මං තනිවම | Man Thaniwama by Dinesh Gamage

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

දෑසින් දෑසම මිදුනේ
අපෙ හිත් අපිවද හෙව්වේ
ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා
වැස්සක තනිවම තෙමුනේ
දුක නෑ කවුරුත් දන්නේ
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා

දවසක දැනේවී – තනිවම හඩාවී
කදුලුත් හඩාවී…හඩාවී

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

written by Dinesh Gamage & Manuranga Wijesekara

අනේ ඔයා | Ane Oya by Sachini Nisansala [2023]

මේ ආකාසේ පුරාම
මන් සොයමී හැමදාම
රූ නාරී තාරුකාව
බැබලේදෝ මා ගාව
සෑම දාම මන්…. පෙනේවා කියා පතන්නම්
ආදරේට මන්…. ඇසිපිය නොහෙලා ඉදන්

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා

පෑව ඒ ආල හිනාව
මන් දකිමී සද ගාව
නුබ නැති මේ හැන්දෑව
තනියම හැඩුනේ නොදැනීම
පාලු රෑට මන්…. ඔබ මා ලග යැයි සිතන් සිඹින්නම්
ආදරේට දැන්…. ඔබගේ සලුවක් වුනත්

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා

written by Dilan Weerasooriya

ආල කතා | Aala Katha by Nilan Hettiarachchi [2023]

අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවීනම් ඔයා
මාදෝ මුලාවූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා

ආල කතා ඇසුනා ඇසුනා
පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

නින්දේ මාගේ දෑසේ සෙවනැල්ලක් සේ..
හීන පුරා ඔබමයි ඒ පාවෙන්නේ..
හාදු ගෙනා මුහුණේ මතකය මැද්දේ..
මාව පවා මාගෙන් අමතක වෙන්නේ..

සඳ සේ පායා පෙරසේ ආවා නම් අද මා සැනසෙන්නා

ආල කතා ඇසුනා
ඇසුනා පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවීනම් ඔයා
මාදෝ මුලාවූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා

ආල කතා ඇසුනා ඇසුනා
පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

written by Lasitha Jayaneththi Arachchige

හෙවනැල්ල | Hewanalla by Kelwiz ft. Chubby [2023]

සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේ
ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ
සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ
මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ

වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත පැවේ කාටත්
පාඩම් කියලා දුන්නා ගෙවුන හැම අසීරු හොරාවක්
ප්‍රෝඩාවක් නැ අවංකයි හිත ගෙව්වා අමාරු දවස්
සුනද්ර හවස් මතකයි යාලුවොත් එක්ක ගෙවුනා පැයක්

මතකයි හැමදේම නෑ කරේ අමතක
ගත්තා දෛවය උදුරගත්තු හැමදේම
ඔව් හැමදේම නැතිවුනා එක පාරින්
මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින්

දුමක් එක්ක පාවෙලා වචන ගොඩක් යාවුනා
සමහර තැන්වල ජීවිතේ එපා වුනා
කනස්සල්ලෙන් පැත්තට වෙලා තැවුනා
යාලුවොත් එක්ක ගෙවෙද්දි තනිකම නැසුනා

මත්ද්‍රව්‍ය කරයි තරුණ අදහස් කිළිටි
යන්න බෑ ලස්සන මලකට පාරේ ළපටි
නැති තැන කිව්වත් මං ගැන කතා වටවී
දැනගනින් මං උබට වඩා ගොඩක් කපටී

ලස්සනයි ගොඩක් රහයි කියද්දි බොරු
හැබැයි කවදාවත් කරන්න බෑ ඇත්ත දුරු
පාරට වැටුනා සමාජේ උනා මට ඇදුරු
මගේ වදන් සමහරුන්ට වගෙනේ කදුරු

හැමදේම යන්නේ ආපස්සට කෝ කාගෙ කාගෙත් මනුස්සකම් නෑ හිත්යට
ඒ එක එක වර්ගවලින් කොච්චර බෙහෙත් දුන්නත් කවදාවත් හොද උන්නෑ පිස්සට

මං ඉගෙනගත්තා දුර්වල තැන්වලින් ලිස්සන්න
නෑ කාටවත්ම අත පෑවේ මාව උස්සන්න
මං ඉගෙනගත්තා තනුවෙන් තරහා යවන්න
මේ ගැලපෙන පද පේළි ජීවිතේට ගන්න

අදුරු මතක අතරේ
සැනසීමක් නැහැ දැනුනේ
ඒ කදුලින් පෙරලූ පිටුවේ
ආලෝකයක් අර්ථෙන් දැනුනේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ ජීවේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ අර්ථේ

අර්තෙන් දැක්කා ගත්තා හරි දේ නෑ පසුතැවීමක්
වැනසීමක් මැද්දෙන් සැනසීමක් උනා මගේ “හිනත්”
එක්ක පොර බැදන් ජීවිතේ තනියෙන් මන් ඇවිද්දා
නෑ නින්දක් ඒ තරම්ම හීන ලොකු හින්දා

ඇසුරට යද්දි කාගෙත් චරිතේ නෑ දැක්කේ
කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් විතරයි දැක්කේ
මැරුනු මිනිස්සුන්ටත් නෑ සැනසීමක් තිබ්බේ
වැරදි කරපු උන්ට සැනසීමක් තිබ්බේ නෑ නින්දේ

ආවර්ජන වෙද්දි ගෙවපු අතීත මතක වලින්
සුන්දර මතක විතරක් හිත යට තැන්පත් “කලා”
අසුන්දර මතක අතක ගුලි කරන්
ජීවිතේ අනාගතෙට පාරක් තනියෙන් ඇන්දා

ආස කරපු දේවල් නිකන් නෙවෙයි ලැබුනේ
ගත්තේ මං හිතේ සවියෙන්
වචන අවියෙන් තනිකම් මැකුනා,
මට මාව දැනුනා, අනාගතේ පෙනුනා,
දැකලාවත් නැති මිනිස්සුන්ගේ ආදරේ දැනුනා!

තමාට තම අතමයි හෙවනැල්ල
දුකේ තරම දන්නේ පෙනහැල්ල
තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද
කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත

හමගහලා අතීතේ වර්ථමානේ දණගැස්සුවා
අනාගතේ හදන් මිනිස්සුන්වත් හිනැස්සුවා
බදු බණ පද වලින් යක්කුන්ව නැසුවා
මේ ගැලපෙන වචනවලින් මං හිත් නැසුවා

නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ
සැනසී වැනසී යැද්දේ ජීවිතේ
කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ
රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ

අදුරු මතක අතරේ
සැනසීමක් නැහැ දැනුනේ
ඒ කදුලින් පෙරලූ පිටුවේ
ආලෝකයක් අර්ථෙන් දැනුනේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ ජීවේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ අර්ථේ

written by Kelwiz

Shawty by Lakshitha Mihiran [2023]

වශී වී මාගේ නෙතු පියන් – මිදී අඳුරෙන් මා සසල වුණා
අබියස ඔබෙ මුදු වදන් – සසල සළෙළුන් නිසල කරවනා
ඔබේ නෙතු යුග දුටිමි – මා විඳින්නම් ඔබේ ප්‍රේමයන්
මා හදේ මැවුණා වූ සිහිනයක – කල් ගෙවමි ඔබ සමඟින්

මල් සරාගේ දුන්නෙන් ගිලිහුණු ඊතලේ
මම දන්නේ නෑ ඒ හීය මට මොකක්ද කළේ
ඔයාගේ අත ගන්න හීන ගොඩක් හද පතුලේ දිළේ
මල් පිපුණා වගේ මැල වෙන්න ගිය රෝස පැළේ
Shawty මගේ හිත කාන්දමක්
ඇදෙන්නේ ඔයාගේ ළඟට අල්ලගෙන කුරුමානමක්
සමරු පොත ගන්න කියලා දෙන්න පාඩමක්
ඔයා වෙනුවෙන් ගන්නම් මම ඕන අවධානමක්
මාවතේ මා අතේ රන්දා ඇඟිලි තුඩු හිතුමතේ
තුරුලු කරන් සුරතෙන් යන්නයි මං දිගේ
මං හිතෙන් ඔබ ගත සිඹ ගන්නයි දෙන නදේ (ඇගේ)
අහිතකරයි මට අදි සාන්ද්‍ර මත් පෙති
දැන දැනත් නුඹ අත් හරින්න බැරි හැටි
පුරුද්ද නෙමෙයි මේක මගේ ජන්මෙ වෙන්නැති
පස්සෙන් ගෙන්න ගත්තා නේද මාව Shawty දැන් ඇති

මට පෙන්නන්න පාර හීනෙ කෝඩුකාර
නොකී ආදරේම ලිව්වෙ මම නුඹේ නමට දාව
සඳ ඇති රෑක තැනූ හීන මාලිගාව
හැදුවෙ නුඹට හිත පොඩිකර යන්න එපා දාලා මාව
මං තාම ඔයාගෙ ආඩම්බර නෙතු ගාව
මං මුලාව හොයා ගන්න බැරුව දිශාව
වංකගිරියක ඉන්න මට නුඹයි මාලිමාව
Shawty අහගෙන ඉන්න එන්න මගේ ජීවිත කතාව
ස්වර්ග මෝක්ෂ සැප සිහි වෙනකොට
ඇගෙ රක්ත තප්ත නෙතු ආවේණිකයි මට
කලාව පුද දෙන්න මං වගේ සිත්තරෙකුට
නුඹේ අත හිමි නෑ හඹා එන බොහෝ දෙනෙකුට
නාග කන්‍යාවී මගේ දපනෙ වැටුනා මම
ඔය පින්තාරු කළ රුව සන්ධ්‍යාවකට සම
තණ්හාව ආශාව කැටි කරගෙන
ඔයා ළඟ වස්සන්නම් වැහි මන්දාරම

written by Sandali Pabasara, Lakshitha Mihiran & Rusiru Anuththara

ළන්දු | Landu by D Tap [2012]

මගෙ ආදර ළන්දු
මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු
ඒ වැටෙන කඳුළු මං නිසාද මගෙ සුදු ළන්දු
ඒ නුඹේ කඳුළු මට දීපන් මගෙ සුදු ළන්දු

මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු

කෝල කතා දිග හැරපන්,
ඔමරි සිනා තව හෙළපන්
වෙනදා මෙන් තුරුළු වෙයන්, රත්තරනේ මට සමාවෙයන්
මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම්
ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම්

මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු

නුඹෙ සෙනෙහෙන් දෝරෙ ගලන්, ගිය කඳුලින් මට ලියපන්
නුඹෙ සිතුම් දිග හැරපන්,
නුඹෙ සුසුම් මට දීපන්
මම හිරුට හොරෙන් ඇවිදින් නුඹ කැන්දන් යන්නම්
නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම්

මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු

written by D Tap

ආදරේ | Adare by Thisara Weerasinghe [2023]

ඇසේ දැවටෙන සුළඟ ආයෙත්
වැළඳ ගන්නට හිතෙනවා
හිතේ තෙරපෙන දහක් සිතිවිලි
කියාලන්නට හිතෙනවා
ඔහේ පාවුනු ජීවිතේ දැන්
මගේමයි මට හැඟෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
මගෙන් මං ගැන අහනවා

සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා
පියානොපියෙන නෙතුපියන්යට
ඔබේ රූපය මැවෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

සුසුම් අතරේ නිදන්ගතපෙම
හිතේ පත්ලට දැනෙනවා
ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
කල්පයක් සේ හැඟෙනවා
කියා නොකියූ පෙම්හැඟුම්රස
හදේ උතුරා ගලනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

written by Rushan Nishantha Silva

News Sinhala Reggae Medley by Sarith & Surith with News [2023]

පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම

හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුන
උනුහුම් තාල ගේන හිත
හෙමින් සැලුනා පෙමින් වෙලුනා

විරසක හීන මංසලක
නැවතුනේ මා නොවෙයි එ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර
ගිහින් තිබුනා පෙමින් මිදුනා

මුදු හසරැලි ශීත යායේ
මුතු කුඩ යට උන්නු කාලේ
කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ
හිස මත ඔය අත තියා මා සනසලා දිවුරාලා හිමිහිට
කීදේ අද බොඳ වෙලා, මා තනිවෙලා සුසුම් වෙතින්

මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින්
ආගන්තුක සෙනෙහෙන්, නෙතු සලමින්, බොරු හේතු කියමින්
ආසයි පෙර වාගේ, ඔය තුරුලේ, නැලවෙන්න රහසේ
දෑසින් ළංවුයේ, ඇයි මෙතරම්, වෙන්වෙන්න නම්

නිදි නැති රැය බොඳ වීලා
උණු කඳුළක නෙත සතපාලා
ආදරවන්තිය හඬවා, දුර ගිහින් හිත පාවෙලා
මුළු හද ගිනිගණ් පුපුරාලා
මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකේ දල්වාලා
සිහිනයෙන් වෙන්වෙලා

සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්
මා ගාවින් රැදී
නුඹ හිටියද හැම සංසාරෙම
මේ වාගේ මගේ ලගටම වී
නුඹ හින්දා මං
ගැයූ පෙම් වදන්
දෝරේ ගලා ගියා
නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍
ඇසට නොපෙනෙ පර්යාන්තෙක
සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
වින්දා නැසෙන රූපයක සොබා
එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා

නීල දෑස හා දොඩවන්නම්
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති //

මෝහිණී | Mohini by SANUKA [2023]

මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හර්දේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා

අතදරුවා වඩාගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා

පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා

අතදරුවා
මැදියම් වෙලාවේ

මට බෑ බලාගන්න ළමයි
මං ආවේ රෙද්ද අන්දා දෙන්න තමයි
නුඹ දුන්නේ මට තනිකමයි
නුඹයි මෝහිණී මහසෝනා මමයි

අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල

ඔක්කොම ගෑණු යක්කු කොර

වශී කරන දෙනෙත ඈගේ
ලෝකෙම දුලබ මැණික මාගේ
ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා

අපි Edward & Bella වාගේ
දෙන්නම එකට දඩයම් කෙරුවේ
අද මා තනිකරලා නුඹ missing වෙලා

අතදරුවා
මැදියම් වෙලාවේ

සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී

written by Sanuka Wickramasinghe

සීතල ගිනි | Sithala Gini by Zany Inzane [2023]

සීතල ගිනි //

අදින්නෙ දිවි මකුලු විස
උරුම නැ දෙයක් මරනෙ මිස
පනනැ කොදු තියන්න තිත
සමාජෙ නොව දුර්වල හිත

සමහර කොල්ලො පිච්චුව දිව
ආව එක්කන් යන්න පෙන්නන්න ශිව
විනාසෙ ලග අල්ලල ඉව බේරල පන
ආව මං දිව

මේකද සැප නැ මේක දුක
වෙන්නෙ නෑ පොර
වීදුරු කෑලි රත්කලාට මොල
විකුර්ති වෙලා ඇටකටු පෑදිල ගහන්නෙ කොර
පැනල ඉර

දැන් මගෙ සමහර යාලුවො සික්
දකින මිනිස්සු කියන්නෙ ශික්

වචනයක් ඇති දාගන්න වලි
මේ වගෙ හැසිරුන්නැ මීට කලින්
සීතල හේතුවක් දැන් පිලිගනින්
ඕව විසි කරපන් මැරෙන්න කලින්

නැ උන්ට හැගීම් දැනීම් කිසි දෙයක්
ලස්සන් පව්ලක් කලා මලගෙයක්
නැ උන්ට වටින්නෙ නෑ ජීවිතයක්
උන්ට තිබ්බෙ වද්දගන්න තරගයක්

සීතල ගිනී yha සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි
නැ කොල්ලො නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී //

දවසින් දවස වැනසිලා පසුතැවෙවි උබල ගැනම
සීතල ගින්නෙන් දැවි ඇග පුරාම තුවාල ගලාවි සැරව
කරුමෙ කියන්නෙ මෙ ගිනි පැතිරිල හැම තැනම
දැක්කම පුදුමයි සීතල නිසා යාලුවො වෙනස් වෙන තරම

ගෙවන්නෙ පව් නැහැ උදව්
ඔව් ලංවෙන්න බයයි මිනිස්සු කලින් උන්න කොල්ල නෙවෙයි

තිරිසනෙක් ඉන්නෙ ඇගෙ විදවන්න්නෙ උගෙ මව්
මොනාද තව ඉතිරි දෙ
සාතන් ඉන්නෙ උබෙ ඉදිරියේ
තේරෙන්න කිව්ව සෑහෙන්න කාලයක් බැරිම තැන මම අතෑරියේ
බලපන් උබ දිහා
ඇගම යන්නෙ දිරා
ජීවිතෙ වැරදිලා
හිතපන් නැවතිලා
කියන්නෙ කාලකන්නි එ නම කැතවෙලා
අකාලෙ ගිනි ගනී සීතල ගින්නට මැදි වෙලා

written by Zany Inzane