මේ තරමට වේදනා | Me Tharamata Wedana by Damith Asanka

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

දුරින් ඈත වෙන්වීලා ඔබ හා මෙමා
ලගින් උන්නු පෙර මතක බොඳවී ගියා
ලංවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
වෙන්වී ගියේ කොහොම කඳුලක් තියා
නුඹයි නේද මා තව ලං කලේ

ඔබේ ආදරේ සුවඳ මට ලංවේවි
හදේ මතක මා දෙනෙත් පාරයි යළි
හමුවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
තවත් කොහොම රවටන්නේ මගේ හිතම මා
නුඹයි නේද මා තව ලං කලේ

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

මාගේ ගැමි ජීවිතේ | Mage Gami Jiwithe by Damith Asanka

මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේ
කොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේ
දූලි කුණු පිරුණු නගරේ රැඳි
කාට කියනෙම්ද මේ දුක පොදි
කව්රුවත් නෑනේ හිතවත් මගේ
යන්න හිතුණා ගම් බිම් බලා

මම ඉන්නේ දැන් රෑට අඳුරේ පිලේ
මං රෑට කන්නේ නම් තෝසේ වඩේ
මගේ ජීවිතේ මේකදෝ දෙයියනේ
මේ දුක් කියන්නත් දෙයියෝ නෑ අනේ
ගමේ යන්න කාසිත් නැතේ

කවදාද මං යන්නේ නගරෙන් මිදී
මට ඉන්න බෑ මෙහෙම නගරේ රැඳි
පොඩි කුඹුරු කැපුවාට නෑ මේ තරම්
දුක් වින්දේ මහ පොළොව ඇයි මේ තරම්
ගමේ එනවා ඒ ගින්දරෙන්

මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේ
කොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේ
දූලි කුණු පිරුණු නගරේ රැඳි
කාට කියනෙම්ද මේ දුක පොදි
කව්රුවත් නෑනේ හිතවත් මගේ
යන්න හිතුණා ගම් බිම් බලා

කෙටි කාලයේ | Keti Kalaye by Damith Asanka

කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
වැඩි කාලයක් දුක් වින්දා
ඒ කාලයේ ආදරේ කලේ
මුළු හදවතින් නිසා විදිමි වේදනා
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා

සඳක් වගේ ඔයා ඒ ටික කාලයේ
සිහිලස මට පෙන්නුවා
සැනෙකින් සැගවී ගියා
පනමෙන් කල සෙනෙහෙ සුවදයි
ජීවිතේ සමගින් කෙරු සරදම්
කුරිරුයි දැන් පවා

තිතක් තබා ගියා සුන්දර ජීවිතේ
නින්දෙන් ඔබ දකිනවා
දෙනෙතින් නොපෙනෙන නිසා
පනමෙන් කල සෙනෙහෙ සුවඳයි

ආදරේ කෙටියෙන් ලියු කවියක්
කියමි…… මං තනියෙන්

කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
වැඩි කාලයක් දුක් වින්දා
ඒ කාලයේ ආදරේ කලේ
මුළු හදවතින් නිසා විදිමි වේදනා
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා

දැවී තැවුණු සිත් | Dawi Thawunu Sith by Damith Asanka

දැවී තැවුණු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා
කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන
මතක අළුත් වූවා
සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි
හඬත් ඇසෙන් නැතිවා
මළත් කමක් නෑ මලක් අරන් මම
නාගදීපේ ආවා

නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැහැය ගනී
එදා දෙසූ දම් එදා වගේමයි තාමත් සුවඳ දැනේ

දැවී තැවුණු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා
කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන
මතක අළුත් වූවා
සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි
හඬත් ඇසෙන් නැතිවා
මළත් කමක් නෑ මලක් අරන් මම
නාගදීපේ ආවා

පරවි තටුවකින් සිසිල් පැන් දොවා
සුදු මල් ගෙන ආවා
අනේ හිමියනේ සාධු නාද මිස
වෙඩි හඬ නොඇසේවා

දැවී තැවුණු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා
කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන
මතක අළුත් වූවා
සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි
හඬත් ඇසෙන් නැතිවා
මළත් කමක් නෑ මලක් අරන් මම
නාගදීපේ ආවා

ගින්න මිහිමත | Ginna Mahimatha by Damith Asanka

ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්

ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්

පින්න දෙපයට යට කරන්
ඉන්න තුරු හිස මල් දරන්
දන්නවද මගෙ රත්තරං
කඳුළු හංගන හැටි හොරෙන්

අහස් ගැබ තරු ඇස් ඇරන්
ඉන්නේ මුළු රෑ නිදි වරන්
දන්නවද ඔබ රත්තරන්
ඔබව මට සිහිවෙන තරම්

යන්න දී ඈතට මගෙන්
ඉන්න හැටි හිත තද කරන්
දන්නෙ නෑ ඔබ රත්තරං
ආදරේ විඳවන තරං

ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්

කිරිල්ලියක් හැඩ | Kirilliyak Hada by Damith Asanka

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

කුරුල්ලන්ට තහනම් නෑ ඉගිල්ලෙන්න ආකාසේ
අත් තටු සිඳ ගන්න හදයි කිරිල්ලියක් හොර රහසේ
වසන්ත මල් හිනා උනා විතරයි මේ ගේ ඇතුලේ
කුරුල්ලො ගේ වට කරගෙන කලබල කරනා විගසේ

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

අනන්තයක් සොයන පැතුම් අතරමගදි බිම වැටේවි
වසන්තයට ඇසෙන ගීත නුඹේ සිතේ නතර වේවි
දුරින් ඉඳන් විසිල් ගගහ පින්නි නැතිව පේවි පේවි
නුඹ හොඳ නම් ගෙදර ඇවිත් අහන්න කියලා කියාවි

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

මේ හිතේ ආදරේ | Me Hithe Adare by Damith Asanka

පටන් ගන්න හැදුවත් යළි ජිවිතේ
මතක් වෙන්නේ ඔබවයි සිය දහස් වරේ
දුරස් වෙන්න කීවත් හැමදා වගේ
හිතේ ඉන්නේ ඔබමයි මේ මොහොතේදිත්

මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

රැවටූවත් සිත මගේ වැරදි නම් නොකියමි
මගේ මේ රිදුම් සතුටක් වේවා
පතන්නේ මා සදා දෙවියන් වැඳ පුදා
නිරතුරුම ඔබ රැකදේවා

මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

ළඟ නැතත් පෙර වගේ අදත් මම පතනෙමි
දුක් සෝ සුසුම් නොම වේවා
හඬන්නේ මා ඔයා එක සිතින් පැතූ නිසා
මතු භවයේ හෝ මගේ වේවා

මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

හදිස්සියට උගස් තිබ්බ | Hadissiyata Ugas Thibba by Damith Asanka

හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

සින්නකර අයිතිය අපි දෙන්නාගේ
උගස් තිබ්බේ ඔබට නොදැනී සීරුවේ
අයිතිවාසිකම් කීවත් පෝරුවේ
පිං කරලා මදි අපි නම් පූරුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

කාසි කැටේ එකතු කරත් කාලයක්
අපිට කොහෙද රංකහවණු කෝටියක්
පාන්දරට ඇහැ නොහැරෙන හීනයක්
දකින්න බෑ හීන කඩේ හොරු අරං
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

මායිම් ගමේ | Maaim Game by Damith Asanka

මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරැවට සාමය නෑ පිබිදී
බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී

යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද
තල් ගස් වල කරටි නැතිව තල් කිරි රස තවම නැතිද
ජිවිතයේ උරැමය මරණය බෙල්ලෙ බැඳන් ඉඳීද
යාපනයට ඇවිත් යන්න අපිටත් පිං ලැබෙයිද
අපිටත් පිං ලැබෙයිද

පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුඹ බයයිද
කතරගමට බාර වෙන්න නුඹට ටිකක් එන්න බැරිද
වවුනියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න
කොළඹ පැත්තේ ඇවිත් යන්න නුඹටත් පිං ලැබේද
නුඹටත් පිං ලැබේද

මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරැවට සාමය නෑ පිබිදී
බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී

කඳුළු තරු කැට | Kandulu Tharu Kata by Damith Asanka

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී

දුකක් දුන්නට පවක් වෙන්නෑ
මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට
ආදරෙයි මං පණ වගේ

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී

මළානික සඳ අවුත් තනියට
අපේ රන් හීනේ
සොඳුරු සිත්තම් කඳුළු නටඹුන්
හැඬෙව්වා හද ආදරේ

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී