in Master D

දෙබරා | Debara by Master D [2020]

කව්ද ගැහුවෙ ගල් වගෙ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දන කියවන්නෙ කෙබරා
ඇරගත්තා මල තව ඔබලා
මගෙ රැප රැය පුරා බබලා
උඹේ මොලේ බැඳන් එන්නෙ කබලක්
නිල් රතු කොළ නෙවෙ රෙබලක්
මල්ලි ආයෙත් රැපකරන් ආවා සෙබලක්

රට කලා හුඟක් දූව කකා
නැගී එන එන පරපුර ඌව මකා
හැරමිටියෙන් අදිද්දි ඔරු පාරු කකා
මගෙ හබල අරන් ගියා වේල යකා
තාමත් අර පාදඩ ගති
හැමදෙනා මගේ ඇඟෙ නාවර දකි
කරමල කිරෙන් නාවන පටි
දන අකල විකල පර මා වැඩි පැති වූවක්
ගෑවුන තැන හිතින් නැසුවා
පොඩි එකා බර පන්ති ගැසුවා
පොඩි පහෙ ණයක් ගන්න පැතුවා
රටෙ මලබත උන් පැතුවා
මගෙ රැප නද මම පතුරා
විට කකා හිටි උන්ට මතුරා
හිත පුරා අහන් ඉන්න පැතුවා
කව්ද මාත් එක්ක එන්නෙ මගෙ සතුරා
මිනි වස්සන රන් තඩි මුදු පලදාගෙන
මැතිවරු තාමෙට ගැතිවරු
හිරිවට්ටන කාරන ගැන රවටාගෙන
වටෙ අය දාඩිය නොවැටුනු
තරමක් දුර ආ පොඩි දරුවට
මා පිවු වෙනුවට ලෝදිය අතුරපු
සැමටාත් මගෙ රෑ ප්‍රස බෙදුවට
තාමට කෙලවුනු ගානක්වත් නොවැසුනු

රිදුම් කන එක පුරුද්දට ගිහින් රටෙ
විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේ
විදුම් කන එක පුරුද්දට ගිහින් ගතෙ
සෙරෙප්පුවක් නැති උනුත් ගියා වගෙ තිරික්කලේ
හැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනෙ
හැඩ ඇහුන් නැතත් උනුත් ගරත් දිනෙ
ඔඩොක්කුවෙ තියන් තවත් පොඩි එකෙක්
මුවෙක් පස්සෙ ගියත් දඩයමෙ මිහින්තලෙ

කව්ද ගැහුවෙ ගල් වගෙ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දන කියවන්නෙ කෙබරා
ඇරගත්තා මල තව ඔබලා
මගෙ රැප රැය පුරා බබලා
උඹේ මොලේ බැඳන් එන්නෙ කබලක්
නිල් රතු කොළ නෙවෙ රෙබලක්
මල්ලි ආයෙත් රැපකරන් ආවා සෙබලක්

ඉස්පිලි පාපිලි බැන්දුනු මා හද
ඈඳුනු ජීවිතෙ කාපිරි කාපිය
සුවතක් පතනා මැති පෝලිමෙ
උන් බල පෝලිමේ මේ රට කාපිය
සිහියක් නැති කොල්ලො රැලක් පොඩි
චිල් එකක් දැම්මද තිබ්බද පාටිය
සිරිමාත් එනවා මැදගිල්ලක්
උස්ස රැපෙන් උන් ඉස්සුවා සාරිය
සිරිමාවෝ දැන් ඉක්කා වීර
කලා ඔයේ මිහිර බිබික්කන්
රට හාලේ බත් එක්කන් මගෙ
පීත කුඹුරු යායෙ පල මානික්කන්
කරමාලේ රන් එක්කන්
රටෙ වීර ගෑනු පිටරට තව දක්කන්
මගෙ ආරේ රන් එක්කන්
මගෙ රත්තරන් පදවලට උන්ට ඉක්කන්

රිදුම් කන එක පුරුද්දට ගිහින් රටෙ
විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේ
විදුම් කන එක පුරුද්දට ගිහින් ගතෙ
සෙරෙප්පුවක් නැති උනුත් ගියා වගෙ තිරික්කලේ
හැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනෙ
හැඩ ඇහුන් නැතත් උනුත් ගරද් දිනෙ
ඔඩොක්කුවෙ තියන් තවත් පොඩි එකෙක්
මුවෙක් පස්සෙ ගියත් දඩයමෙ මිහින්තලෙ

කව්ද ගැහුවෙ ගල් වගෙ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දන කියවන්නෙ කෙබරා
ඇරගත්තා මල තව ඔබලා
මගෙ රැප රැය පුරා බබලා
උඹේ මොලේ බැඳන් එන්නෙ කබලක්
නිල් රතු කොළ නෙවෙ රෙබලක්
මල්ලි ආයෙත් රැපකරන් ආවා සෙබලක්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply