දෙදෙනා | Dedena by Induja [2023]

අතීතයේ ලැගුම් නොගෙන මග හැරී සිතට හැඟුම්
තනිව කරමි නුඹට යලි හදින් ආයාචනා
තියන් සිතේ හැඬුම්, සිහිකරනු කෙසේද ඒ රිදුම්
දිනක වෙන්වී කෙලෙස අපි අපිට කළෙ චෝදනා?

මියදුනාවේ
හදේ ලියවුනු පෙම ගිලිහුනාවේ
තනිව දෙතැනක සිරවුනු සිතිවිලි සොයනෙමි හුදකලාවේ
වියකුනාවේ
මැවු සිහින බොඳව විසිරුනාවේ
මගෙන් වෙන්වී යන ඔය නෙතු වෙන හදකට ළංවුනාවේ

දෙදෙනාගෙම සිත් අඳුරේ නම්..ඇයි තවත් විඳවන්නේ?
ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්..ඇයි තවම රිදවන්නේ
හැම මොහොතකම ගෙවෙනා..මේ
නුඹවමයි මං පැතුවෙ, ඒත් වෙන්වෙන්න හිතෙනවා නමි

මතකෙක යලි මදකට බැඳෙනවා
නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
ගිලිහුනු පහසක සුව දැනෙනවා..හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ

පියවුනාවේ
නුහුරු විරහව මතු හුරුවුනාවේ
නිහඬ කඳුලක මියදුනු සිතිවිලි සසරෙම කිමිදුනාවේ
මා මත් වුනාවේ..ඉතිරිව ඇති සෙනෙහස් නියාවේ
දුරක් යනු රිසි පැටලුනු දෙඇඟිලි බිඳිනට සැරසුනාවේ

දෙදෙනාගෙම සිත් අඳුරේ නම්..ඇයි තවත් විඳවන්නේ?
ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්..ඇයි තවම රිදවන්නේ
හැම මොහොතකම ගෙවෙනා..මේ
නුඹවමයි මං පැතුවෙ, ඒත් වෙන්වෙන්න හිතෙනවා නමි

මතකෙක යලි මදකට බැඳෙනවා
නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
ගිලිහුනු පහසක සුව දැනෙනවා..හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ

written by Induja

රිදෙනා හදවත | Ridena Hadawatha by Mihindu Ariyaratne [2023]

නෑසෙ එදා
නුඹ කී පෙම් කතා
පාළුයි මෙදා
මට ඈතයි ඔයා

ඉගිලි යයි සිහිනේ මා සිතේ
අතීතේ මතක නටඹුන් සොයා
බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා
එකම සිතකින් පෙම්කල නිසා

රිදෙනා හදවත සොයා
මොහොතක් ඇවිදින් ඔයා
පවසා යනවද එදා
නොකියු ආලේ කතා

සසරේ හුරු ලෙසේ
මුණගැහී මගෙ නොවී
නොකියා ඇයි ගියේ
මේභවෙ මගහැරී

බැදෙනා තැන නොවේ
රැදෙනා තැන ලොවේ
පුදුමයි ” එහෙමයි
මේ ආදරේ

written by Udesh Aryan

mihindu ariyaratne,mihindu ariyaratne live,mihindu live,mihindu,mihindu new song,mihindu 2023,udesh aryan,dinesh gamage,voice sri lanka,yathrikaya,ridena hadawatha,windy,music video,yana thanaka,sri lanka,anawakiyak,chakithaya,sanuka,sparsha,100k subscribers,kanishka akmeemana,emotional,2023 new song,wasthi,kanchana anuradhi,wayo,rock

ල ලාවට | La Laawata by Nethmini ft. JTSP Boy [2023]

ල ලාවට දෙතොලින් මගේ
තොල් රස වෑහෙයි ඵලේ
නො නොදැකපු මූනත් මගේ
පෙම්බර ගතී ඇතේ
මං සාමකාමී කෙල්ලෙක් අනේ
තාමත් පෙර පරිදි වගේ
මං දැක්කාම තැම්පත් වගේ
නෑ නෑ එසේ නොවේ
(නෑ නෑ එසේ නොවේ)

ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ
කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලෙ
විද්ද හී සර වැදුනා මට එක එල්ලෙ
දැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලෙ
රති ඔය තොල් සමානයි මෙන් මිදී
ඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතී
දෙන්න දෙන්න ආලෙ මට තව මදී
ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී

හීන මාලිගා හදන්නම් මා
සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
නුඹ තරම්
මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්

කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//

ල ලාවට දෙතොලින් මගේ
තොල් රස වෑහෙයි ඵලේ
නො නොදැකපු මූනත් මගේ
පෙම්බර ගතී ඇතේ
මං සාමකාමි කෙල්ලෙක් අනේ
තාමත් පෙර පරිදි වගේ
මං දැක්කාම තැම්පත් වගේ
නෑ නෑ එසේ නොවේ
(නෑ නෑ එසේ නොවේ)

ල ලබඳ වයන්නම් මං ආල ගීතේ
අතරමං වෙලා මම ඔය නීල දෑසේ
කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ
දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ
රුවනාරී දැක දැක කෝම ඉන්න තවත්
ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
රුවනාරි දැක දැක කෝම ඉන්න තවත්

හීන මාලිගා හදන්නම් මා
සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
නුඹ තරම්
මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්

කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා

written by Adhi MR & Jtsp Boy

රාගී රාගී | Raagi Raagi by Umaria [2023]

රාගී රාගී සඳ පායා දම්
ගෑවී ගෑවී තරුවක් දල්වම්
තාමත් දැන් හිත හිත මං හීනය විමසම්
පළඳා මල් නුඹ එනකන් බලා අනන්තේ
මන මන කළඹන මනෝ කරත්තේ
ගානු නුරා මූණ තෙමා දෑස දෙපැත්තේ
එන්න හාද වෙලා ඉමු වාඩි වෙලා
ගමු හාදු බෙදා අපි සොයා අනන්තේ

හොඳ කාලේ අන්ධකාරේ හොඳ කාලේ ආලේ අන්ධකාරේ
සඳ මාගේ සොයා ආවේ සඳ මාගේ සාරේ සුරා දහරේ

මත් වූ දා ආලේ කර්තෘ නුඹ මාගේ

මල මල විකසිත හැඟුම් වසන්තේ
දෑස පුරා පේන තුරා පාළු නොමැත්තේ
හිත පාට කළා තරු යාය බලා
මා ළඟට වෙලා අපි සොයා අනන්තේ

written by Lasitha Jayaneththi Arachchige

වැහිදාක | Wahidaka by Isuru Withanage ft. Gayana Lewke [2023]

වැහිදාක මන්දාර සිතුවම්
ඇහිදා දොවාර ලියකම්
කියඹුවක් මත දෝරෙ ගැලුවත්
හැමදාම නුඹ නෑ
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

ඇහැ ගාව තරු පාර හොයමින්
හිටිය කල් මදිලු
ඇවිදින්න අත් අල්ලගෙන මට
හිදින්නට වෙයිලු

තනි නොවනා මේ හීනේ
නුඹ ඈතක වේ නම්
ඒ ඈතක පාර හොයමින්
මම ඇවිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

නිදි දෑස අග හීන තනමින්
වරු ගාන ගෙවන
හුරු පාර දිග පාළු මකමින්
හිදි නුඹව දකින
හවසක හමුවේද යලි මං
සිතුවත් ඉඩ නෑ තවමත්
ඒ සිතුවිලි හීන කරමින්
තරු ඇහිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

written by Rajitha Rajapaksha

මං නාවොත් | Man Nawoth by Sahan Chamikara ft. Pasan

සඳ පායා නැති දා මා දිගු නින්දේ හී සැතපීලා
පලඳාලා මල් මාලා දිවි සාදෙන් සමුදීලා
හමුවෙන්නෑ අපි ආයේ
නොදැනේවා සංතාපේ
හිතවන්තී කෝ මාගේ මා දකිනා හසරැල් පෙර වාගේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

නැවතීලා සමුදීලා තරු යායෙන් මා මිදීලා
සැනසීලා මුහු වීලා සුළඟේ යන්නම් පාවීලා
හමුවේ නම් සංසාරේ
සමුගන්නම් මේ යාමේ
පලඳින්නම් ඔබ මාගේ වී ගොතනා කඳුලැල් මල් මාලේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

තනිවී තනියෙන් මං ගාවා නොහඬන්න දරාගන් ආ දා
කඳුලැල් හුරු නෑ ඔබ දෑසේ පානා
අමනාප නොවෙයි ඔබ මා හා සෙනෙහේ ආදර මල් පාලා
හිත අල්ලාගෙන මං ගාවින් ආවා

written by Nisal Gamage

කැප්ටන් | Captain by Master D [2023]

මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන්
නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
යා..යා..
දාගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන්
නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්
දාගෙන කැප්ස්ටන්

මුතු මුතු මාල තියෙද්දි බඩ පුරවලා කොස්
ඉතිං උබෙ කැත මානෙ කියපන් උබ තමයි බොස්
හෙට මගෙ කවි රෑනකින් මං දෙන්නෙ වෙන්න වොශ්
අඩො ලග ඉන්න මාගෙ උනුත් කිව්වා මට දොස්

ඔන්න ඉතිං තෝරගත්තා මුගටියයි පෙන්දයි
අන්ධකාරේ ඕනෙ තැනක් උබ ලිදෙ ගෙම්බයි
හදපානෙ මෝර දතක් උබ මට පෙන්නයි
වදකාර හීනෙකින් මං උබෙ හිත පිම්බයි

ඉතිං පල යුක්තයි වෙන්න ඉන්නෙ මුක්තයි
කල දුටු කල වල ඉහාගත්තෙ පොඩ්ඩයි
අරමුණ කට්ටයි හිතෙන් කුලෙන් ඉච්චයි
වට උබ පිච්චයි ඔලුවට හුජ්ජයි

එක රැයයි මුර වැව බැන්ද මගෙ බුලතා
එක පරපුරක් තාම හදනවා කුලකා
ඉන්නවද පෝලිමක තවම කුලල් කකා
හිත පලා ගන්න එපා දැන් පලයන් අකුරටා

මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන්
නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
ආ…ආ…
දාගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන්
නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්
දාගෙන කැප්ස්ටන් යා.. යා…

ඉතිං දවසක අග ඉන්නෙ පඹයෙකුද
ඕක කරගන්න බැරි නම් දෙන් ළමයෙකුට
උබ සරමක් ඇදන්ම වූ මේ ගමයෙකුද
උබ වගෙ උන් ඉන්නවා කඩේ ඩමියකට

අම්මලා වඩා ගත්තා මදි දෙන්න දරු කිරට
පොඩියට ඇදගත්තම ඇති මදි හිරට
උබේ අනාගතේ දැන ගන්න මොළේ තරළ
පරම්පරාවට තියා විසිකලා බරණ

අන්දලා දුන්නට කොල්ලො ගන්න එපා දැන් පතං එන බූරු උන්
උබේ තරමට වඩා දැගලිල්ල මට නුහුරු
හංදියේ බැස්ස හැම කොල්ලෙක්ම දැන් ගණන් කරා කූරු
මම තාම දෙන්නෙ විස නෙවෙයි ඇඩෙන්නැති ලූණු
මද්දට මදක් කියලා දැනෙන්නැති හැගෙන්නැති ඌරු
කාටත් වැඩක් වෙන්න කලින් එකේ ඇඩෙන්නැති ජූලු
ආවත් අගක් උබ බය කරයි නැට්ට නැති හූණු
නැවේ කුඹ ගහ ගිලෙද්දි මං පීනන් දිය හුරු

මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන්
නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
යා..යා..
දාගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන්
නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්
යා..යා..දාගෙන කැප්ස්ටන්

written by Master D

ලන්තෑරුම් | Lantharum by Yuki Navaratne [2023]

මත් වුනා වැව් තාවුල්ලේ
කෝ මගේ හිත මන්දාරමේ
යාබද වුනු හිර කාමරේ
කෝ කාටද කතා කරේ
කෝ මට දුන් හිර කාමරේ

උඹ තරහද තාමත් යාපනේ
ආදරේ හෙව්වේ මේ ස්මාරකේ
පරවී යයි මේ මල් ආසනේ

ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ //

දිය මත පාවූ
කරදර
අද නොදැනීම මං
මගේ කර මත වේ
අද දින කවුරුත් එන්නෙ පයින්
ගෙනත් දුන්නා
අව්වේ පෝලිං වෙන්න බලං
ඉද්දී එලිවුනා රෑ
මට ඉන්න වෙයි
කැරකෙන්නේ ටර්බෝබයින්
ලේබලේ විසිතුරු මගේ මොලයයි
Oh I’m gonna slide
දැන් බෙහෙත් බොන කාලේ

ඉතින් මං සුදුමැලි වේගෙන යයි
හදවතින් ඩ්‍රොප් උන මිනිස්සුන්ට
සුදුපාට දුන්නා කරුමෙට
උනේ ඕවර්ලැප්

අද සීතල තැන් මිහිරී
හිත දිනපු ඇස් ඉතිරී

ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ //

written by Yuki Navaratne

හිතේ බැන්ද ආලේ | Hithe Banda Ale by Ravi Royster [2023]

පැටලී යයි දුර අහසේ
මන බැන්ද ගීයේ කාරනා
කැළඹී යයි හිත ආයේ
නවතන්න වේවී කල්පනා

සන්සුන් හිතින්
එක හුස්මකින්
නුඹ පෑව හීනේ සගවා මා දුර ගියා
නොවෙනස් කතා
දෙහිතක් වසා මා

නවතින්න ආසයි තේරුනා
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

නුරා හීන ගාවා
සදේ දෑස පේනා
ටිකක් ලගට එන්නම් පේවිලා
ලගින් හුස්ම ඇහෙනා
දෙතොල් සලු දිලෙන්නා
සදේ කැල්ම පාරයි මා වෙලා
උණුහුමේ රස කතා
අමතන්න තහනම් කල්පනා

හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

written by Kusala Vidanapathirana

මා දැවෙනවා | Maa Dawenawa by Stefan ft. Manasick

එක තැනක එක හිතක මගෙ හිතට
සැනසෙන්නට බැරි නම්
ආල සිත රාග ගිණි ජාලාවේ
ඇවිලී යා නම්
තනි හිතක ආදරය මගෙ හිතම
පුරවන්නට මදි වේ නම්
තව හිතක ආදරය මගෙ හිතම
වසඟෙට ගත්දෙන්

මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා

මේ පහසම මට ඍතුවක්
වින්දා ලොව දබරයත් මැදැඟිලි යා කර
ලෝකේ හැම රහකම ඇති කිලිටුවක්
දල්වා රහසක් නිවෙන්නේ මා පා කර
අළු කඩන් හුස්මක දැල්වෙන දිවාකර
ගිනියමක් මෙන් උඹේ සැකය හැබෑකර
පියවියෙන් මට දැනෙන යථාර්ථය
කල්පයක් කලා මොහොතක් දෙබෑකර

උඹ අරුමයක් මං මුලා වී මේ වියම
මා ගෙව්වේ හැම තප්පරයක්ම ඒ බියම
දැව්වා නිවෙන්න-හදපත්ලේ ඒ දියඹ
ලොවෙන් මිදී සැඟවෙන්නයි මේ වියන

මේ අන්ධකාරේ උඹ පෙළෙනවා
මට දැනෙනවා උඹ තවත් තැවෙනවා
හැඟෙනවා ඇවිලුනු ගත දැවෙනවා
දැනෙනවා පිනෙනවා නිවෙනවා මා දැවෙනවා

මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා

මේ සීත රැයේ
උණුහුම සොයමී
සුසුමක දැවටී
සිප ගනු මැනවී
දැවෙනා හැඟුමේ
ආලය තැවරී
රාගය මුසු වේ
ඇවිලෙනු මැනවී

written by Kosala D Maduraweera & Masick