මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේ
කොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේ
දූලි කුණු පිරුණු නගරේ රැඳි
කාට කියනෙම්ද මේ දුක පොදි
කව්රුවත් නෑනේ හිතවත් මගේ
යන්න හිතුණා ගම් බිම් බලා
මම ඉන්නේ දැන් රෑට අඳුරේ පිලේ
මං රෑට කන්නේ නම් තෝසේ වඩේ
මගේ ජීවිතේ මේකදෝ දෙයියනේ
මේ දුක් කියන්නත් දෙයියෝ නෑ අනේ
ගමේ යන්න කාසිත් නැතේ
කවදාද මං යන්නේ නගරෙන් මිදී
මට ඉන්න බෑ මෙහෙම නගරේ රැඳි
පොඩි කුඹුරු කැපුවාට නෑ මේ තරම්
දුක් වින්දේ මහ පොළොව ඇයි මේ තරම්
ගමේ එනවා ඒ ගින්දරෙන්
මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේ
කොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේ
දූලි කුණු පිරුණු නගරේ රැඳි
කාට කියනෙම්ද මේ දුක පොදි
කව්රුවත් නෑනේ හිතවත් මගේ
යන්න හිතුණා ගම් බිම් බලා
Leave a Reply