හිතේ පිපෙන මල් | Hithe Pipena Mal by Victor Rathnayake

හිතේ පිපෙන මල් – හිත්
දෙවැටේයා
දැලේ බඹර වැල් – හිත වට
කැරකේවා
ලඳේ නුඹේ සුවඳ ගෙනේවා

නෙතේ සසල නිල් මහනෙල්
ඔමරි ලතාවෝ
මගේ හදට පෙම් මුවරද
සිහිල ගෙනාවෝ

හිතේ පිපෙන මල් – හිත්
දෙවැටේයා
දැලේ බඹර වැල් – හිත වට
කැරකේවා
ලඳේ නුඹේ සුවඳ ගෙනේවා

මදන මතින් ව්හඟුන් බමන
සදෑවේ
සසල හැඟුම් සිත්
සයුරෙන් එතෙර කළාවේ

හිතේ පිපෙන මල් – හිත්
දෙවැටේයා
දැලේ බඹර වැල් – හිත වට
කැරකේවා
ලඳේ නුඹේ සුවඳ ගෙනේවා

ඔබට මා | Obata ma by Malani Bulathsinhala

ඔබට මා

ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්…

ඔබට මා

ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්…

වළාවකින් ඔබ

වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට
නිවී ගියා සැඩ සුළඟේ…

ඔබට මා

ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්

ඉරත් මැරී

පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ
පාළු පැලේ
නිදි පැදුරේ

ඔබට මා
ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්

ඔබට මා

ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ

දුරු රට යනතුරු නොදනිම්

තාමත් ආදරෙයි මං | Thamath Adarei Man by Lavan Abhishek [2020]

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි
ආදරේ දියම වෙලා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳට
උණු කඳුලක් තුරුළු වෙලා
ආයෙමත් ඉන්නම්
හිස උකුලටම තියා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

සුදු නෙළුම කෝ | Sudu Neluma Ko by W. D. Amaradewa

සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ


වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා

නෙළූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ

සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ

සුදු නෙළුම කෝ

මේ මල් යායේ | Me Mal Yaye by Edward Jayakody

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

මා දෑතේ වේලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා..
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා..



මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා..
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා..

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

Mashup 2020 by Dushyanth Weeraman [2020]

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාගෙන
අදුරෙම මම ඉන්නම්

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
නුඹ අඩ සදකි

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
මට මල් දමකි

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
නුඹ අඩ සදකි

තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ
මට මල් දමකි

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි

‍රැගුමන් අහවර වී
ඔබ මා ලග
රැගුමක් රගන තුරා

මේ මල් රාත්‍රිය
බලා හිදී මග
ඔබ ලග ගෙවෙන තුරා

අරලිය මත මගේ
හිත නැවතී ඇත
මා ගත කිති කැවිලා

නාබිය අද්දර
කරකැවුනා හිත
ඒ වී හද නැතුවා

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

ජේත්තු නෝනේ | Jeththu None by Dushyanth Weeraman

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

කප්පරක් තරං
වරං අරං එන
රත්තරං තොරන්

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

කප්පරක් තරං
වරං අරං එන
රත්තරං තොරන්

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

සිරියාවි සිප ගන්න
බිය දෙයි හදේ
ගම්බාරේකම ගන්න
අත දෙන් ලදේ
ගම්බාරේකම ගන්න
අත දෙන් ලදේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

ඉස්සරින් තරං
පුරන් කුඹුරු නැත
ඉස්සරින් තරං

දොළ ගාව තල හේනේ
තනි වෙන්න නං
හැමදාම එනවාද
වැහිලා හොරෙන්

දොළ ගාව තල හේනේ
තනි වෙන්න නං
හැමදාම එනවාද
වැහිලා හොරෙන්

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ

තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ

නෙළුම් විලෙන් පැන | Nelum Wilen Pana by Dushyanth Weeraman

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

හින්දියෙන් දොඩන ලියන් ගෙනේවි
තමබපන්නියම දුකෙන් හඩාවී
සිංහබාහු පරපුරක් සදාවි
රාජධානියම කදුළු සලාවී

හින්දියෙන් දොඩන ලියන් ගෙනේවි
තමබපන්නියම දුකෙන් හඩාවී
සිංහබාහු පරපුරක් සදාවි
රාජධානියම කදුළු සලාවී



නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

වාසනා ලොවක් | Wasana Lowak by Dushyanth Weeraman

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ

වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ

දුගී පැලක තරුණයෙක් අතේ..
රිදී මැණික රත්තරන් නැතේ

දුගී පැලක තරුණයෙක් අතේ..
රිදී මැණික රත්තරන් නැතේ

මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ..
ආවෙ ඇයි කතේ..

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
ලා ලල්ල ලල ලා.. ලා ලල්ල ලල ලා..



දෙමාපියන් මුදල් වතු පිටි (hooo oo oo)
එපා කියා පැලට ආ හැටි
දෙමාපියන් මුදල් වතු පිටි (hi hi hi hi..)
එපා කියා පැලට ආ හැටි
ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි (oooooo uh)
ආදරේ හැටි

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ
ලල්ල ලල්ල ලල්ල ලල්ල .. ලා ලා.. ලල් ලා..



රිදී ඉරයි වැහි වලාකුලේ
පිපී සුවඳ දෙන නෙලුම් මලේ
රිදී ඉරයි වැහි වලාකුලේ (hahaha)
පිපී සුවඳ දෙන නෙලුම් මලේ
මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ
ඔබයි එලි කලේ

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ (අහ් අහ්)
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ (ah ah)
සුරූපි කෙල්ලේ (haha දුෂ්යන්ත්..)

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ

පෙරවදනක් | Perawadanak by SANUKA [2017]

පෙරවදනක් වී…
මගේ කතාවට
පටුන ලියන්නට…හීන එවා…
පිටුවෙන් පිටුවට
ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා…

අරුත බිදී… ගිය
අන්දරයක රස
කිමැයි කියා…
නොදැනෙන හින්දා…
තවත් තියෙනවා….
හිතේ… පොතේ… ඉඩ
මෙතෙක් ලියූ…
කිවිදියම පතා…

පැතූ කතාවේ…
නිමක් දකින්නට…
උපන් බවේ පින මදි හින්දා…
බලා හිදිමි මතු බවයක හෝ…
පසුවදන ලියන්නට…
එතැයි කියා…

පෙරවදනක් වී…
මගේ කතාවට
පටුන ලියන්නට…හීන එවා…
පිටුවෙන් පිටුවට
ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා…