ඇහෙනව නම් | Ahenawa Nam by H.R.Jothipala

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

පතන පැතුම් සුළඟට මුසුවේ
මියුරු වදන් කඳුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඬලේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

අපගෙ අහිංසක ලොව බිඳිලා
ඔබද අනන්තෙක ඇත රැඳිලා
ගිණි දළුවා මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිඳිනු මැනේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නනේ

jothipala song,jothipala songs,hr jothipala songs,jothipala best song,jothipala best songs,jothipala song nonstop,jothi songs,hr jothipala best songs,jothipala original song,hr jothipala,jothipala dj,hr jothipala cover songs,jothipala song collection,jothipala mp3,h r jothipala,hr jothipala songs karaoke,hr jothipala popular songs,jothipala dj nonstop,hr jothipala nonstop,jothipala old hit,hr jothipala original songs,jothipala

ආලේ මිහිර පෙන්නා | Aley Mihira Penna by H.R.Jothipala

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා

මුවපැටවුන් හා රඟන නිදැල්ලේ
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ආදරේ රසේ ඒ තමා ලොවේ

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා
ඒ ප්‍රේම කිරුළ ඔබේ හිසේ පළන්දා
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
මිහිරි ජීවිතේ ඒ අමා සුවේ

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

ඇල්හේනෙ පැල් රකිද්දී | Alhene Pal Rakiddi by H.R.Jothipala

ඇල්හේනෙ පැල් රකිද්දී – කුඹුරේ කරල් කපද්දී
ඔබ කීව ගීතිකාවෝ – මට නෑ ප්‍රියේ ඇසෙන්නේ

මල් රේණු රේණු උරලා – පැණි බොන්න ආව බඹරා
වගෙ හැංගිලාම ඉදලා – ඔබෙ ගීත මිහිර විඳලා
මම ගියෙ සුසුම් හෙලාලා

වන මල් නෙලා ගෙනල්ලා – ඔබෙ රූපෙ වාගෙ හදලා
මම ඒක ඉම්බ තාලේ – ඔබ නෑ දයාවි දන්නේ

පොඩි පරවියෙක් ඇවිල්ලා – මගෙ කන ළගින් ගිහිල්ලා
මොනවාද රහසෙ කීවා – උන් එව්වේ ඔබද මිහිරේ

මගෙ දෝතෙ මල් පිපීලා – හොඳ පාට පාට වීලා
තිබුණා එදා නිදද්දී – තේරෙන්නෙ දැන්නෙ සිහිනේ
තේරෙන්නෙ දැන්නෙ සිහිනේ

ඔබ තනිව උන්න යාමේ – ඔබ තනිව බැන්ඳ ප්‍රේමේ
නොකියා ගියේ සුදෝ ඇයි – දැන් නම් අනේ ප්‍රමාදයි

හිත මාගෙ දෙන්න කියලා – මම ආමි ප්‍රේමි සොයලා
ආවේ ප්‍රියා පමා වී – දැන් නම් පලක් නොවේවී
දැන් නම් පලක් නොවේවී

ඔබ ඉන්න පැත්තෙ ඉඳලා – එන සුළඟ මම සිඹිනන්ම්
මේ ජීවිතේදි බැරි නම් මතු ජාතියෙදි ලබන්නම්
මේ වන් දුකක් නොවේවා – ප්‍රේමෙන් දුකක් නොවේවා
මෝරාලා බැන්ඳ ආලේ – මතුදාත් ඔබ ලැබේවා

අල්ලේ රේඛා | Alle Rekha by H.R.Jothipala

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
දස ලක්ෂයකින් බේරා ලැබගන්නට බැරි තෝරා
පෙර පිනකින් දෝ ලැබුණේ ප්‍රියාව් ශෝබනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ගමනේ නාරිලතා ලීලෙකී
ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකි
ආදරී සුපෙම්වන්තයි මා ඉතාම පින්වන්තයි
මැණිකක් මුද්දේ බැදෙනා සුබ යෝගේ පෑදුනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

මේ හිත නෑ පාළු | Me Hitha Na Palu by Dhyan Hewage ft. Yuki Navaratne

එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ

අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ

දැතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික ⁣කාලේ ඉන්න මා හා

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳගන්න
සිපගන්න ඒ සියුම් මුවින්
අල්ලගන්න තදින් මගේ අතින්
අපි ලංවෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

අහසේ ලියුවත් | Ahase Liyuwath by H.R.Jothipala

අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්

පුවත අපේ පෙම්

අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්

පුවත අපේ පෙම්

ආ යන්නෙන් ආදර ගීතේ – මුලින් ලියූ සිහින පොතෙහි
සීගිරියේ ගී වැල් වාගේ – දෙදෙනාගේම මතක තියේවී
දේදුන්න සේ මැකී නොයේවා – ආවත් වියෝග අන්ධකාරේ

මුව පියුමේ උතුරන සීනේ – මම නිරතුරු රැදෙමි දයාවී
අපි ගැන පඬිවරුද කතාවී – මතු ඉතිහාසය ද කියාවී
රාමා සීතා කතන්දරේ මෙන් – යුගයෙන් යුගයට එය පැතිරේවී

කඳුළු හෙළූ දෙකොපුල් යහනේ – විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට ඇස්‌ වැල් පටලා – දිවි ඇතිතුරු ගමන් කරන්නයි
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු – ආදරයේ තනි නවාතැනේ මේ

jothipala song,jothipala songs,hr jothipala songs,jothipala best song,jothipala best songs,jothipala song nonstop,jothi songs,hr jothipala best songs,jothipala original song,hr jothipala,jothipala dj,hr jothipala cover songs,jothipala song collection,jothipala mp3,h r jothipala,hr jothipala songs karaoke,hr jothipala popular songs,jothipala dj nonstop,hr jothipala nonstop,jothipala old hit,hr jothipala original songs,jothipala

මධුරභාණී | Madhurabhani by Yasas Medagedara

ඒ දෑස පේනා රෑ හීන ගානේ
දැනීලා කථා
කල්පනාවේ සරා

රෑ නින්ද නේනා
ඈ දෑස මානේ
මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා

මේ හීන ගානේ මං
පෑ කෝල ආයාචනා
පේන හීන නම්
මං බොහොම ආශා කළා
මධුරභාණී මගේ
මට පෑහෙනා

ඒ දෑස පේනා රෑ හීන ගානේ
දැනීලා කථා
කල්පනාවේ සරා

රෑ නින්ද නේනා
ඈ දෑස මානේ
මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා

මාරුතේ සිහින ගේනා
රෑ පුරා සිහින සේනා
කාරනා තේරුණා

ආදරේ හේතූ ගේනා
ජීවිතේ ඈත පේනා
ආදරී ලංවුනා

මේ හීන ගානේ මං
පෑ කෝල ආයාචනා
පේන හීන නම්
මං බොහොම ආශා කළා
මධුරභාණී මගේ
මට පෑහෙනා

ඒ දෑස පේනා රෑ හීන ගානේ
දැනීලා කථා
කල්පනාවේ සරා

රෑ නින්ද නේනා
ඈ දෑස මානේ
මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා

ආදරෙන් හිත හිනැහේ | Adaren Hitha Hinahe by H.R.Jothipala

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනා
කඳුලින් ලොවේ කව්ද දිනුවේ

සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනා
කඳුලින් ලොවේ කව්ද දිනුවේ

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

හිරු සඳු එකවර පායා දිගත බැබලේ
අතිනත වෙලා රඟමු මිහිරේ

හිරු සඳු එකවර පායා දිගත බැබලේ
අතිනත වෙලා රඟමු මිහිරේ

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

jothipala song,jothipala songs,hr jothipala songs,jothipala best song,jothipala best songs,jothipala song nonstop,jothi songs,hr jothipala best songs,jothipala original song,hr jothipala,jothipala dj,hr jothipala cover songs,jothipala song collection,jothipala mp3,h r jothipala,hr jothipala songs karaoke,hr jothipala popular songs,jothipala dj nonstop,hr jothipala nonstop,jothipala old hit,hr jothipala original songs,jothipala

සඳුන් සදාලා | Sandun Sadala by RaviHans [2009]

සඳුන් සදාලා තිලක තියාලා
කොහෙන්ද ඇස් වහ වැදුණෙ කලූ
බුලත් හපාලා පුවක් හපාලා
තොල් දෙක රතු වුණෙ කිමද කලූ
ඒ වුණත් කලූ නුඹ එනකන් මග පාර බලාගෙන සිටියාලූ
හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ කියන්න යන දේ දන්නවලූ

සන්සුන් නැතිමුත් – පුංචි මදුවිතකින්
නෙත් කොණින් බලමින් ඉන්න බෑ සතුටින්
ළං ළංව හිඳිමින් යන් යන්න හදමින්
පිංවන්ත තැනකින් ළංවෙන්න පතමින්

මලුත් නෙළාලා නළලෙ ගසාලා
වඳින්නෙ තනියම කිමද කලූ
නිරන්තරේ මංතොටේ හමුවෙලා
ගමේ කතන්දර හැදුණා ලූ
ඒ වුණත් කලූ නුඹ එනකන් පාර බලාගෙන සිටියාලූ
හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ කියන්න යන දේ දන්නවලූ

අහා හැඩයි රූපේ | Aha Hadai Rupe by H.R.Jothipala

අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

දැක්ක ගමන් හිත වැටුණා – වාසනාවෙ දොර ඇරුණා
දැන් මට තේරේ – හා හා තේරේ
මේ මගේ වාරේ
රැයේ දැකපු හීනේ – අද උදේ සැබෑ වී ගියා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

එදත් මම හරි සූරයි – අදත් මම හරි සූරයි
දැන් මට තේරෙයි – හා හා තේරෙයි
ආදරේ තේරෙයි
සොයා සොයා ආවේ – මේ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

මාලෙ මැණික් ගල බැදුණා – ආලෙ වඩන ගෙල රැඳුණා
දැන් මට තේරේ – හා හා තේරේ
මේ අපෙ වාරේ
සොයා සොයා ආවේ – ඒ සෙව්ව මැණික හමුවුණා