මනමේ කුමාරී | Maname Kumari by Kasun Kalhara

කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

වාත වේග හී සර හුරු මට
මෙය අදහා ගන්නට බැරි දෙයකී
ආල නුරා මල් හී මෙතරම්
ඇයි නපුරු කියාපන්
ප්‍රේමිය මනමේ කුමාරී

වාත වේග හී සර හුරු මට
මෙය අදහා ගන්නට බැරි දෙයකී
ආල නුරා මල් හී මෙතරම්
ඇයි නපුරු කියාපන්
ප්‍රේමිය මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

සීත සඳුන් ලා දළු සීතල
නුඹේ තවය තවරා හෙමින් හිනා වී
දෑත් දියන් නුඹේ කඩුව නොවේ
ලොව දිනන්න කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

මල් වරුසාවේ | Mal Warusawe by Kasun Kalhara

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ…තරු කැට අතරින්
ඔබ එනවානම් – රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ…
නිල් ආකාසේ…පාවී එන්නම්…
පාවී එන්නම්…..

පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ…
මල් වරුසාවේ…පාවී එන්නම්
පාවී එන්නම්…..

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ…පාවී එන්නම්…
පාවී එන්නම්…

මල් මිටක් තියන්න | Mal Mitak Thiyanna by Kasun Kalhara

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොඳුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ ගිලී හමා ඇදී නළරැළී
ඔබයි මගේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

තුරුලතා පවා දුකෙන් වගේ
අත වනා හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
මගේ හදේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

මගෙ දිවි පණනල | Mage Diwi Pananala by Kasun Kalhara

මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…

ඔබ හැර මා අන්කවරෙකු වෙත යන්නද සමිඳේ
ඔබමයි මා නිති පිළිසරණේ
නැත කිසිදා කුරුසේ බර හැරදා පසු බැස්සේ
දිවිය ඔබේ දිරියයි නිබඳේ

මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…

සරා සඳේ සොමි කැළ්මන් ගලනා හෝරාවේ
පිළිසඳරේ සතුටින් නැවතී
දිවිය පුරා මට ආනන්දය වූ හැටි සිහි ගන්වා
රැඳෙමි ඔබේ නෙතුකැන් අතරේ

මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ…

රත් සර කැකුළ | Rath Sara Kakula by Kasun Kalhara

රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේ
පිංසර පැතුම පතන්නම්
මේ භවයේ එළිය ලබන්නම් ජීවනයේ…..

දෙනෝදහක් අතරේ ආ මඟ
හිත නතර වුනේ ඔබ ළඟ
ඔබ ඇසින් ගලනා ආදර ගඟ
සිහිලැල්ලේ පිහිනා යමි මම….

ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ
පිපි අහස උනේ ඔබ වත
රන් රුවන් හැර ආ මේ හද
ඔබගේම නොවේදෝ කිව මැන….

රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ….

සැබෑ නොවෙන හීන | Saba Nowana Heena by Kasun Kalhara

සැබෑ නොවෙන හීන හරි මිහිරි
ක්ෂිතිජයක් සේ රවටලා හිත
සිතින් විතරක් එක් වෙලා
අතීතය දෝතට අරගෙන අපි
අහස් ගඟටම විසි කලා
සැබෑ නොවෙන හීන හරි මිහිරි…
සැබෑ නොවෙන හීන හරි මිහිරි…

එදා අපි පියමන් කරපු මග
වියලුවක ගී ඉතිරි වී ඇත
එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ
සැබෑ නොවෙන හීන හරි මිහිරි…
සැබෑ නොවෙන හීන හරි මිහිරි…

පහන නිව්නා පහන් පැල මත
ඒ සුවද තවමත් රැදී ඇත
එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ
සැබෑ නොවෙන හීන හරි මිහිරි…
සැබෑ නොවෙන හීන හරි මිහිරි…

සඳ එලිය | Sanda Eliya by Kasun Kalhara

මේ රාත්රි යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුසුමයි ඒ

එළියක් සඳ නිසා හැදෙනු දකිනෙමි
අළුවන් වලා පරදනා
සුළඟක් වඩින තුරු මග බලා ඉමි
සඳවත දෙනෙත හමුවනා

මේ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙලෙස මා සොයම්දෝ සඳවතේ

මේ නිල් ජලාශේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ

පරමල් විලද උන් රස සොයා යන
මේ දිගු ගමන නිමවලා
මදුවුන් බිඳුනු නුබේ වත හමුවන
දින ගැන පැතුම් පීරලා

මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
හැඩෙමි මේ සිත් මලේ රුව සොයා

දහසක් කළු වලා අතර මුතුවන්
සඳ දැන් එලිය සැඟවලා
සුළඟක් අවැසි විය ඔබව දකිනට
සුළඟක් මවනු කෙලෙස මා

රෝස මල් යායේ | Rosa Mal Yaye by Kasun Kalhara

රෝස මල් යායේ
රෝස කුමාරියේ
ඔබ මගේ මා ඔබෙයි
ප්රේම ගී රාවේ
පාවේ සීත කඳු තීරේ
සීත කඳු තීරේ

රෝස තොල්පෙති සැලී සැලී
කීව රහසයි ආදරේ
රෝස මල් සේ මල් පිපේ මා ලයේ
ආදරේ නිසා
සුන්දරයි මේ ජීවිතේ

සීත පවනැලි ඇදී ඇදී
රෝස දෙකොපුල් සිඹින්නේ
ඒ වගේ මා ලංවෙලා කුමරියේ
හාදුවක් පුදා
ගයන්නද කී ආදරේ

සඳ මිතුරි | Sanda Mithuri by Kasun Kalhara

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කල මැනවී
බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී…

මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරණින් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කල මැනවී
බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී…

ජීවිතය විඳගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරණින් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කල මැනවී
බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී…

පිණි දිය ගලනා | Pini Diya Galana by Kasun Kalhara

පිණි දිය ගලනා සොඳුරු මානයේ
පිරිපුන් මිනිසා මම වෙමි සාදයේ
සිතුවිළි පුපුරා මීවිත මානයේ
ධාවන පථයෙන් ඉගිලී යමි හීනයේ

දේවදුන්නක දෙකොපුල් කොඳුරා මට ඉඟි මැරුවා
පාර අද්දර වැටකින් පොඩි ළමයෙක් එබිලා බැලුවා
දාර වැස්සක තෙමෙමින් පළඟැටියෙක් හොඳටම නැටුවා
කීව නාහන දෙතොලක් මගෙ තොල්පෙති අහින් හැපුවා

සමනල් රල විත් රහසේ ඔසවා ගෙන ගොස් මා
අරුමෝසම් නැති අහසේ සඟවා තිබුණා