නින්ද නැති රැයේ | Ninda Nathi Raye by Gunadasa Kapuge

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිලිපොලා යමින් සැලී නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

නිර්මලා ලොන්ඩරිය | Nirlmala Londariya by Gunadasa Kapuge

නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා..

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා..
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා..

පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුනු දා..
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුනා..

යුධ වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුනු දා..
මා හෙළුෑ කදුලින් තෙමූ සළු
පිළි තවම නෑ වේලිලා..

දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා..
මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා..

එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා..
හිමිනැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා..

නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා..

බනානා | Banana by Master D [2021]

ඉතින් අද නාමික ජනමතයාක් තුළින්
රට කර වානර නිදු නිධියෙන්ද
සෙක්සි බනානා
කිරි මුහුදින් ගන්න අස්වැන්න
මේ රට බස්සන්න තා කවුද
එන්නෙ බනානා
ඉදහිට පෑවිල්ල දරාගන්න
බෑ කියා මියැදුනු ඈ දුරින්
සෙක්සි බනානා…
ඉතිං පුරවාං තව දුරගමන් යාන්නට සසර පුරාවට
සෙක්සි බනානා.. සෙක්සි බනානා..
සෙක්සි බනානා.. සෙක්සි බනානා..
සෙක්සි බනානා..

කිසි කමක් නෑ හිතං ඉන්න රට කාගෙවත් ගුරුවරු වූ..
තවත් අනුරාගෙට මිස සුව යාමයක් අමතක වූ..

ඉන්දා පතුලෙන් වින්දා පටුවෙන්
‍රැප දෙන්නම් කතුරෙන්
අරං ඉන්න අපුලෙන්
හොද වතුරෙන් හෝදා මූණ වතුරෙන්
ඇගෙ සුවහසක් සිතු මැනි බටපතුරෙන්
රටේ අරමුණ අරං ගියා සුදු වෑන්
තොල් පෙති හපාගත්තා ඇය ඇනි පෑන්
කිටි කිටි ගගා ඉද්දි දැම්මා සිත පැන්
අමුතුම කතා කීවා රැප මරු ඈ

ඈත දුර ලන්තෙන් එන පවන් මැද්දෙන්
රට යන්නෙ ග්‍රන්ථෙන් තියා උස අත්තෙන්
මුමුනන්නෙ මන්ද්‍රෙන් සතපලා වංශෙන්
රට යන්නෙ බ්‍රන්ථෙන් සෙක්සි බනානා.
ඉරහද පලා මට පේන දේවල් මූට
ඌට කාටත්ම පෙනීයන්
අනේ ඇති තරන් මුර කලත් මූව
මට මා ගැන දැනගන්න

උන්ගෙම කැලෙන් දර උන් ගියා කරෙන් කර
නවසීය ගණන් වල කතා කියා මලින් බර
ඇසි පිය වරින් වර ගසද්දිම වෙනස් විය
කලින් ගිය කතා වල රසා ලිප්ත ප්‍රශස්තිය
පතුරලා වහන්තරක් පරපුරක් දැහැන් කළා
නැති කලා වනන්තරක් මුසු කලා කතන්දරක්
පිටින් ඔක්කොම මතින් තොරයි ඇසින් බරයි
උදුම්බරා මනාලියත් උඩින් ගියා පුඩිං හොයං

ඇගක මස පිරෙයිද ඇදුමෙන් රුවක් වසයිද
කටුවෙ තුඩ වසයිද දැනෙන දේවල් වසයිද
වදනක් සුව දරයිද රදලෙක් රැප අහයිද
ඇවිත් දැං කට කියයිද රටම බෙටි කරයිද
සබද නිදිබරයිද හිතට නෙත බරයිද
ගසට මල බරයිද මලට පැණි බරයිද
කසල හරි බරයිද
අස්සන්නෙ නිරිදුමයිද
අස්සන්නෙ නිරිදුමයිද

ඉතින් අද නාමික ජනමතයාක් තුළින්
රට කර වානර නිදු නිධියෙන්ද
සෙක්සි බනානා.
කිරි මුහුදින් ගන්න අස්වැන්න
මේ රට බස්සන්න තා කවුද
එන්නෙ බනානා
ඉදහිට පෑවිල්ල දරාගන්න
බෑ කියා මියැදුනු ඈ දුරින්
සෙක්සි බනානා…
ඉතිං පුරවාං තව දුරගමන් යාන්නට සසර පුරාවට
සෙක්සි බනානා.. සෙක්සි බනානා..
සෙක්සි බනානා.. සෙක්සි බනානා..
සෙක්සි බනානා..

කිසි කමක් නෑ හිතං ඉන්න රට කාගෙවත් ගුරුවරු වූ..
තවත් අනුරාගෙට මිස සුව යාමයක් අමතක වූ..

ත්‍රි මාන | Thri Mana by Ramesses Reezy [2021]

ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන්
පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්

විකාර නම් ඇති , මං පෙන්නන්නම් ඇවිත් පැති
උඔ දැකලවත් නැති , උබට තේරුම්ගන්න බැරි
මගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටි
කරන්නට බැරි දෙයක් නැති , හෙව්වා වෙන පැති
මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමි
මතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති
කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි
උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි

වැඩි , ගොඩක් උනගේ නාඩගම්
නැති වෙලා සාරදම් ,
මනස විරල වෙලා ඉපදුනු දා පටන්
බනින් නෑ මං කාටවත්
තුවාල බැ පාරවන්
වැරදුනු පාරවල්
ඉගැන්නුවේ පාඩමක්
වෙනයි මගෙ කාචයන් , පිටවන රාවයන් !
හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන් ,
හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මං
දකින රකින මට විශ්වයත් ආගමක් ..!

ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන්
පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්

සමාජයෙන් හුදෙකලාවී
ඒ අත්දැකීමන් මා උඩට දමාවී
මනෝ භවනක මා දැහැන් වඩාවී
දෙගොඩ කම්පා කර මා ගලාවී
අබිප්‍රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී
මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී
බය නෑ වෙන්න තනි මන් දන්න උන් දනී
දැන් නැ රින ගතී මට මාව වටී
කලාවට ලැදී ගෙවෙන්නැ මෙ දැති
විලංගුවෙන් කැඩී කොහෙටත් නෑ බැදී
ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී
මා ගජකුම් බිදී කෙසරිදුන් වැනී
අනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී
මනින්න එපා කවරෙන් පොතේ හැටී

රාමු කඩා බිද පාට කලා හීන
පහු කර ගෙන යාවී කාල දින
මං මතු දාක අබිප්‍රායන් ඇත්ත කරන්නයි
ඇබ්බැහි තැන් වල තිබ්බෙ තිත
මම වෛරය ගනන් ගන්නැ ,
අහස කඩන් යන්නේ උඩටම ඉනිමගෙ
වෙනක්න් නිම
ආත්මාභිමානයකින් බලන් ඉන්නෙ
මගෙ පාට වෙන හීන බලන් හිද
මගේ පාරට වැටෙන් බාධක බිදිමින් ජීවිතෙ
අරුත දකිමින් ගමන් කරයි උඩට
විහදාගෙන අත්තටු පියබා යන උකුසකු වගෙයි
තරනය කරන්නෙ උඩු ගුවන
තම පාලනෙ තමන්ගේ අතට රැගෙන ගියොතින්
හරි ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරන
හරි මගේ ඉලක්කං, වචන වල ඇත හැගීම්
පිළිගනිම් සාදරෙන් මා ලොව තුළට

written by Ramesses Reezy

විමසාවි | Wimasavi by Sajeewa Dissanayake [2021]

පායා සඳ සේයා
සනහාලා කළා ආරාධනා
පීරා පෙම සීරා
නොඅසාවී ළඳේ මා කාරණා

නුඹෙ නෑඹුල් සිනා සඳ සේලෙන් වසා
තරු පාරෙන් එහා යමු ආලෙන් කියා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

හීනෙන් පවා දුටු කාලේ පුරා
නුඹගේ දෑස හා යා වුණා
ඈතින් බලා සැනසෙන්නම් කියා
සිතුවේ හීන හීනෙන් වූ නිසා
ආලෙන් බලා ඉමි මා නෙත් විදා
සායම් කෙරූ නුඹ ගාවින් නොයා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

මා නෙත් පියා පැතු ප්‍රේමංගනා
නුඹගේ ශ්‍රීය හා සැසඳුනා
ස්නේහෙන් එහා කඳුළෑලෙන් මෙහා
ගැයුනේ ප්‍රේම ගීතේ ප්‍රාර්ථනා

ආලෙන් අසා ඔය මායම් කතා
මා පෙම් කෙරූ නුඹ මාගෙයි කියා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

Jaffna Kings LPL 2021 Theme Song by Satheeshan, Hana Shafa ft. Krish

රන්වන් අකුරින් ක්‍රිකට් විමානේ
ජැෆ්නා කින්ග්ස් නම ලියවූවා
නම ලියවූවා

උතුරෙත් දකුණෙත් දැන් ජැෆ්නා
පිටියේ හදවත අපි දින්නා
කඩුලුත් උදුරන්
මායා පන්දුත් දග කැවුනා

ආයුබෝවන්න
ක්‍රිකට් තරු මෙන්න
යාල් දේවියෙන් බැහැලා පිටියට

ආයුබෝවන්න
ක්‍රිකට් තරු මෙන්න
යාල් දේවියෙන් බැහැලා
පිටියට

අඩිඩා මචා
ජැෆ්නා කින්ග්ස්
විකට් ගැලවෙන්න විකට්
දෙන්නේ පන්දුවෙන් ස්වින්ග්ස්
පියබන්නේ කොල්ලො විහිදලා වින්ග්ස්
එක පිට එක දිනද්දී අපි ඉනින්ග්ස්

ඒ මේකයි අපේ ආරේ
සැර දැනුනද අද දුන්නත් පාරේ
කප් එක උස්සද්දී මේ වාරේ
LPL තියේ අපේ බාරේ

Adidaa Macha
Adidaa Macha
Adidaa Macha

මං හින්දා ඔබෙ | Man Hinda Obe by Gunadasa Kapuge

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා…

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී…
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී…
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා…
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා…

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා…

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා…

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා…

මාරියාවේ | Mariawe by Gunadasa Kapuge

මාරියාවේ – මාරියාවේ

මාරියාවේ ඔහේ නවතින්නේ – සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ – වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි – සතුට සාම සොම්නස නොරැදේ
මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ – වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිනි – හද තුළ මෙළවී ඇවිලෙන්නේ
මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ – වළාලයට ඉඩ දී පලයන්නේ

සඳ වරුණාවට | Sanda Warunawata by Athula Adhikari

සඳ වරුණාවට තරු කැට ආකාසේ
මල් වරුණාවට පිනි වරුසා දිලිසේ
සඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ…

පිනි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
මල් වරුණාවට විතරයි අපි එන්නේ
මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ…

හඳ අහසේ හිනැහෙනවා මිදුල පුරා රැස් පිපෙනා
ඒ සුදු පාටලු කිරි පැණි හැම පැතිරේ
අපි මිදුලේ නටන වෙලේ පහන නිවා යන්න එපා
හඳ එළියක් හරි දෙන්නකෝ හඳ මාමේ…

මල් උදයේ හඳ නැතිලූ හඳ එන රෑ මල් නැතිලූ
ඇයි ඔය සේරම එක පාරට නැත්තේ
මල් පිපිලා උදේ හැඩයි හඳ පායා රැයේ රුවයි
එතකොට රෑ මෙන් උදෙත් ලස්සනයිනේ…

Jaya Sri Reggae Medley by Jaya Sri ft. News from Coke RED [2021]

You Are My Sunshine, my only sunshine
You make me happy when skies are gray
You’ll never know dear, how much I love you
Please don’t take my sunshine away

චාල්ස් ඩාවින්
කිව්වා බයිලා
ඔහෙලා අපෙන්
පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
වන සත්තු අපියි
නෑ විපත්ති කරලා

ඔහෙලගේ දිවි දික්කර ගන්නට
ගන්නවා අපේ දිවි අත්හදා බැලුමට
හිංසාවාදී දාන්නෙ බාල්දි
කවදා හරි ඔහෙලාට වදීවී

ඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු

මම මංකී හනුමන්තා
චිම්පංසිස් මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ