ආශාවරියෙන් වයන් සිතාරය
සීතල දෑතින් තත් හඬවා
විළඳ බුමුතුරුණු යාය මතින් නුඹ
පාද තබන් ගී කළඹ ගයා
මදාරා මල් හිස ගවසා
සුවඳ මදාරා හිස ගවසා
පොකුරු පොකුරු පිණි
ළැමට වඩින විට
කෝල වෙයන් ඇසිපිය හෙලලා
රෑන ගිරව් පෙල පාර බලන් ඇති
නුඹේ සඳුන් සුවඳේ එතිලා
මදාරා මල් හිස ගවසා
සුවඳ මදාරා හිස ගවසා
තාල රසේ ඇත
මීන නුවන් වල
පෑව සිනා කැන්
හදේ නිදන් ගැබ
මිනැසියේ ඉතින් මට ඒ ඇති
රෑ දොලොස් පැයේ නිදි නැති
කියඹු වැල් ලිහා හීන අමුණමි
Leave a Reply