රන්තාලිය වැව ලඟ
උන් කාලය මතකද
අතීත මතක අරන්
නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්
ඇතුගල වෙහෙර වඳින
ඇත් කඳ ළිහිනි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත් කඳ ළිහිනි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව
ඇත් කඳ වෙහෙර මලුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත් කඳ වෙහෙර මලුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ
යනවිට වරලස විහිදාලා
හදවත අස්සේ සිතිවිලි ගැස්සේ
කොහොමද ඉන්නේ ඉවසාලා
බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී
සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන ඹබරුන් ආවා
අප සඳ වතුරෙන් නාවා
රාත්‍රිය මෙලෙසම පවතීවා
සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී
ඔබගේ සුසුම් වලින් උණුස්ම්
මහදේ කුසුම් පිපේ මනරම්
සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී
Leave a Reply