හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
ලේන කුලේ සිට නුබ මට යශෝදරාවකි
නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
ආලවන්තකම ළදුනේ පාරමිතාවකී….
පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
පාලොස්වක සද ඉල්ලා මාසෙ පෝය දිනේ
මේ ඇස් දෙක ළග නාඩන් එතකොට දුක දැනේ….
පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
මාලිගාව මගේ වගේ දැනුනා සොදුරියේ
වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ලයේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ
Leave a Reply