනියට නැඟුනා…..

මතකද හැම රෑ පහන් වන තුරා
පැතූ පැතුම් කෙලි සිනහ වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්…..

ඉරණම ලියවී අප වෙන්කල දා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුබ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොදුරේ කෙලෙසින්…..

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
දැක තුටුවෙමි නැවතී මෙතකින්…..

නැගෙනා ලහිරු | Nagena Lahiru by Kasun Kalhara

නැගෙනා ලහිරු රැසින් පිබිදී
හමන මද සුළගේ දැවටී
පිපෙනා පියුම විලස සැරසී
පිබිදී ගයමු තුටින් තුති ගී

දෙව් දරු අපි සැවොමා
අද යාගික වන්නේ
පුදනට දිවි අපගේ
සතුටින් අප එන්නේ

නැගෙනා ලහිරු රැසින් පිබිදී
හමන මද සුළගේ දැවටී
පිපෙනා පියුම විලස සැරසී
පිබිදී ගයමු තුටින් තුති ගී

මේ හිමිදිරි උදයේ
අපි පුදසුන හමුවේ
දෙව් පුතු පිදු යාගේ
සිහි කරනෙමු මෙලෙසේ…

නැගෙනා ලහිරු රැසින් පිබිදී
හමන මද සුළගේ දැවටී
පිපෙනා පියුම විලස සැරසී
පිබිදී ගයමු තුටින් තුති ගී