ආශා මල් පීදේ | Asha Mal Peede by Rookantha Gunathilaka

ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ

ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ

පින්නේ පිපුණු මල වගේ
කන්දේ නැගුණු සඳ වගේ
නෙත පුරා රුව ඇදී දිලේවී
වෙන්ව නොයිද ළංවෙලා
දෙන්න සහන සනසලා
ඔබ නිසා සිත හඬා වැටේවී
පැතු සිහිනේ ඉටුවේදෝ

ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ

සසර පුරුදු ගති ලෙසේ
බවෙන් බවය අප මෙසේ
මුණ ගැසී වෙන් වෙලා ගියාදෝ
කඳුල ඔබද මගේ නෙතේ
සතුට ඔබද මගේ සිතේ
අහිමිදෝ මට ඔබේ සෙනේහේ
යලි කවදා හමුවේදෝ

ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ

ඇස් දෙක පියාන | As Deka Piyana by Rookantha Gunathilaka

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
බෑ බෑ මට නිදන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ

සිත එක්තැන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ

රහසක් කියන්න තියෙනවා ඔයාගෙ
කන්පෙති මත මගෙ දෙතොල් තියා
ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට
අනිත් අයට එය ඇසෙන නිසා
අනේ රත්තරන් හිතට වද නොදී
තුරුළු වෙන්න ආදරෙයි කියා
මට කියන්න දේවල් හුඟක් තියෙනවා
තුරුළු කරන් ආදරෙයි කියා

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
බෑ බෑ මට නිදන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ

අපේ පොතේ | Ape Pothe by Rookantha Gunathilaka

අපේ පොතේ ලියා ඇති කියුම් තමයි
මෙසේ කියන්නේ
හිතේ ඇති මැකී නැති මෙවන් වදන්
බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ
පරාදවෙන්නේ
ඈත නෙත හිතූ කෙනා අනාගතේ
ලොවේ දිනන්නේ

අපේ පොතේ ලියා ඇති කියුම් තමයි
මෙසේ කියන්නේ
හිතේ ඇති මැකී නැති මෙවන් වදන්
බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ
පරාදවෙන්නේ
ඈත නෙත හිතූ කෙනා අනාගතේ
ලොවේ දිනන්නේ

එදා පවා, මෙදා පවා, රටක් වටින
අපේ කතා, ගමේ රටේ තොටේ ඇහෙන්නේ
දුන්න අතත් හපා දමා, අඟත් කකා
කණත් කකා, හිතුමතේ ඔහේ දුවන්නේ
අනේ එවන් බොහෝ දෙනා
තවත් අපේ සමාජයේ කැපී පෙනී
සැපේ හිඳින්නේ, මෙකී නොකී, අපේ කතා
මේවා අපේ අපේ කතා නේ…

සමහරු ඒවි හිතවත්කම් පෙන්නා
මග අහුරාවී, ඒ මොකදෝ මන්දා
පැරදෙනු නැහැ නේ, සූස්තරේ දන්නා
කිසිවෙකු ලෝකේ සාස්තරේ හින්දා
මේ වගේ කතා රැඳේවි සැමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ…

එනකොට ආවේ තුත්තිරි ගහ අල්ලා
යලි යන කාලේ, ඒ මතකේ බිඳ
තව සමහරු මේ කෑගාන්නේ ඉල්ලලා
වැරදුණු විටදී යාවි අප හිඳ
මේවගේ කතා රැඳේවි සැමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ…

යමං බණ්ඩො | Yaman Bando by Desmond De Silva

යමං බණ්ඩො වෙසක් බලන්න
ගනින් බරබාගෙ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබළ
යමං බණ්ඩො වෙසක් බලන්න

කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ
බජාර් එකේ මම සැන්ඩෝ
බිංකුණ්ඩෝ කුරුකුණ්ඩෝ
රජ්ජුර්වෝ මම බණ්ඩෝ
ඒයි බණ්ඩො යමන්කො ඩෝ
කොළඹ වෙසක් බලපන්ඩෝ
සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ
කොළඹ ගෑණු ලස්සනදෝ

බණ්ඩ කොණ්ඩෙ බැඳල ජයට
නැමි පනාව ගහල උඩට
ටුවිස්ට් රෙද්ද ඇඳල බණ්ඩ
අන්න බණ්ඩ යනව කොළඹ
ඩබල් ඩෙකර් යනව පාරෙ
අයින් වෙයන් ඇයි යෝධියෙ
මාරු උණොත් මගෙ මැණිකේ
මං මැරෙනව කොළඹ නගරෙ

යන්න රට වටේ | Yanna Rata Wate by Desmond De Silva

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ

ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ…

ගමයි පන්සලයි වැවයි දාගැබයි සිංහල පොළොව මගේ මේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ ඝණ්ටා නද පැතිරෙන්නේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ…

ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ

මතකයි අම්මේ | Mathakai Amme by Desmond De Silva

ලේ කිරි කරලා ඔබ මට පෙව්වා
මා පොඩි දරැවා එය රස කර බිව්වා
රෑ දහවල් ඔබ නොනිදා උන්නේ
මා හින්දා දුක් විඳි බව දන්නේ

මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

තුරුලු කරන් මා සැනසුම සෙව්වේ
නැලවිලි ගී කියලා මා සැනසෙව්වේ
බිඳුවක්වත් නෑ මට අඬන්න දුන්නේ
දොයිය බබෝ දාෙයි කියමින් මාව නැලෙව්වේ

මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

පුතේ නුඹේ අම්මා කිරට ගියාලු
කිරි මුට්ටිය අැගේ ගඟේ ගියාලු
ගඟට උඩින් සුදු කොක්කු ගියාලු
කට දෙපැතින් කිරි ගලා ගියාලු

මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

අද හෙට ඔබ මා | Ada Heta Oba Ma by Milton Mallawarachchi

අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා

ඔබ රවටා නැත ඔබ හඬවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි

අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා

යොමුවී වෙනතක ඔබ තනි වූ දින
තනියට සිටියේ මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා

අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා

නිවිහැනහිල්ලේ | Nivihanahille by DopeSkain ft. Naigel Forrel [2022]

මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර
සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත
ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර
සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි

කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න
මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ
දැක්ක හීන පස්සෙ යන්නෙ
ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ

දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන්
ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක්
ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ

හේතුවක් නැතුව දුකට වචන ගලපාවි
සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී
ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන්
මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන්

කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්

කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්

මං උත්තර නැති ප්‍රශ්න දෙන්නං පෝලිමට සීයක්
සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන්
සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පදපේලි ලියන්
හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන්

මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලු
රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලු
සංසාරෙ නම් වූ වල අපි කවෘත් ගෑවා උදලු
මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලු

පව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ
උපතින්ම දුප්පතා නිසාද කවෘත් ආයේ නාවෙ
හිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත්
ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත්

හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමට
මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට
පවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට
හිනාව දැම්මා කවෘත් මගෙ අසරණ කමට

කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්

කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්

මනුසතා | Manusatha by Iraj ft. Layzie Bone, Peshala Manoj & Kaizer Kaiz

දෙව් බඹුන්ද දෝත නගාලා
වඳින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා

ප්‍රථමයෙන් සමවෙන්න
කල පව් වලට පිනක් හොයන්
ලියනව නෙමෙයි මේක
තිබ්බ කොටියට තිතක් කොමාවක්
දාල පටන් ගත්තෙ ඇයි තව විසක්
තරුණයෙක් මම තරුණයෙක් උඹ
අපි පරපුරක් හැදුනෙ යුද්ද ගිනි උඩ
නිවපු ගින්නේ අලු නැති වෙන්න පෙර
මට කියන්න ඇයි ගිනි තියන්නෙ මගෙ රට
බෞද්ධයෙක් මුස්ලිම් කරගද්දී
මුස්ලිම් කඩයක් ගිනි බත් වෙද්දී
දෙමළ තරුණයට කොටියා කියද්දී
කෙලෙසුනෙ මගෙ රට තොපි මරා ගද්දී
නිල් පාටයි නිදහස් අහස
කලු වෙලා දුම් වලින් විදෙස් බලවේග
ලස්සනයි පන්සලෙ බණ පෝය දාට
අම්ම කුණුහරප කියනවද තියද්දි පහන
මැද පෙරදිග අමුතුම නීතියක්
කස පාර හිමි වැන්දට බුදු පිලිමයක්
පොඩි පන්සල ගාව ලොකු පල්ලියක්
සමාවෙයන් උනා නම් අපෙන් වෙනස්කමක්

දෙව් බඹුන්ද දෝත නගාලා
වඳින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා

දෙව් බඹුන්ද දෝත නගාලා
වඳින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා

දර්ගා නගරය සිදුවුන තැන මගෙ උපත
පල්ලියත් හුරුයි වගේම පිරිත
කවුද තිබ්බෙ හරක් කොල්ලො පන්සලෙන් පිටට
පල්ලිය පාරෙ මග ‍රැකවල් දිගට
කවුද හරි කවුද වැරදි ඒක මට ප්‍රශ්නයක්
යාලුවොත් වටිනව ඒවගේම ධර්මයත්
ටික ටික අඩුවුනා ගෙදර තිබ්බ සහනයත්
උපාධියත් බල්ලොන්ට දාන්න වෙන තත්වයක්
‍රැකියාවක් හොයන්න බෑ ලොකු අත්තක් නොමැතිව
ඒකයි මං ගිහින් මුන ගැහුනෙ ගමේ ඇමතිව
පල්ලියට එන්නලු පන්සලෙන් සමුගෙන
බඩ ගින්න රජ උනා එරෙහිව ධර්මෙට
පන්සලට ගිහින් මම පූජ කළා මලක්
ඒ අතිම්ම වැදුන මගෙන් පෙරහැරට ගලක්
පරක්කුයි තේරෙද්දි කලේ මම පවක්
පොඩි දෙයක් වෙනුවෙන් ගිනි තිබ්බ ගමක්
අනිත්‍ය ලෝකේ මරණය නියතයි
තැන තන මරාගන්න හැටි මට තිත්තයි
මතක මගේ අතින් කොකා ගැස්සුනා විතරයි
යාලුව බිම වැටිලා වූ දැන් නිසලයි

හොල්ලන් නෑ | Hollanna Na by Apzi ft. Smokio & Adeesha Beats

ඕනම දේවල් හොදට පේන්න
පොත් අතර ලියාගත්තා මං
හොදම දේවල් හොදම තාලෙ හොයන්
ඒ මත්තේ තියාගත්තා මං
මොන මරාලෙත් හොදටයි
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

ඕන හැමදේම ගත්තා
මං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයි
හොද නැති දෙයක් ආවත් ලගට
හොද පැත්තට දාගන්නවාමයි
මොනා උනත් මං අවංකයි
ඔව්, ගොඩක් දේවල් කලේ මං ආත්මේ මරලයි

හොද පැත්තේම ඒකයි ඉන්නැත්තේ
මං පැත්තක් ගන්නේ අවස්තාව බලලයි
හොද පැත්තක් පෙනුනාට ලෝකෙට
අනෙක් පැත්තේ අන්ධකාරයෙක් බබලයි
මොන තරම් ගිලුණත් අදුරේ
මං පාර කිව්වේ එලියක් කරා යන්නයි
ඉඩෝරෙකදී කොහොමත් හැලෙනවා කොල
ඒකයි ලෝකේ ධර්මතාවය සරලයි
පොද වැටෙන්න පමා වූ නමුත්
දැන් හෝ ගාන ශබ්දෙන් වර්ෂාව අත ළගයි

මං පොර ජාතකේ පෙන්නාපු චරිත
කොළඹ පැත්තේ ආවොත් නම් අවසානයි
සංවර උනානම් මං දාන වචන
පොඩි පැටව් ටික තාමත් දගලයි

දන්නේ ටිකයි දෙනයි
දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයි
එක එකා වෙනුවෙන් කාලේ නොකා මං
කාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයි
තාමත් මතකයි පටන් ගත්ත තැන
වෙනස් වුන්නෑ මං තාමත් මම මයි
කාටත් මතක ඇති මේ චරිතේ
රගපාන උන්ට මාව අපලයි
තාමත් බහිනවා මං බෝඩරේ
මගේ එවුන් මම කිව්වොතින්
ලංකාවම වනසයි
Smoka වයි Apzi වයි Adeeya වයි
දැන්ම මැරුවේ නැත්නම් ඔය කාවවත් අඩවයි

සොහොන් බැන්දත් වල දාලා පස් යට
මොහොතක් වත් බෑ වලදාලා තබන්න
හොයන්නෑ පවක් පිනක් ගැන මං
බොරු නම් මගේ පාර වහලා බලන්න
ගොඩක් නෑ මට බලාපොරොත්තූ ඒත්
ඉලක්ක ඇත ගගක් මෙන් ගලන
ගොඩ දැමූ මාලුවාට ලේසින්
ඕනේ මටත් නදියක් කරා යන්න

පොර බැදූමුත් යදම් පටලාගෙන
කොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්න
නොදැමූ තුරගා හා සමානයි මං
දොරකින් බෑ මගේ පාර වහන්න
මොලවන්නෑ මං ගිණි ආත්ම දවන
මොලකන්නෑ මං විශ්වාසය ලබන්න
හොල්ලන එකයි අභිලාශය සක්වලම
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

පැරදිලා නෑ මං සෙල්ලමේ
බොලා නැති කරන්න හැදූ කෙල්ලා මේ
සරුසාරවත් ලෙස දලුලන ශාකයක්
බෑ කරන්න මං මෙල්ල එහ්
මුලු ලෝකෙම කියයි මං Cardi
වෙන්නෑ මං වාඩි
අධික මිල වගේ රන් කාසි
හොයන්නෑ වාසි
පතපං ආසි
සැපට මං දෙන්නම් බොලාට ආශික්

යන්නෑ මං පස්සට නම්
දෙන්නේ වදන් පුරෝලා ගන්නේ මං කන්
ලිව්වා මං පිටු ගනන්
අදියා ඔප දාලා ගත්ත මැණික මං

රැක්කා මං මනුස්සකම
ලෝකෙටම ගෙනියන්නේ ලංකාවේ නම
ඕන්නෑ මට කාගෙවත්ම වැදි බණ
මේ ගෙන්දගම් පොලවේ පය ගහලා ඉන්නේ ඩෝ මම

Sinnerman
I got no synonyms
Nails be fly and prim
These hoes they lost their rim
Bitches running when they hear my name
They wanna play but they dunno the game
I don’t give a fuck about fame
These shriggas insane all of their bars be so lame
Lifeless no aim
Look who I became
I stay in the frame
I’m come in flames
Hah!

එන්න යමු Smoka තව සැරයක්
කියන්නට ඇත අනාවැකියක්
හොල්ලන්න බෑ මාව එක අඩියක්
ඔව් මං ගන්නෑ පස්සට තව අඩියක්

හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට