සඳ මල පිබිදුනු | Sanda Mala Pibidunu by Sunil Edirisinghe & Nanda Malani

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

හඩා වැටෙන විට නෙතුයුග තෙත්වී….
සිනා පොදක් වෙන්නම්…
සිනා නඟන විට පැතුමන් දැල්වී….
කඳුළින් සුරකින්නම්…

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

වියෝ දුකට සුසුමට මඟ අවුරා….
හදේ ළැඟුම් ගන්නම්…
රැදී නිබඳ පණ නළමෙන් දැවටී….
දිවි ඇති තුරු ඉන්නම්…

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *