දෙතොල් විල | Dethol Wila by Kasun Kalhara

දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
විසල් ලොව පෙර සේම අසිරිය දකින්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න
ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න
සේල යහනේ වරු ගණන් නිදි වරන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න
ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න
හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

දෑත විහිදා | Datha Wihida by Kasun Kalhara

දෑත විහිදා ආදරෙන්
සිපගන්න මුළු ලෝකෙම
සිනහ නංවා මුව අගින්
සනසන්න දැවෙනා සිත

රුදුරු ගිණියම් පොලෝතලේ
සිහිලසක් සොයනා
විඩාබර දෑස් දල්වනා
මිනිසුනේ

දෑත විහිදා ආදරෙන්
සිපගන්න මුළු ලෝකෙම
සිනහ නංවා මුව අගින්
සනසන්න දැවෙනා සිත

ඇය හෙමින් විත් | Aya Hemin With by Kasun Kalhara

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා….මම හිඳිමි මග බලා…

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා….මම හිඳිමි මග බලා…

මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි
හා… ආ…..ආ…….ආ……….
මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි
ඇගෙ පවන සිසාරා….ඇගෙ පහස පතාලා….

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා….මම හිඳිමි මග බලා…

තණපත් වලින් මිදී උදු පියලියාපෙති
හා… ආ…..ආ…….ආ……….
තණපත් වලින් මිදී උදු පියලියාපෙති
නිප කුල් පහස සොයා
ඇගෙ පෙරමග හිඳී…

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා….මම හිඳිමි මග බලා…

ඇසට හසුනොවෙනා | Asata Hasu Nowana by Kasun Kalhara

ඇසට හසුනොවෙනා රුවක් උවමක් නොදැනා
හිතට විතරක් හැගෙන ආදරේ
ජීවිතය පිළිසිඳ දකින හීනයේ
ඔබ පමණි මිය නොයන ආදරේ…..

ඝන තිමිර යට ඔබ දුලන පුරහඳ
මල් පිපෙන හැටි
ගඟ ගලන හැටි මට කියා දුන්
මං හීනෙයන් දිව ගෑ සුවඳ
මං හීනෙයන් දිව ගෑ සුවඳ පොද
ඇස් අරින විට සුළඟේ ගිහින්…..

ඔබ කොහේ උන්නත් මා හද පිරිමැද
මවන මේ රස මියුරු කව් පද
මට ගොතා දුන්
වෙන කව්රුවත් දන්නෑ ඉතින්
වෙන කව්රුවත් දන්නෑ ඉතින් දැන්
ආදරය දැන් ඔබ ළඟ අවදියෙන්…..

අප්පච්චී | Appachchi by Kasun Kalhara

සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහා කන්ද ඔබ
අප්පච්චී….. අප්පච්චී……..

ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත් වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිදිනා
අප්පච්චී….. අප්පච්චී……..

මෙහෙවරට ආවෙයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා
අකම්පිත වත පා……
අප්පච්චී….. අප්පච්චී……..

සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහා කන්ද ඔබ
අප්පච්චී….. අප්පච්චී……..

අම්මා | Amma by Kasun Kalhara

ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්
තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්
අම්මා ආදර අම්මා…
ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්
තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්
අම්මා ආදර අම්මා…
ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්
තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්
අම්මා ආදර අම්මා…
ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්
තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්
අම්මා ආදර අම්මා…
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්…

අප හිනැහෙන විට සතුටත් ඔබමයි අප හඬනා විට සැනසුම ඔබමයි
ඇස් දෙක ඇතුලේ අපව හොවාගෙන ඔබේ ජීවිතයම අපට පුදාගෙන
දිරියෙන් සවියෙන් දිවිය දිනන්නට යහගුණ කිරිකර පෙව්වේ ඔබයි
අම්මා ආදර අම්මා…
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්…

අප දිනනා විට කිරුළත් ඔබමයි අප වැටෙනා විට දිරියත් ඔබමයි
ඔබ ළය සුසුමේ අප උණුසුම් කර නෙත නැගි කඳුළත් අපට වසන් කර
ලොවම නැති වුණත් පවුරක් විලසට අප ළඟ රැඳි සෙවණැල්ල ඔබයි
අම්මා ආදර අම්මා…
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්…

ආකාසයේ දුර | Akasaye Dura by Kasun Kalhara

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

නන්නාදුනන මේ රන් තාරකාවෙන්
වලා යහන රන්වන් වෙලා…
ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යව්වනේ…

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

මං මුලා කතරේ…
කෙම් බිමක්‌ වූ මේ
දිලී නිලෙන තුරු වැල් අරා
නිදා නො ඉඳ ඉන්නම්
ලියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්…

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

ආකාස ගඟ | Akasaye Ganga by Kasun Kalhara

ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී
සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ….
කොහෙද ඇය මට කිව්වාවේ….

පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී….

ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ මේ යාමේ
පාවේ දෝ ගී රාවේ
පීඩා වී සංතාපේ
ඒ හඬනා හඬ දෝ ඇයගේ….

දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී….

පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී

රෑ බෝවී ආවාවේ
දී දුක් දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ
ඈ මතකේ සුසුමේ සිරවේ….

දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී….

ආදරේ කුරුටු ගෑ | Adare Kurutu Ga by Kasun Kalhara

ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා …

ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා …

පෑයදුල් නෙතු විලේ සතපවා
මා ඔ‍බේ වසගයට ගෙන තබා
හසගනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා…

ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා …

රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසගනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා.

ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා …

හීනයකි මට | Heenayaki Mata by Kasun Kalhara

හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේ

වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා

සුසුමේ තවරා සැඟවු සිහිනේ
සුසුමේ තවරා සැඟවු සිහිනේ
ආ….ආ….ආ….ආදරණීය වස්සානේ
ආ….ආ….ආ….ආදරණීය වස්සානේ