මීදුම් වසන්තේ | Meedum Wasanthe by Surendra Perera

මීදුම් වසන්තේ, සීතක් දැනේවි
පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම්
වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමා
ගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේ
සිතල මට නොදැනේ
ඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේ
මගේ පෙම් කුමරා මා තමා

පෙම් කුසලානේ මා ළමැද හැංගිලා
ආශා උපදී මධු බොන්න ලං වෙලා මා වත සඟවා
ලැම හංසයින් මැදින් සැතපෙන්න මා
ආනන්ද සිහිනයෙන් මේ වාසනා පෙම් ජීවිතේ
උතුරා ගලා මුදු මීවිතේ
අපි ගයමු ආදරේ ගී හොඳටම ලංවෙලා

සඳ නෞකාවේ සාගර තරංගයේ කොහේ හෝ යමු
මේ ශාන්ත රාත්‍රියේ අපි දෙන්නමයි වෙන කවුරු හෝ එපා
තනිවෙන්න යමුකෝ අහසේ වලාකුලේ මල් රේණු හා
සමනල්ලු සේ ඉන්නයි කියා සිත කිවේ දෝ
අපි දෙන්න ප්‍රේමේ ලෝකේ හිඳිමු නුවන් පියා

මීදුම් වසන්තේ, සීතක් දැනේවි
පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම්
වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමා
ගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේ
සිතල මට නොදැනේ
ඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේ
මගේ පෙම් කුමරා මා තමා

සිංගල් දරුවෝ | Single Daruwo by Anjali Rajkumar ft. Funky Dirt

ආයෙත් එපාමයි අපායයි ප්‍රේමෙන් ලැබුණේ
Life එක චොකා වෙයි
ආදරෙන් ආතල් කුඩුවෙයි
ඒ රැවටුණ කාලෙ ගියා
සංසාරෙම කිරි ටොයියා
කෝ බන් දැන් ඒ අයියා
පරාල ඇණයක්

හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝ
ඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝ
කොහෙද ඉන්නේ ඇයි online
Message එකට කෝ reply
කොහෙද යන්නේ කාත් එක්ක
ආලය ප්‍රශ්න පත්තරයි

අංජලී ඔයා හරි මුල් ටික ආදරේ හෙන ජොලි
පස්සෙ ගිනි අවි සහ ගිනි කෙලි
වේලුණු ආදරේ බොම්බිලි
පේලි පේලි සිතුවිලි
කවිකර ලිව්වා මා ඇයට ගී
මතක් වෙනකොට ඒ යක්ෂණී
මට මං ගැනම හිතෙන්නේ චී චී
හිතන් ඉන්නේ මං cheating – යකෝ I was at a meeting
යාලුවොත් එක්ක drinking – Phone එක මගේ ට්‍රිං ට්‍රිං
මහ රෑට මොන fighting – මොංගල්ද darling
ට්‍රිපක් යන්න බෑ – සැපක් ගන්න බෑ
කෙල්ලෙක් එක්ක බෑ හිනාවෙන්න බෑ
යන තැන තැන location ඉල්ලන
Attention හිඟන වධක අඟන
සකබරයත් නුඹ පරදන
මුර පදයත් මගෙ හොයාගෙන
සයිබරෙ මගෙ හොර අල්ලන
Like එකටත් මට ඔරවන
කරුම අපල ගෙවිලා
ගැලවිලා ආවෙ ඇගෙන් මිදිලා
Yeah… ජීවිතෙ හැමෝගෙම
වැරදුණු තැනක සැරටම
ලැබුණද හොඳම පාඩම
අපි හමු නොවෙවා ආයෙම
හමු නොවෙවා ආයෙම
හමු නොවෙවා ආයෙම

ඉස්සර එයාමයි මෙහෙම්මයි ආසයි කිව්වේ
පස්සට එයාමයි එපා වෙන්න නීතිත් දැම්මේ
Whatsapp last seen බලා එයා මට ලොකු seen දමා
IG tik tok viber හැම තැන ලැග්ගා

හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝ
ඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝ
කොහෙද ඉන්නේ ඇයි online
Message එකට කෝ reply
කොහෙද යන්නේ කාත් එක්ක
ආලය ප්‍රශ්න පත්තරයි

මන්දාරම් කතාවේ | Mandaram Kathawe by Anushka Udana

නුඹ නිසා ලීව කවි පාලුවට
මැකීයාවී එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන

මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

නුඹ නිසා ලීව කවි පාලුවට
මැකීයාවී එනවාද හෙට

දුර නොයා ඉන්න
තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමී උන් තැනම

මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

මගේ ගාවට හීන | Mage Gawata Heena Genalla by Surendra Perera

මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා

කෝල ඇස් නුඹේ මගේ කියලා
රෝස තොල්පෙති මත ලියලා
පෙම් මාළිගාවේ අග රැජිනයි නුඹ සැමදා
ජීවිතේම නුඹ රැකලා හාදු වැස්සේ නිදි කරවා
දුර ඈත පේන තරු පොකුරේ ඔබ සඟවාලා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා

රෑට සුපිපෙන මල් ගොතලා
නීල දෙනුවන් සරසවලා
ඔබ මාගේ පුන්සඳ තුරුලට වී හද සනසවනා
තාම හදමල සනසවනා පාළු දිව රෑ එළිකරනා
මුළු භවයෙන් භවයට නොමියෙන සේ පෙම පුද කරනා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා

මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා

මොනාලිසා | Monalisa by Surendra Perera

සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න

දූවිලි හාදු ගොඩේ ආදරේට සැතපෙද්දී
යකඩ කඳන් දිගේ පිපෙයි සුදු අරලිය මල්
නෙලා ගන්න අත දිග නැති රෝස කුසුම් සුවඳ හලයි
ලඟින් ගියත් අපට කොහෙද ඒ සුවදැති මල්

සඳුන් සුවඳ කාමරයේ වැටී දෝර ගලයි
මොනාලිසා අපි කවදද ජෝඩු වෙන්න හිතේ
කූඩු වෙන්න පතන පැතුම් අහස තරම් උසයි
ඒ වුනාට තනි වුනාම මට මං ගැන දුකයි

සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න

ඔමරි | Omari by Satheeshan ft. Kaizer Kaiz [2022]

දුටුව දිනම නෙතග බැඳුනු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුනු කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා

ඔමරි පෑ නුරා
දුටු මා හිත මුලා වෙලා
නුඹ රඟන පා තබා
තාලෙට හිතත් නුබේ වෙලා නගා

මරලා කිටක් කිටක් කිටක්
ඉන්නම් මං හෙටත් හෙටත් හෙටත්
ඔතන්න බතක් බතක් බතක්
වරෙන් මං ඉන්නම් මේ ගුරු පාරෙම

වැට ළඟ බොමින් බීඩි කොටේ
මේ සරම ගහලා කැහැපොටේ
ගිය එකා හැමදාම ගම වටේ
දැන් කැරකෙන්නේම උඹ වටේ

රා ටික වගේ පන ටික
මම නවත්තන්නද බොන එක
සහතික වෙන්නද දිවුරලා
ආයෙත් බිව්වොත් බීපන් වහ ටික

කොපර කොපර පිපිඥ්ඤා
ඇගේ කෙකර කට නම් රතිඤ්ඤා
මං දවස් හතේම රකිඤ්ඤං
පොඩි පැලක් හදන් නුඔ ළඟින්ම kaiz

දුටුව දිනම නෙතග බැඳුනු
දුටුව දිනම නෙතග බැඳුනු

kaizer kaiz,kaizer,wasthi new song,dinesh new song,sinhala song,anushka new song,new sinhala song,saranga,dinesh gamage new song,sandani fernando,veralu mal dinesh,shanudrie priyasad,wasthi productions,male kada kada,mala kada kada,weralu mal,sheshadri priyasad,wateyana bus,manuranga wijesekara,hadakari naari,kapruka,denena thuru ma,oba nisa,veralmal,yasas madagedara,weralumal,dan sepada,sinhala rap,wayo mixhouse,kanchana anuradhi, sinhala songs,sinhala rap,sinhala new song,sinhala rap music,sinhala rap 2023,new sinhala rap,2022 sinhala songs,2022 sinhala rap,sinhala 2022 new songs,#sinhalarap,new sinhala rap 2023,hit sinhala songs 2022,sinhala wedakam video,sinhala wedakam,maduwa new rap song,sinhala mashup 2022,2022 sinhala nonstop,sinhala songs collection,2023 sinhala new raps,sinhala songs 2022 nonstop,2023 hit sinhala song collection,asama de aran

හින්දි වගේ | Hindi Wage by Surendra Perera

FB එකේ මුළු දවසෙම රැකගෙන ඉඳලා
දැකපු දැකපු Hot කෙල්ලට Request දාලා
Block වුණාම Adminලාට නාහෙන් අඬලා
ආදර ලෝක් දිනුවේ මම Chat කරලා
OT නැති Night Shift ගමකට ගහලා
පැයෙන් පැයට Profile Pics Upload කරලා
දවස තිස්සේ Edit කරපු Photos දාලා
ඇගේ ආදරේ ඉල්ලගත්තේ ආරෝහි කියලා

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ

ගෙනාපු දවසේ ඉඳන් සැර වෙලා
ලස්සන පස්ස දොරෙන් විසි වෙලා
මාගේ නිදහස ලිමිටඩ් වෙලා
එයාගේ Government එක Run කළා
මං ළඟ නැති දේවල් ඉල්ලලා
හැඬුවා මුළු දවසෙම පෙරළිලා
ලක්සෙට කොඩිය දාලා රජ වෙලා
හිටියට මෙයා ළඟදී පච වෙලා

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ

දවසින් දවසට වැඩ වැඩි වෙලා
එයාගේ ලස්සන අත් කළු වෙලා
බියුටිය කචල් වෙන්න ළං වෙලා
Mother in lawට එන්න සෙට් කළා
අවුරුද්දක් හරියට ගත වෙලා
දෙන්නම හොඳ ගානට තර වෙලා
මගේ බඩ පිට පොත්තට ඇලවීලා
හිතෙනවා ඉන්නට වනගත වෙලා

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ

මා ප්‍රාර්ථනාවේ | Ma Prarthanawe by Supun Perera [2022]

ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ
හද මාරුතේ ගිනි නිවා
සිත සිහිලැල් වූ යාමේ රෑ තාරකාවේ
අපෙ ආදරේ එහි ලියා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා

පෑ එදා ආලවන්තයේ සිනා
දෑසින් රහසින්ම යා වුණා
පෑ එදා ආලවන්තයේ
දෑසින් රහසින්ම යා වුණා
දිවුරා කියන්නම් ස්නේහේ නමින්
අරමුණ මගේ ඔබ වුණා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා

රෑ පුරාම හීන පීරලා
නෑනේ තාම අපිව හමුවෙලා
හාදු එව්වේ සුලඟේ දවටලා

හංග හංග උන්නු කාරණා
නින්ද නේන රෑක එලිවුණා
ආපු දුරක මතකේ සිහිවුණා

පාර කියපු ගීතේ තනුව මා සදා වුණා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා

ගිම්හානයේ පිපිච්ච | Gimhanaye Pipichcha by Surendra Perera

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ

නෙත් බැලුම් නිසංසලේ සිත් පුරා සරා
හිත් කොනේ අනන්තයේ ඔබ ලැගුම් අරා
ජීවිතේ බැඳී හිඳින්න ලංවෙලා මගේ ළඟින්ම
නෑ රිදුම් මගේ සෙනේ සදා ආදරේ

වෑහෙනා පැතුම් පිරේවි මත් වෙලා සිතුම්
සීරුවේ සිතින් මවාවී පෙම් නුරා හැඟුම්
මාරුතේ සුසුම් දවන්න ස්නේහයේ පවන් සලන්න
මා ලොවේ සිඳන්ගනා වෙලා ආදරේ

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ

පාරාදීස දූපත | Paradisa Dupatha by OOSeven [2022]

මේක විස මලකින්
හටගත් පරාගනයක්
දිය නොවෙනස් උන
භාජනයක්

ආ කිව්වා
සුබ අනාගතයක්
වෙන කලින් දැක්කා මං
සමූල ඝාතනයක්

පැල කලා
පිළිල හැම තැනකම රටේ
දැන් තාවකාලික පැලැස්තර
ගහලා ගැටේ
දත් හැලුනා සිංහයාගේ කටේ
දාලා යන්න ලෝබ කමේ
තව කාපන් මුතු ඇටේ

කරුම ගෙවනවා
හිර වෙලා දූපතක
ඉපදුනේ නැති උනුත් ණයයි
මේ දූපතට
දායාද කලේ උන් අන්ධකාරේ දූපතට
සාදරයෙන් පිලිගන්නවා
පාරාදීසේ දූපතට

තිස් වසරක යුද්ධයකින්
බැට කෑ
නිතරම ඉතිහාසේ
වංශේ කබල් ගෑ
ආගම් වාද
ජාති වාද
මැද්දේ කුලල් කෑ
දැන් උන් වෙන දූපතක්
හොයන් හබල් ගෑ

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

කිරි නැති තන පුඩු
කතා කලා ඇස් රතු
බඩගිනි වෙලා පාර දිගේ
දරදඩු
කරගෙන හිත අරගල
කලා කතුන්
හිටන් ඉද්දි රිදෙයි පතුල්
එලවන්න ගෙරි සත්තු

ප්‍රාණගාත බේරෙයි කෙල තාම
රස මිනී මස් වල
තාම දන්නෑ කවුරුත්
අතීතේ වුන දේවල් ගැන

ගාව ගන්නෑ ලේ
අත් වල කුණු අවුස්ස ගන්නෑ
කවුරුත් පරණ තුවාල පාරගන්නෑ
කුවේණිය බඩ උනා
පිටින් ආපු එකෙක් රජ වුනා

උන් අපෙන් කාලා තර වුනා
අපේ සල්ලි අභ්‍යාවකාශ ගත වුනා

මල පරවුනා අපේ උන්ට හික වුනා
කකියන ලේ පරද්දන්න
තටු කපලා බැලුවා
මේක නවත්තන්න
කාලේ මදී කරපු පව් ගෙවා ගන්න
අපායේ දොර ලග සාම දානෙ සැතපෙන්න

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා