මතකයන් | Mathakayan by Nadeemal Perera | A Level (OST) [2017]

මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන්
පාසැලින්..

සෙනෙහසත් නෑවිදින් ඇවිදින් ගියා
මුදු වදන් මතකයෙන් ගිලිහී ගියා
හසරැල්ල සුළඟේ දැවටී ගියාවේ
බිදුනු සිත පෑරුණා රහසේ
ආයෙමත්…

රාත්‍රිය දිගු වී බොද වී ගියා
මටම මා අතහැරී නොහැරී ගියාවේ
පලුවේ තනි උනා මතකේ
ආයෙමත්…

මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන්
පාසැලින්..

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

තව දවසක් හමු වී | Thawa Dawasak by Keerthi Pasquel

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ
තව දවසක්
හමු වී
ඉමු මේ භවේ

මදපවනේ
මුසු කෙරුවේ
යළි නොඑනා
මතක අපේ
නිදි පැදුරේ
ගෙවන පැයේ
සිහි කෙරුවා
සුවඳ ඔබේ ජිවිතේ පාළුයි මගේ

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ
පිපෙන සඳේ
දුක වැඩලා
ලොවට අපේ
කිරි සයුරේ
මුතු පතුලේ
සැඟව ගියා
මැණික මගේ ආදරේ ගීයක් වගේ

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ
තව දවසක්
හමු වී ඉමු මේ භවේ