කුමර සමයම | Kumara Samayama by Kalasri ft.Tharindu Damsara

සසර පව් බර වැඩී
නෑර අත මා වෙලී
ගොම්මනේ නුඹ හිඳී
විශඝෝර බැල්මෙනී
නිවුනු දරු දුක් ගිනී
ඝරසර්ප කුමරුනී

කලු වළා ගැබ අරක් අරගෙන
රිද්දි යකිනිය ගින්න සදමින
නොඉඳුල්ම කපු සලුව තෙමමින
හදක් කෑවා
දොලතටුව පුදමින

හිමි වල්ලභට මා එපා වී ඇති
ස්ත්‍රි දේහෙන් දැන් පලක් නැති
මල් මඩුව සුනු විසුනු වී ඇති
කලු කුමර ආලෙන් වෙලා ඇති

පතිනි මෑණිට වැලි ගසා
කුමර සමයම වින කලා
කලු කුමර මයෙ කුස අරා
ගොම්මනේ එබිකම් කලා

written by Ruchi Nethma Abeywarne

tharindu damsara songs,tharindu damsara,damsara,tharindu,sinhala songs,new sinhala songs,nuwara ahasa yata,shalika dissanayake,udurawana,kandy lake,senkadagala,nuba nomathi,number lengathukamata,udarata,sri lanka,dhammadewa,wawa rawuma,jayasooriya,robarosiyan,deepathi jayasooriya,sadakalika premayknam,kandy,sanjula himala,himala,ithin a hamadema,hithalu,sanjula,sadakalika,numba nomathi dihawaka,reazon records,ruhunuketha,the night without her

Body 2 Body by DJ Katch × DJ Mass ft. Apzi & Romaine Willis

Its really not like me to fall so quickly
සිහින ලෝකේ මැවි
The moment u met me, මා හිත සැලුනි
I was hypnotized

From your body language let me understand it.
I know what ur thinking ඉන්නකෝ ලංවී tonight.

So let’s just take it to the floor.
Watching me like I’m a work of art
යන්නෙපා දැන් ඉන්නකෝ
Body to body, යමුද පාවී

let’s just take it to the floor
Don’t know where u start and I start
ආදරෙයි කියන්නකො
Body to body, heart to heart
Body to body, heart to heart

Face to Face ලං වෙලා
Body to body, heart to heart

Face to Face ලං වෙලා
Body to body, heart to heart

I’m like
ලං වෙලා Body to body
In the night I be feeling so naughty
Mix that gin I wanna party
Sip on Bacardi come taste my siracha
Mental connection
Physical affection
I need attention
Don’t need redemption
රහසක් කියන්නම් මං ලංවෙන්න දැන්
හාදු තියන්නම් යං මත්වෙන්න දැන් aahhh!!

So let’s just take it to the floor.
Watching me like I’m a work of art
යන්නෙපා දැන් ඉන්නකෝ
Body to body, යමුද පාවී

let’s just take it to the floor
Don’t know where u start and I start
ආදරෙයි කියන්නකො
Body to body, heart to heart
Body to body, heart to heart

Face to Face ලං වෙලා
Body to body, heart to heart

Face to Face ලං වෙලා
Body to body, heart to heart

හිස් හිත | His Hitha by Krishni ft. Kaizer Kaiz [2022]

නිහඩව අසා සිටිනවා
හිත කියයි රස කතා
නුඹ ගැන තවම සිතනවා
පසුබසී දුක පවා

මතකය ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා
ආගිය පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

වරදට සමාව ඉල්ලා
හද මගේ වැලපුනා
අවනත නැතුව දුක ගියා
අපි හිතෙන් හිනැහුනා
මතකේ ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා

ආයෙත් පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

තිත්තම උන ජීවිතේ
රහට හැපුන මුද්දරස්පලම
පද්දන පැද්දිල්ලට කඩන් වැටෙයි කෙල්ලේ
හෙල්ලෙන පාලම

කැටයක් කඩපු දාට
පොඩි එකාට කඩ චෝරු
වගෙමයි දැක්කම නුඹ
මැවුනේ මට මගුල් පෝරු

වැදිලයි හිටියේ මට
වැහි නැතුවත් හෙනේ
ගැරඬිත් මට පිප්පුව උන්ට
නැතත් පුප්පන පෙනේ
දෙබලක් අහුවුනා මම නැග්ගත්
තනි කෙලින් පුවක් ගහේ
පස්සේ උබ ඇවිදින් මට දැක්කුවා
පතරංගම සෙනේහේ

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

Written by Manuranga Wijesekara & Kaizer Kaiz

පාට හීනේ | Paata Heene by Sanjula Himala [2020]

සද නැති අහසේ
පාළු රැයේ
ඔබ මා හමුවූ ඒ දවසේ
එක හිත දෙතැනක නතර වුනේ
මට නම් නෑ ඔබ දැනුනේ

ඒ පාලූ හෝරා නෑ අපගේ වූයේ
ලගපාතකින් වත් නෑ සෙනෙහේ දැනුනේ
නෑබුල් සිහිනේ රස නෑ දැනුනේ
නුබේ පාට හීනේ නෑ පාට වූයේ

කී සේම වෙනසක් නෑ
නුඹ නුඹ වූයේ
නෙක පාට තවරා නෑ නුඹගේ ආලේ
මතකයට තව ඉඩක් නොමැකෙයි වගේ
එක් නොවන ප්‍රේමයත් ප්‍රේමෙකි ලෝකේ

අවරට පිපුනාදෝ
පෙම් මල හදිසියේ
පෙම් වැස්සේ පින්නක්
ලග පාතින් වැටුනේ
නොනිමෙන්න හිත අස්සේ
ආශා නුබගේ
එක් නොවන ප්‍රේමයත් සොදුරුයි වාගේ

ඒ පාලූ හෝරා නෑ අපගේ වූයේ
ලගපාතකින් වත් නෑ සෙනෙහේ දැනුනේ
නෑබුල් සිහිනේ රස නෑ දැනුනේ
නුබේ පාට හීනේ නෑ පාට වූයේ

Written by Sewwandi Wickramasinghe

සියදිවි හානි | Siyadiwi Haani by Zany Inzane & Master D [2022]

ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානි
ඉපදෙන්න ලේසි නෑ මිනිසා වී
ආසා දේවල් හැමදේම දැන් එපා වී
එපා වී
අඳුරේ මම තව එක රැයක් ඉවසාවී
මාව මගෙ මනසම අමතාවී
මට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්
හිත වැරදුන තැන් විමසාවී

සීමිත බලාපොරොත්තු අවම දුක
හැමදේම තීරණය කරද්දි අකුරු තුන
මේ පේන දේ නෙවේ තියෙන්නෙ වචන තුල
මේ භාහිර ලෝකේ සියල්ල තාවකාලිකයි
ඒවා පස්සේ ලුහුබැඳ නිකරුනේ කාලේ කයි
ඒ නිසයි මං ඈත් වෙන්නෙ බැඳීම් වලින්
ඒවා මාව දුර්වල කරලා දාලා යයි
උඹ පීනපන් කඩාගෙන ඒ දැල
හේතු හදන්න එපා පසිතැවෙන්න උඹ ගැන
ඉවසීමෙන් තේරුම් ගනින් මේ අනිත්‍ය
මරපන් උඹේ හදවත හඬා වැලපෙන

ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානි
ඉපදෙන්න ලේසි නෑ මිනිසා වී
ආසා දේවල් හැමදේම දැන් එපා වී
එපා වී
අඳුරේ මම තව එක රැයක් ඉවසාවී
මාව මගෙ මනසම අමතාවී
මට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්
හිත වැරදුන තැන් විමසාවී

තා පිරි පැට වට බඹරය අද
වේලාසනින් වැහුවා දොර මම කාමරය
අතපසුවන්නට කෙනෙක් නැති මතකය
තව මුමුනන්නට
කෙනෙක් ඇති මිතුරම ළඟින් මගේ
අන්තිම තීරණේ ගන්නම් මං රිදුනද
යන්තමින් හරි දැනන් උන්ගේ හිත රිදුනද
නින්දට හේතුව නුඹේ හිත ඇඳුනද
ලස්සන බුදු බණ නුඹේ හිත රැඳුනයි
රිදවාලා විග නුහුරු තිඹිරි පත්
හිස මදවාරුයි ගමන කෙලපෙරෙන හිත්
ඇති අතාගාමින් සැපට සති ගනං මං මත්
මගේ රට පාරුවෙන් අඳින කල සැමට තත්
දුක කසා පාරක් නෙවේ දැන් ගත්තා මං මගෙ රත්
මට කටපාඩම් නිතර ඇසුණු බුදු බස්
ඉතිම් හිත පාගා නැගෙන කලු අකුලු ගස්
කෙලතර පාලා බලන්නම් බරද මට මං

ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානි
ඉපදෙන්න ලේසි නෑ මිනිසා වී
ආසා දේවල් හැමදේම දැන් එපා වී
එපා වී
අඳුරේ මම තව එක රැයක් ඉවසාවී
මාව මගෙ මනසම අමතාවී
මට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්
හිත වැරදුන තැන් විමසාවී

සෙන්කඩගල නුවරට | Senkadagala Nuwarata by Dinesh Gamage

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කදුලේ පැටලී
තනිවී

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන
ඔය රුවලංකාර
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තවම
වැව් දිය නිසල වෙලා
මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කදුලේ පැටලී
තනිවී

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුනු
අසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහු වෙනකොට තවමත් වැව රවුම
ඇස්දෙක වසන්න උනේ එය පමණයි සසල

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

Written by Manuranga wijesekara

මනෝපාර | Manopara by Dilo [2022]

හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන්

ඒ වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්
කස පාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම මනෝපාරක් ගහන් සැනසෙන්නම් මන් එන්නම්
සොහොන වෙත පැමින ඇගේ මුව දෙස බලමින් තනිවි මම ඉන්නම්

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
අන්දකාරේ විෂ පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

විලාපෙන් හෝරා ගෙවෙද්දි මැවේ ඇගේ සිත්තම් ඒ දැවෙයි දිවංගන වී දැන් ඈ
නීරස ජීවිතේ පලක් නැත ඉඩක් නැත කාටවත් ආයෙ මගෙ හිත සනසන්නවත් බෑ
අලාප ඇගේ හිස වටකරන් මගෙ කනටද කොදුරයි මේ විස මට පුරුදුයි දැන්
අලාබේ මට නිදහසේ සිනහවෙන් සිටි කාලේ පිපාසෙන් මන් කල් ගත කරන්නේ මේ රෑ

නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
අන්දකාරේ විස පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

Written by Dilochana Perera

ඔබ මගේ හදවතේ | Oba Mage Hadawathe by Sandun Perera

ප්‍රාණයෙන් දරා ළයතුරා ආදරෙන්
මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්
දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳගනා

ඔබ මගෙ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කළා
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යළි ඉපදුවා

මහ සාගරේ තරම් තියේ
ආදරේ මේ ළයේ

අන්ධකාරෙන් අත්මිදී සිනහවෙන් පිළිතුරු දිදී
තව්තිසාවේදිත් යළි එකතු වෙන්නට යමු අපි
වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී
දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී

දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳගනා….

ඔබ මගෙ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කළා
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යළි ඉපදුවා

මහ සාගරේ තරම් තියේ
ආදරේ මේ ළයේ

Written by Sandun Perera

oba mage hadawathe paladuwa lyrics , oba mage hadawathe paladuwa song . sandun perera new song , oba mage hadawathe palanduwa

සීමා | Seema by Kanchana Anuradhi ft. Rivindu [2022]

මොහොතක් දැවටී මාව සිඹිනා
සුළගක් ඇවිදින් මා සොයා
හුරු වේදනා සාදලා
දුර යාවී දැන් මා දමා

නොරැදී බිදුවක් ඈත ඇදෙනා
නුඹගෙන් සැනසුම් කෝ කියා
හිත පෑරෙනා රෑ පුරා
තාමත් මං හොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලුම් සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
හීනෙන් පුරා
ඔබ හා මා

රිදවූ මතකේ දෑස වසලා
කදුලක් ඇවිදින් මා සොයා
මගෙමැයි කියා කී කතා
දෙසවන් මත ඇහෙනවා

යහනේ තනිකම් හීන රිදවා
ඇවිලේ සුසුමන් මා දවා
හිත පෑරේනා රෑ පුරා
අරුතක් මං සොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලූ සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
ඔබ හා මා සිසාරා සිසාරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

Written by Nisal Gamage

Kanchana Anuradhi new song , Kanchana Anuradhi song , seema kanchana anuradhi , kanchana anuradhi age , kanchana anuradhi hair , kanchana anuradhi photo , kanchana anuradhi boyfriend , seema kanchana anuradi song lyrics

මල් වරුසාවයි | Mal Warusawai by Thilina Boralessa & Ravi Jay

මල් වරුසාවයි ..සීතයි
යන්නට අපි දෙන්නා
මට ලොබයි
අයේ හමු නොවෙනා

එ මොහොතත් නතර උනා
සඳ එලියෙන් නැහැඋනා
ආදරය දී ඉන්නෙපා
සුසුමකට ඉඩතියා

සයනයේ මත
රිදුම් වැලපුම
හවසකට හරි
ආයේ එනවද

බෑ ඉන්නට අද තව ඉර මුදුන්වෙලා හොදටම
ඔය මල ඉඹගෙන මගෙ රත්වුනු කඩුව තියන්නට
නුඹෙ සියුම් ගතෙ මේ අශෝක චන්ඩාශෝකයන් වෙන්නං අද
මේඝ වලාවන් අරගෙන නුඹ එනවද සංග්‍රාමෙට
ඩිංගක් නපුරෙක් වෙන්නට මට අද පොඩ්ඩක් ඉඩ දෙන්න
ඉකිබිද නොඅඩන් පොඩ්ඩක් රිදවන්නෙ
උච්චම ස්වරෙ නුඹෙ මට ගන්න
කුෂාන්තියේ දුමේ මතින් වෙරලු මල් සුවදත් රගදෙයි රාගෙ
ආලෝකෙ දුරයි අදුරයි යහනේ
ගැලවෙන්න හිතක් නෑ මේ ශාපෙන්
ඉතිං අපි දුර යං පාවී මේ දෑස බලා මරවන් රාගී
දැං හදිස්සියක් නැතුවත් වේවි
ගිනි ගන්න මේ කරුමෙට ඇයි ආවේ මං ඇයි ආවේ
මේ බොදඋනු හීනෙකට ලෝබෙකට
මේඝවලා අරගෙන වැස්සත් අරගෙන
ඩිංගක් සැනසෙන්න හවසට එනවාද?

හිත සැනසුවා
ගත වෙහෙසවා
අපි සැනසුනේ
කරැමේ අපේ කරුමේ

සයනයේ මැද – මං දෑසින් දැක්කා
රිදුම් හදවත – මනසින් වින්දා
හවසකට හරි
ආයෙ එනවද? -මේ රාගේ පල්ලා

Written by Thilina Boralessa