මගේ ඇස් | Mage As Piyena Thura by Gayan Arosh [2017]

මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා

පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

පෙර වගේ
මුන ගැසුනු සේ
හමුවන්න බෑනේ ලංවීලා
මේ භවේ
අපි විදි සෙනේ
මතු ලොවක විදිමු එක් වීලා

අපි අපේ නොවුනත් ප්රියේ
මට ඉන්න දෙන්න තහනම් සිතේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

පෙම් කලේ ඇයි අප මෙසේ
හැමදාම ඉන්නෙ කදුලින්නේ
හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා
පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

written by Sajith Akmeemana

ම්ම්ම්ම් | MMmm by King Lotuss [2023]

ම්ම්ම්ම්
ගරු කරා රැපට
රැප දමා සැපට
ඇන්දේ තොපි හැට්ටද
කොහොමෙයි මේක

ම්ම්ම්ම්
උබලා බාලයි
නෑ නෑ උබ ලාබාලයි
කොහොමත් කට වාචාලයි
එහෙනම් කියපන්

ම්ම්ම්ම්
උගුරු වේලෙනෝ
ගහල ගහල මූනෙ බේරෙනෝ
පස්සෙ තේරෙනෝ
කොහොමද මේක

ම්ම්ම්ම්
ආවේ අඳුරින්මයි
දුම නැත්නම් කඳුලින්මයි
කිව්වොත් කිව්වෙ පතුලින්නමයි
එහෙනම් කියපන් //

බය නෑඩෝ වැටුනට යටටම
බයිලා ගහන උන්ට කපුටො ජරා කරයි කටටම
අපි රජවරු තමා යාලු මුලු රටටම
අඩෝ කෑවට පස්සේ තමයි සෙට් වෙන්නේම පපඩම

අපී ශෝක්කෙට සීලේ රැක්කා
වෙන ලෝකෙක දේවල් දැක්කා
මට බලු වැඩ කරනෙපා ලෙසට කුණුහරුප පැවසුවා මගෙ හිටි මැක්කා
රැපම යන්නම් දක්ක දක්කා
කිව්ව උන්ල කරා #කාක්
ලෝටා ඔයාගෙ සින්දු නම් #ක් ආ
ඔව් මගෙ පනීවි ලඟදිම හක් ක

සීතල ගහපුන් හති දානවා
බාගෙට බාගයක් පෙති දානවා
මේකඩෝ ලෝටගෙ ගති ය
මට ආතල් මුලු සතියම
ත නී වචනෙන් කැඩුවා මල් වට්ටිය
අතරින් පතරින් ඉඩ නෑඩෝ පිරිලා මේ කට්ටිය

ම්ම්ම්ම්
මම රයිම් කරා
කූඩැල්ලො සෑහෙන්න එකපාර අයින් කරා

ම්ම්ම්ම්
බඩු ලයින් කරා
එක්කො අපි මොලෙන් එක්කො අපි අතින් පයින් කරා

ම්ම්ම්ම්
උන්ල සයින් කරා
අපි සෙනික කර ඒව උන්ල හෙන ටයිම් කරා

ම්ම්ම්ම්
මෝඩයින් කරා
නෑඩො මගේ තර්ක මංම මාව හොඳට වයින් කරා //

පිනටත් ගහල ටෝක තෝල්ද
හොදටම වැදිලා ගෑනිට කෝල්ද
දුක නැති වෙන්න ගත්තේ එතකොට එතනෝල්ද
හරි නිකමට හරියට පැටලිල බලපල්ල අපේ උන් කොපමණ මෝල්ද

ප්‍රශ්න තිබ්බා සෝල්
Control + A and delete all
කියන තරමකට හීනියට කරන්නම් රෝල්
කො කො කොහොමත් කෙලිලෝල්
අපෙ උන් කැහුවෙත් කැතු පෝලු වලින්
කිව්වේ ඔලු වලට
ප්‍රසිද්ධියෙ බැන මට ගනු එපා කෝල්

සුද්දා
බඩු අරන් දීල මමත් ඇද්දා
හැබැයි පොඩි කාලේ
රැප තනි බැද්ද
මම තමයි මේකෙ වැද්දා
හැම සතාවම පැද්දා
ඉතින් මට ගේමක් නෑඩෝ ගේමක් දෙන්න කවුරුත් නැද්ද ආ

කවුරුත් නැද්ද ආ//

ම්ම්ම්ම්///

written by Ashan Perera

සසර පුරා | Sasara Pura by Dasun Madushan [2023]

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලා
පියනගනා විට පියතුම අතෙහි එල්ලිලා
වෙනදා මෙන් නොව මගෙ හද ගැස්ම වැඩිවෙලා
මට නොදැනිම මගෙ දෑසම කඳුළු තෙත් කලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

නික්ම යන්න අලුත් ලොවක දිවිය අරඹලා
මොහොතට පෙර නුඹ ආදර මවට ලංවෙලා
කෙලෙසක නුඹ රැගෙන යම්ද සිතත් නැවතිලා
හිදිමි මුවග සිනහවකින් කඳුළු සඟවලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

written by Kasun Wickramasinghe

මගේ පුංචි දුවේ | Mage Punchi Duwe by Rookantha & Windy

සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේ
ඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේ
ගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේ
අපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ

අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මං
අක්කා එක්ක ගෙදර නිතර රණ්ඩු වුණා මං
ආච්චි අදත් එදා වගේ ළඟ හිටියානම්
එයා තමයි මෙතන අඩුව මට දැනෙන්නේ නම්

කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ
ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ
හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ
දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ

ළඟ නැතුවත් අම්මාගේ චූටි පුතා මං
අම්මයි තාත්තායි ඇස් දෙක වාගෙයි මටනම්
වයස ගියත් බැරි ගැහුණත් ළඟ ඉන්නවා මං
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං

written by Rookantha Gunathilaka

කැටයම් | Katayam by Hana Shafa X Kaizer Kaiz [2023]

හිත ලග මායම් පාලා.. ( Hey )
ළංවී කැටයම් දාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ

අපේ තණබිස්සේ වටේ හිත හිස්වේ දෙන්නටම විස්සේ
පපුව තව ගැස්සේ යමුද ගල්කිස්සේ තෙමෙමු අපි වැස්සේ
ඔයා මගෙ පස්සේ දැන් නම් මම පිස්සෙක් ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

නම ඇම්බැක්කද?
ඇහුවම එවන්න එපා ඔය හෑන්බෑග් එක
මගේ බැටරිය හොදටම ලෝව් නිසා මගේ චුට්ටෝ
වෙන්න බැරිද පව්‍රර් බෑන්ක් එක..

ඒ පැටලිලා හොදටම කේබලේ
ලිහා ගන්න බැරුවයි ඉන්නේ කළුවරේ
මගේ අවුල් තමයි පොඩ්ඩක් ඉතින් ඉතින්
මගේ වෙහිකලේ තමයි පුංචි ෆුට්සයිකලේ

පෝස්ට් මැලෝන් ඇහුවට කන්නේ පොලොස් මැල්ලුම්
කොස් තමයි පොශ් ගොං තැන හොදටම මොංගල්
කෙල්ලේ කවදාවත් කරලා නෑ කොන්
සිංහයා සිංහයමයි හැලුනත් ලොං..
Kaize…

මන් දාන කැටයම් දාන කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
මන් දාන කැටයම් තේරුනාදෝ.. ( ආ.. )
පෙම් පාට කැටයම් පාට කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
පෙම් පාට කැටයම් තේරුනාදෝ.. ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ .. ( ආ.. )

written by Manuranga Wijesekara

කාරි නෑ සඳ | Kaari Naa Sanda by Methun SK [2023]

ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්

හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත්
මාසෙකට සැරයක් නේ බං

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද

Written by Methun SK

හිපි ඩෙනිම | Hippie Denima by Daddy [2023]

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

ඇස් වල ඉරි පාට පාට රූ මවා
හීන රහයි දැන්
ගස්වල මල් අපිට අපිට අතවනා
එන්න කියයි නම්
වන්වේ යන ජීවිතේම ඉරි කපා
නඩුව එපා බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා

තප්පර කටු රත් වෙලා
ඇද වෙලා කාලේ ගෙවයි දැන්
චිත්තරපට දර්ශනේම බොද වෙලා
ඔලුව අවුල් නම්

පත්තර වල යන්න කලින් යමු සනා
හිතට ශුවර් බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා

written by Manuranga Wijesekara

බොම්බෙ මොටායි | Bombe Motai by Anushka U ft. Sunil Perera

ගුරුකම් කරාලා…. ලියුමක් ලියාලා
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා… ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී… පද්මාවතී… පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී… පද්මාවතී

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ

හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ
ආලේ මෝරා මේ හිත පාරා ඇමතියා රට කනවා හෝ…රා

ඒ වල් ඌරා
බඩ ලොකු මෝරා
එක්කන් යනවාමයි යනවාමයි
කැන්දාගෙන පද්මා

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි හෝ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

ගුරුකම් කරාලා…. ලියුමක් ලියාලා…
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා… ලිප්ස්ටික් උලාලා…
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී… පද්මාවතී… පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී… පද්මාවතී

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

written by Anushka Udana & Dinesh Gamage

මේවා චිල් | Mewa Chill by Kelwiz [2023]

මේවා Chill ආතල් නම් පටලගන්නෙපා
බීලා වැඩිවෙලානම් පදින්න යන්නෙපා
රතු කහ කොළ මැද්දේ අතරමං වෙලා මං
ආ ඔව් මේක ගොඩක් වෙනස් බන්

මගේ ලග නැලවුනු ඒ කාලේ Shawty
උබේ එකාට වඩා මං හරි Naughty
දැන් ඉන්න කෙල්ලන්ගේ මූනුවල පොටි
ඇහුවොත් කියන්නේ අනේ මං තාම චූටි

කාමෙට මත් වෙලා ඉන්නේ මං රාගෙන්
හීය වැදුන්නෑ මල් සරාගෙන්
බීජ හටගන්නේ මලේ පරාගෙන්
හැමදේම කරපු උන් එන්නේ බබාවෙන්න

නැලවෙන්න කියන්නම් සද්දෙට දාගන්න
පදම්වෙන්න කන් පිනවන්න මේකත් එක්ක්
ගහට මුවා වෙන්න

ඩෙග ඩෙග පරි රඹුට කැකිරි මගේ සීමාවෙන්
ඇතුලට ආවොත් අහුවෙයි උබට කිලි
මං ගැන දන්න උන් මං ගැන හොදට දනී
සෙල්ලම කිරි හට්ටියක්නම් මං තමයි ඩෝ පැණි

වෙලා උබලා මොකද Panic
සලකපු උන්ට සලකන්න වෙලාගන්නෑ බැමි මං
ඔව් හදට යං මං නැති දාට
සෙල්ලම ඉන්නේ සංකාවෙන් බන්

මේක Chill මේක Chill මේක Chill ඒ ////

අරෙන්නේ ඇස් ඉබේට තේරුම්ගද්දි නැත්තන් නෑ නින්ද
ලැජ්ජවෙන්නේ නැ මං කියන්න ඒ දුක වින්ද
බල්ලෝ බිරුවට වැඩක් නෑ පාත් උන්නැ කන්ද
ලස්සනයි සමාජේ විදින මිනිස්සුන්ට අන්ධ

අච්චර මෙච්චර සීමාවක් නෑ ආශ්‍රේ කරද්දි මනුස්සකම්
මේ වචන යන්නේ කාගේ කාගෙත් ගලවන් කන්
වටෙන්ම ආවට කුණාටු නෑ ගනන් ගන්නේ මං
පිටකවරෙන්නම් පොතක් මනින්නෙපා

උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ
ඔව් භාගෙටවත් නෑ
ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ
මට මදි නිසා හැප්පෙන්නේ නෑ

උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ
ඔව් භාගෙටවත් නෑ
ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ
මට මදි නිසා හැප්පෙන්නේ නෑ

රම්පෙට පොරි අදින්නෙපා ගෝරිනම්
අහුවුනොත් දානවා අල්ලලා හොද පෝලිමක්
කියන්නේ වගකීමෙන් ඇස් දෙකෙන් දැක්ක Story මන්
මේ මොනාද Diss ඒ ඌ මගේ දෝණි බන්

ඇහුවොත් Rapper ලු අහුවුනොත් ඇප නෑ ලූ
අනේ හුකේ නන්නානේ විකුණපන් කද මාළු
අප්පටසිරි මෙන්න මේක ඌට වැදිලාලු
බොරුනම් බලපන් පැත්තට වෙලා ඌ අඩනවලූ

මේක Chill මේක Chill මේක Chill ඒ ////

උස්සන්න අත් දෙක, දෙන්න Clap එක
ප්‍රශ්න පැත්තක තියලා දැන් නටමුද
මොකද කලබල, අහක බල බල
නිතඹ වන වන යන්නේ ඒ කව්රුද

අටුව කඩා පුටුව හදන්න වෙන්නෑ මං මෝඩ
ගොඩක් කෙල්ලෝ කැතයි නැත්තම් මූනේ Powder
වචනෙන් නැලෙව්වා බැස්සම කොහෙත් Border
තාලෙට නැලවෙද්දි ඉග සුග කොල්ලෝ Order

KELWIZ කියන්නේ වචන වගේ මං Cheese
පළවෙනි Shot එක මං ගහන්නේ Neat
ඔය ළමයි තද කරගන්න ආසන පටි Seat
මේවා පදමට හැදුනේ Visler ගේ අතින් Beat

කැත්තක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා
ඔය ගස්සලා පද්දලා වැඩ දාන නංගිලා
Cream නැති දාට බලු වෙනවා

written by Kelwiz

මායම් | Mayam by Rahal Alwis ft. Skay Jay [2023]

පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

සරාගි නෙතු රන් පතකින් තවරන්
කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
මදිද ම⁣ගේ හිත අස්සේ ගැහුවා කරනම්
රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්

Nauty Shawteyyyy ඔයාවයි මම පැතුවේ
රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ

සීත සේල මේ බිගු අතරේ
රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
ඈ නොවේද තාරකාව
මා නිසාම මායම් පෑවේ

රෑ ඒ හීන ලැව්දුන් යාමේ
පාට පාට හීනෙන් වාගේ
මා නිසාද ඈගේ හීන
මා ලගින්ම ඇවිදින් උන්නේ

නියරටා හැඩ මවා මගේ පිට මැද්දේ
එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සීලේ රැක්කේ
මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ

දුන්නත් වරම් මගේ හීනත් ගනන්
සැප දුන්න තරම් ⁣කෙල්ලෝ බින්දා වලන්
මන් හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
ගලක් වගෙමයි හිත කුඩුවෙන් නෑ මලත් Baybayy

පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

written by Nilar N Cassim & Skay Jay