අරුමයක්දෝ ඇරඹුමේ
හැරවුමක්දෝ භවතුරේ
හිමිදිරියේ
මැවෙනා මේ
නෙතු අග ඇදි ඒ රුවේ
සිහිනෙක මං මුලා වුනේ
සන්ධ්‍යාවේ
අවරට පියඹනා දිනේ
ගිනි සිලු නිවෙනා ක්ශිතිජයේ
ඡායා අතරමං කලේ
විවර වී යන මානයේ
කාලයන් අතර නුඹ සොයා
මනසින් යාවුණා
ගගන වන් වූ නිල් තලේ
ධූමයන් අතර සැගවීලා
දෙනෙතින් මත් වුණා
අරුමයක්දෝ ඇරඹුමේ
සිහිනයක්දෝ අළුයමේ
මිරිගුවක්දෝ හැන්දෑවේ
හැරවුමක්දෝ භවතුරේ
මීදුමක් මැදින් පිබිදුණු මල් සරාවියේ
නොපෙනෙනා දුරින් නුඹ යයි අනන්තෙට වගේ
සසර චාරිකා අතරින් හමන මාරුතේ
කෙදිනකදෝ යලි අප හමුවන්නේ
මා කොතැනදෝ මේ ලොවේ
ඈ රැදුනේ නෑ මේ භවේ
ඒ මතකයන් නිම්නයේ
ගිල්වුනා ආලයේ භවේ
Leave a Reply