පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනුවිසුණුව වැටුණේ…
කාටද රිදුණේ.. කවුරුද හැඬුවේ..
දුම්රිය මොහොතක් නතර වුණේ…
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ…
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිළ දැනේ…
වරක් නෙතග කඳුලැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ…
දිවිය මොන තරම් සුන්දර දෝ
දුකම කොයි තරම් සතුටක් දෝ…
Leave a Reply